අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

Sikorsky S-97 Raider : අමෙරිකානු හමුදාවලට නිමැවෙන නවතම අධිවේගී ප්‍රහාරක හෙලිකොප්ටරය.


Sikorsky S-97 Raider අමෙරිකාවේ සිකෝර්ස්කි හෙලිකොප්ටර් සමාගම නිර්මාණය කරමින් පවතින අධිවේගී හෙලිකොප්ටරයකි. ඔත්තුබැලීමේ හා පහරදීමේ හෙලිකොප්ටරයක් (Scout & Attack Helicopter) ලෙස මෙය අමෙරිකානු හමුදා වෙනුවෙන් නිර්මාණය කෙරේ.

සංයුක්ත හෙලිකොප්ටර් (compound helicopter) ගණයට අයත්වන මෙහි පසුපස අවරපෙත්තෙ pusher propeller ආකාරයට නිර්මාණය කොට ඇත. යානයේ ඇති ප්‍රධාන අවරපෙති දෙක මගින් එහි ස්ථාවරභාවය රඳවා ගන්න අතර පිටුපස අවරපෙත්ත යානය ඉදිරියට පියාසර කිරීමට අවශ්‍ය ජවය ලබාදේ.


2015 මැයි 22දා සිය මංගල පියාසැරිය සිදුකල රෙයිඩර් යානය දැනට පරික්ශණ මට්ටමේ පවතින යානයකි. මෙම යානයේ පරීක්ශණ කටයුතු අවසන් කිරීමට ඩොලර් මිලියන 200ක් ඇස්තමේන්තුකොට ඇති අතර එක් හෙලිකොප්ටරයක මිල ඩොලර් මිලියන 15ක් වනු ඇත.

මෙම යානයේ ආධාරයෙන් නිර්මාණය කෙරෙන නව තාක්ශණය ආධාරයෙන් දැනට අමෙරිකානු හමුදා භාවිතා කරන බ්ලැක්-හෝක් ප්‍රවාහන හෙලිකොප්ටර් යානයට හා ඇපෑචී ප්‍රහාරක හෙලිකොප්ටර් යානයට අධිතාක්ශණික ආදේශක යානයක් නිර්මාණය කරගැනීමට බලාපොරොත්තුවේ. අනාගතයේදී අමෙරිකානු හමුදා භාවිතා කරන සියලුම හෙලිකොප්ටර් යානා වෙනුවට නව තාක්ශණයේ යානා නිර්මාණය කරගැනීම සඳහා අමෙරිකානු ආරක්ශක දෙපාර්ථමේන්තුව "Future Vertical Lift (FVL) programme" යනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භකොට ඇති අතර එහි අයවැය ඇස්තමේන්තුව ඩොලර් බිලියන 100ක් ලෙස දැක්වේ. රෙයිඩර් යානයෙන් නිර්මාණය කෙරෙන තාක්ශණය ආදාරයෙන් මෙම නව අධිවේගී හෙලිකොප්ටර් යානා නිමැවෙනු අත.

සන්නද්ධ භටයින් 6දෙනෙකු ගෙනයමින් හා නියමුවන් දෙදෙනෙකු පියාසර කරවන Sikorsky S-97 Raider යානය නවීන තාක්ශණය යොදාගෙන ඇති අතර සාම්ප්‍රදායික හෙලිකොප්ටර්වල ඇති දැඩි දෙදරුම්කෑම අවමකරගැනීම සඳහා anti-vibration actuator තාක්ශණය යොදාගනු ඇත. නියමුවන් දෙදෙනෙකුට නියමු කුටියේ ඉඩ ඇතත් එක් නියමුවෙකුට වුවද පහසුවෙන් පියාසරකල හැකි මෙම යානයට නියමුවන් රහිතව වුවද පියාසරකල හැකි පරිද්දෙන් අති නවීන ඔටෝ-පයිලට් තාක්ශණය යොදාගැනීමටද සැළසුම් කොට ඇත.

පැයට කිලෝමීටර් 400ක්, එනම් සාමාන්‍ය හෙලිකොප්ටර් යානාවල වේගය මෙන් දෙගුණයක වේගයෙන් පියාසරකල හැකි මෙයට ටොන් භාගයක බරක් (pay-load) රැගෙන කිලෝමීටර් 350ක දුරක් පියාසරකල හැකි අතර පොලවට කිලෝමීටර් 3ක් ඉහල අහසේ පියාසර කල හැකිය.

0.50 Caliber මැශින් තුවක්කුව මෙහි ප්‍රධාන ආයුධය වන අතර ඊට අමතරව රොකට් හෝ මිසයිල 7ක්ද ගෙනයා හැකිය.






Comments