අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

නාසා ආයතනයේ අලුත්ම රොකට්ටුව : SLS Heavy-Lift Launch Vehicle


නාසා ආයතනය හා බෝයිං සමාගම ඒකාබද්ධව නිර්මාණය කෙරෙන අලුත්ම රොකට්ටුව වන්නේ හෙවි ලිෆ්ට් ලෝන්ච් වෙහිකල් නම් ටොන් 100කට වැඩි බරක් කක්ශය වෙත ගෙනයා හැකි දැවැන්ත රොකට්ටුවයි. ෂටල් යානා විශ්‍රාම ගැන්වීමෙන් පසු අභ්‍යවකාශ ගතකල හැකි තමන්ගේම රොකට්ටුවක් නොමැතිවීම නාසා ආයතනයට විශාල පාඩුවක් වුනා.

ස්පේස් එක්ස් (Space X) සමාගම නිර්මාණය කල ෆෝල්කන් රොකට්ටුව මගින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ ප්‍රවාහණය කිරීමේ හැකියාව ලැබීම නිසා රුසියානු සෝයුස් රොකට්ටු මත යැපීමට සිදුවීම අඩුවුවත් ලොව තාක්ශණික දැවැන්තයා වන අමෙරිකාවට තමන්ගේම කියා විශාල රොකට් පද්ධතියක් නොමැතිවීම එරට ජනතාවගේ මෙන්ම කොන්ග්‍රස් මණ්ඩලයේද දැඩි දෝෂදර්ශණයට බඳුන්වූවා.

මෙහි වගකීම ඔවුන් පැවරුවේ ජනාධිපති ඔබාමාගේ රජයටයි. ඔබාමා රජය එතෙක් නාසා ආයතනය ෂටල් යානා වෙනුවට නිර්මාණය කරමින් පැවති ඔරායන් රොකට් පද්ධතිය අවලංගු කිරීමෙන් අමෙරිකානු අභ්‍යවකාශ ගවේෂණවලට මෙන්ම ජාතික අභිමානයට පාඩුවක් සිදුකල බවට ඔවුන් චෝදනා කලා. මෙම තාක්ශණික හිදැස මකාගැනීමේ අරමුණින් දැන් නාසා ආයතනය බෝයිං සමාගම හා එක්ව දැවැන්ත රොකට්ටුවක් නිර්මාණය කරමින් පවතිනවා. මේ සඳහා විශ්‍රාම ගැන්වූ ශටල් පද්ධතිය වෙනුවෙන් නිර්මාණය කල රොකට් තාක්ශණය හා අවලංගු කල ඔරායන් රොකට් ව්‍යාපෘතිය වෙනුවෙන් නිර්මාණය කල තාක්ශණය භාවිතා වනවා.


මෙම හෙවි ලිෆ්ට් රොකට් පද්ධතිය රොකට්ටු දෙකකින් සමන්විත වනවා. එකක් වන්නේ මෙට්‍රික් ටොන් 70ක් උඩු ගුවනට ගෙනයා හැකි SLS-70 රොකට්ටුවයි. අඩි 321 උසැති මෙම රොකට්ටුව නිල් ආම්ස්ට්‍රෝං සඳවෙත ගෙන ගිය සුප්‍රකට සැටර්න් 5 රොකට්ටුවට වඩා 10% ජවයක් උත්පාදනය කල හැකි ලෙස නිර්මාණය වෙනවා. මෙම රොකට්ටුවේ ප්‍රථම අදියර සඳහා අමතර ජවයක් ලබාදීමට එකල ශටල් යානා ගුවන්ගත කිරීමේදී භාවිතාකල ඝණ ඉන්ධන බූස්ටර් රොකට්ටු දෙකක් (Solid-fuel Rocket Booster) භාවිතාවනවා. 2017 වසරේදී මෙම රොකට්ටුවේ ප්‍රථම පියාසැරිය සිදුවන අතර 2021 වනවිට මෙම රොකට්ටුවේ රඳවා ගගනගාමීන් 4ක් ගෙනයා හැකි  අභ්‍යවකාශ යානයක්ද නිර්මාණය වෙමින් තිබෙනවා.
























මෙම රොකට් ව්‍යාපෘතියේ දෙවන අදියර වන්නේ මෙට්‍රික් ටොන් 130 උඩුගුවනට ගෙනයා හැකි අති දැවැන්ත SLS 130 රොකට්ටුවයි. අඩි 384ක් උසැති මෙම සුවිශාල රොකට්ටුව මිනිසා විසින් නිර්මාණය කරනලද විශාලතම රොකට්ටුව වනවා.












Comments

  1. මේ රොකට්වල ඉන්ධන ක්‍රමය ගැන තව විස්තර ටිකක් කියන්න පුලුවන්ද?

    ReplyDelete

Post a Comment