Top 5 Web Apps : හොඳම ඔන්ලයින් වෙබ් ඇප්ස් 5


1] OFFICE PRODUCTIVITY - Google Docs

ගූගල් ඩොක්ස්, මයික්‍රෝසොෆ්ට් ඔෆිස් මෘදුකාංගය වෙනුවට භාවිතා කල හැකි, ඉතා හොඳින් ක්‍රියාත්මක වන වෙබ් ඇප්ස් පැකේජයකි. මෙහි "ඩොක්ස්" වර්ඩ් ප්‍රොසෙසරය, "ෂීට්ස්" ස්ප්‍රෙඩ්ෂීට් වෙබ් ඇප් එක, "ස්ලයිඩ්ස්" ප්‍රසන්ටේෂන් නිර්මාණ වෙබ් ඇප් එක අඩංගුය. මෙහි නිර්මණය කෙරෙන ලියකියවිලි මයික්‍රෝසොෆ්ට් DOCX, PPTX හා XLXS වැනි ජනප්‍රිය ආකෘතිවලින් සේව් කරගත හැකි අතර ඒවා කිසිදු අපහසුවකින් තොරව මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2007, 2010 හා 2013 සංස්කරණවල විවෘතකිරීම් හා සංස්කරණය කිරීම් (edit) සිදුකල හැකිය.

ලිපිගොනු සේව් (save) කිරීමේදී ඒවා ස්වයංක්‍රීයවම ගූගල් ඩ්‍රයිව් තුල හෝ අවශ්‍යනම් ඔබගේ පරිගණකයේ සිදුකල හැකිය.

අත්හදා බැලීම සඳහා : https://docs.google.com



2] IMAGE EDITING - Pixlr Editor & Pixlr Express (Google)

පික්ස්ලර්; ගූගල් සමාගමෙන් නොමිලේ වෙබ් ඇප් ලෙස එන මෘදුකාංග දෙකකි. එකක් පික්ස්ලර් එඩිටර් (Pxlr Editor) ලෙස හැඳින්වෙන අතර අනෙක් ඇප් එක පික්ස්ලර් එක්ස්ප්‍රස් (Pxlr Express) හැඳින්වේ.


Pixlr Editor

ෆොටෝෂොප් වැනි සංකීර්ණ ඡායාරූප සංස්කරණ මෘදුකාංගවල ඇති පහසුකම් බොහොමයක් ඇති පික්ස්ලර් එඩිටර් ක්‍රියාත්මක වන්නේ ඔබගේ පරිගණකයේ ඇති ඡායාරූපයක් තොරාදීමෙනි. ඔබ තෝරාදුන් ඡායාරූපය තත්පර කිහිපයකදී (ඡායාරූපයේ විශාලත්වය හා අන්තර්ජාල සබඳතාවයේ වේගවත්බව රඳා පවතී) පික්ස්ලර් සර්වරය වෙත යැවෙන අතර සියලු සංස්කරණ කටයුතු සර්වරය තුලදී සිදුවේ. සංස්කරණයෙන් පසු ඔබට අවශ්‍ය විබේධනයෙන් ඡායාරූපය පරිගණකයේ සේව් කරගත හැකිය.

Pixlr Express

ඉක්මණින් සරල ඡායාරූප සංකරණ කටයුතු කරගැනීමටත්, creative filter ආධාරයෙන් ඡායාරූප කළාත්මකව වෙනස් කරගැනීමටත් හැකි වේගවත් වෙබ් ඇප් එකකි. ඉතා විශාල ක්‍රියේටිව් ෆිල්ටර් ප්‍රමාණයක් ඇති බැවින් විවිධ අත්හදාබැලීම් රාශියක් සිදුකොට කැමති සංස්කරණය තෝරාගත හැකිය.



අත්හදා බැලීම සඳහා : https://pixlr.com/

3] PHOTO STORAGE & SHARING - Flickr

ඔන්ලයින් ඡායාරූප ගබඩාකරණය සඳහා විශාල සේවාවන් ප්‍රමාණයක් තිබේ. ගූගල් පිකාසා-වෙබ්, ඩ්‍රොප්බොක්ස් වැනි සේවා නොමිලයේ සැපයේ.

එහෙත් දැනට ඡායාරූපකරණ ලෝකයේ වෘත්තිය මට්ටමේ ඡායාරූප ශිල්පීන් දසදහස් ගණනක් මෙන්ම මිලියන ගණනක් ආධුනික ඡායාරූපශිල්පීන් භාවිතා කරන, ලොව ජනප්‍රියම  සේවාව වන්නේ යාහූ සමාගමට අනුබද්ධ ෆ්ලිකර් ෆොටෝ සේවාවයි. ටෙරා-බ්යිට් එකක ඡායාරූප ගබඩාවක් සෑම ලියාපදිංචි වන්නෙකුටම නොමිලයේ සැපයෙන අතර ඉතා වේගවත්ව ක්‍රියාත්මක වේ.


ඡායාරූප සවිධානය කරගැනීම සඳහා ෆොටෝ ඇල්බම් පහසුකම, ඔබගේ ඡායාරූප අන්‍යයන් සිදුකරන සෙවුම් වලදී හසුවීම සඳහා ටැග්ස් එකතු කිරීමේ හැකියාව, ඡායාරූපයක් එය ගන්නාලද ස්ථානය හා බද්ධ කිරීමට ජියෝ-ටැග් පහසුකම, වෙනත් ඡායාරුප ශිල්පීන් හා සම්බන්ධවීමේ හැකියාව හා ඔවුන්ගේ ඡායාරූප නැරඹීමේ හැකියාව, විවිධ කැමරා මාදිලි හා සන්නාම වලින් ගන්නා ලද ඡායාරූප සොයාගැනීම සඳහ කැමරා සෙවුම් (camera search) පහසුකමද ඇතුලත්ය. නව කැමරාවක් මිළදීගන්නට පෙර එම  කැමරා මාදිලිය මගින් වෙනත් අය ගන්නාලද ඡායාරූප පිරික්සා කැමරාවේ picture quality තත්වය අවබෝධ කරගැනීමට මෙම කැමරා සර්ච් පහසුකම මහෝපකාරීවේ.

එමෙන්ම පෞද්ගලික ඡායාරූප තමන්ට පමණක් දිස්වන, තම හිතවතුන්ට පමණක් දිස්වන, නැතහොත් ඕනෑම අයෙකුට දිස්වන ආකාරයට සෑම ඡායාරූපයකටම privacy settings සකස් කිරීමට හැකිවීමෙන් තම පෞද්ගලික ඡායාරූප ආරක්ශාකර ගත හැකිය.

ඡායාරූපකරණය විනෝදාංශයක් ලෙස සිදුකරන මා, මාගේ සියලුම ඡායාරූප ෆ්ලිකර් සේවාවේ ගොණුකොට ඇති අතර දැනට ඡායාරූප 1084ක් ෆ්ලිකර් සේවාවට ඇතුලුකොට ඇත. මාගේ flickr ඡායාරූප ඇල්බම නැරඹීම සඳහා මෙතනින් පිවිසෙන්න: https://www.flickr.com/photos/129465196@N06/albums

අත්හදා බැලීම සඳහා : http://flickr.com/

4] FILE STORAGE - Google Drive & Dropbox

ඩ්‍රොප් බොක්ස් හා ගූගල් ඩ්‍රයිව් යන දෙකම ඉතා හොඳ  සේවා දෙකකි. මේ වෙබ් ඇප්ස් දෙකෙහිම ක්‍රියාකාරිත්වය එකහා සමානය. ඒවා ස්ථාපනය කලවිට ඔබගේ පරිගණකයේ Dropbox හෝ Google Drive යනුවෙන් ෆෝල්ඩරයක් නිර්මාණය වන අතර සාමාන්‍ය ෆෝල්ඩරයක් මෙන් ඔබට අවශ්‍ය ගොනු එහි තැම්පත් කල හැකිය. ඔබ් අන්තර්ජාලයට සම්බන්ධවූ සැනින් මෙම සේවා දෙකම එම ෆෝල්ඩරයේ ඇති ගොනු අන්තර්ජාලයේ ඔබගේ ගිනුමට upload කරනු ලැබේ.

එවිට ඔබ ලෝකයේ කොහේ සිටියත් බ්‍රවුසරයක් හරහා ඔබගේ ඩ්‍රොප්බොක්ස් හෝ ගූගල් ඩ්‍රයිව් ගිණුමට ඇතුලත්වී ඔබට අවශ්‍ය ගොනු බාගත හැක. ඔබ ඕනෑම තැනක සිට කරන ගොනු, ඔබගේ නිවසේ ඇති පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධවූ සැනින් එයට බාගතවී යාවත්කාලීන වේ.

මේ සේවා දෙකෙහිම ඇති වැදගත්ම අංගය නම් එකම ගිණුමකින් පරිගණක කිහිපයක ෆෝල්ඩර් තනාගෙන ඒවා synchronize කිරීමේ හැකියාවයි.

උදාහරණයක් ලෙස මාගේ කාර්යාලීය පරිගණකයේ හා නිවසේ ඇති පරිගණක දෙකෙහිම ඩ්‍රොප්බොක්ස් හා ගූගල් ඩ්‍රයිව් ස්ථාපනය කොට ඇත. මා කාර්යාලයේදී මාගේ විශ්වවිද්‍යාල දේශණ සඳහා සකස්කරන පවර්පොයින්ට් ගොනුවක් ඩ්‍රොප්බොක්ස් හෝ ගූගල් ඩ්‍රයිව් ෆෝල්ඩරයට save කලවිට, නිවසට ගොස් නිවසේ පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධකල වහා එම ගොනුව නිවසේ පරිගණකයට ඩවුන්ලෝඩ්වේ. නිවසේදී එහි යම් වෙනස්කම් සිදුකලවිට එම වෙනස්කම් යාවත්කාලීන වන අතර පසුදා කාර්යාලයට ගොස් පරිගණකය ක්‍රියාත්මක කල වහාම නිවසේදී සිදුකරනලද වෙනස්කම් සහිතව එම පවර්පොයින්ට් ගොනුව යාවත්කාලීනවේ.

මේ නිසා පෙන්ඩ්‍රයිව් එහාට මෙහාට ගෙනයාම, වෛරස් කරදර, හිටිහැටියේ පෙන්ඩ්‍රයිව් අක්‍රියවීමෙන් වැදගත් ගොනු නැතිවීම, නිවසේ ඕ කාර්යාලයේ පරිගණකයේ හාඩ් ඩිස්කයේ ඇති ගැටලුවක් හෝ වෛරස් ප්‍රහාරයක් නිසා අකර්මන්‍යවීමෙන් සියලු වැදගත් ගොනු අහිමිවීම වැනි ගැටලුවලින් මිදීමට මට හැකියාව ලැබී ඇති අතර මා භාවිතා කරන සියලුම පරිගණකවක මාහට වැදගත සියලුම ගොනු යාවත්කාලීනවී තිබීමෙන් වැඩකටයුතු වලට ඉතා පහසුවක් වී ඇත.

ඩ්‍රොප්බොක්ස් ගිගාබයිට 2ක ධාරිතාවයක් නොමිලයේ දෙන අතර ගූගල් ඩ්‍රයිව් ගිගාබයිට් 15ක ධාරිතාවයක් ලබාදේ.


අත්හදා බැලීම සඳහා : drive.google.com      /   https://www.dropbox.com/


5] FILE CONVERTER - Zamzar


ෆයිල් කන්වර්ටර් මෘදුකාංග විශාල ප්‍රමාණයක් ඇතත් සැම්සාර් (Zamzar) සේවාව අතිවිශාල ෆෝමැට් ප්‍රමාණයක පරිවර්තන සිදුකිරීමේ හැකියාව ඇති ඔන්ලයින් ෆයිල් කන්වර්ටරයකි. දැනට ඇති දත්ත අනුව විවිධ ෆයිල් ෆෝමැට් 1000ක් පමණ පරිවර්තනය කිරීමේ හැකියාව සැම්සාර් සතුව පවතී. තවත් එක් වැදගත් පහසුකමක් නම් සැම්සාර් සේවය ලබාගැනීම සඳහා ලියාපදිංචිවීම අනිවාර්ය නොවීමයි. කැමති අයවලුන්ට ලියාපදිංචි විය හැකි අතර අන් අයට තම ඊමේල් ලිපිනය ලබාදීම සෑහේ.

ඔබට අවශ්‍ය ගොනුව තෝරාගෙන, එය පරිවර්තනය කල යුතු ෆෝමැට් එක සැම්සාර් මෙනුවෙන් තෝරාගත් පසු ඔබගේ ගොනුව සැම්සාර් සර්වරයට අප්ලෝඩ් වේ. පරිවර්තනයෙන් පසු ඔබට එම පරිවර්තනය කරන ලද ගොනුව බාගත කල හැකි ලින්ක් එකක් ඔබගේ ඊමේල් ලිපිනයට එවයි. එමගින් ඔබට පරිවර්තනය කරන ලද ගොනුව බාගත හැකිය.

මෙහි ඇති එකම අවාසිය විශාල (වීඩියෝ ෆයිල් වැනි) අධිවේගි මෙන්ම ඉතා ස්ථාවර අන්තර්ජාල සබඳතාවයක් අවශ්‍ය වීමයි. කෙසේවෙතත් නොමිලේ ලැබෙන සේවාවේ අප්ලෝඩ් ෆයිල් එකක උපරිම විශාලත්වය මෙගාබයිට 100කර සීමාකොට ඇත.සාමාන‍යයෙන් බොහෝ දෙනාට අවශ්‍ය කරන docx to pdf, pdf to docx, pdf to txt, wma to mp3  වැනි පරිවර්තන ඉතා පහසුවෙන් මෙන්ම ඉතා නිවැරදිව සිදුකරදීමට සැම්සාර් සේවයට හැකියාව ඇත.

Comments