අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි උද්භිද උද්‍යානයේ රවුමක් යමු!

සිඩ්නි උද්භිද උද්‍යානයේ ප්‍රධාන පිවිසුම (ආර්ට් ගැළරි මාවතෙන්)
1816දී විවෘතකරන ලද සිඩ්නි නුවර රාජකීර උද්භිද උද්‍යානය, ඔස්ට්‍රේලියාවේ පලමුවන විද්‍යාත්මක කටයුතු පිලිබඳව ස්ථාපනයවූ ආයතනය ලෙස සැළකෙනවා. සිඩ්නි වරාය අසබඩ මනරම් භූමියක පිහිටා ඇති මෙහි වරාය කෙළවර සුප්‍රකට සිඩ්නි ඔපෙරා ශාලාව පිහිටා තිබෙනවා.

උද්භිද උද්‍යානයට යාබදව "ද ඩොමේන්" ලෙස හැඳින්වෙන, හෙක්ටාර 34ක පොදු අවකාශ (public space) ප්‍රදේශයක් වන අතර එයද සිඩ්නි උද්භිද උද්‍යාන භාරය විසින් පාළණය කරණවා. සිඩ්නි වරායට, ඩොමේන් පොදු අවකාශ ප්‍රදේශයට, ඔපෙරා ශාලාවට හා සිඩ්නි නුවර ප්‍රධාන ව්‍යාපාරික ප්‍රදේශයට (Central Business District) යාබදව පවතින නිසාත්, ඇතුලුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ නිසාත්, සිඩ්නි රාජකීය උද්භිද උද්‍යානය, සිඩ්නි නුවර ඉතාමත් ජනප්‍රිය ස්ථානයක් වෙලා තියෙනවා. හෙක්ටාර් 30ක් (අක්කර 74ක්) පුරා පැතිරී ඇති මෙම උද්භිද උද්‍යානය වසර පුරාම විවෘතව පවතිනවා.


සිඩ්නි උද්භිද උද්‍යානය ප්‍රධාන වශයෙන් උද්‍යාන අවකාශ 4කට බෙදා තිබෙනවා. [1] ලෝවර් ගාඩන්ස් (Lower gardens) [2] මිඩ්ල් ගාඩන්ස් (Middle gardens) [3] පැලස් ගාඩන්ස් (Palace gardens) [4] බෙනෙලොන්ග් ප්‍රදේශය (Bennelong precinct) ලෙස මෙම අවකාශ නම්කරලා තියෙනවා.


උද්භිද උද්‍යානයට සිඩ්නි පාළම හා ඔපෙරා ශාලාව පෙනෙන ආකාරය


ලෝවර් ගාඩන්ස් (Lower gardens)







දකුණු අප්‍රිකාවට ආවේණික ක්ලිවියාස් (Clivia)



විවිධ වර්ගවල ඩැෆඩිල් මල් (Daffodils)





දකුණු අමෙරිකාවට ආවේණික Angel's Trumpet (Brugmansia) 


ලැවැන්ඩර් මල්


ඔස්ට්‍රේලියාවට ආවේණික බෝආබ් ගස හෙවත් බෝතල් ගස


සුන්දර පොපි මල්





රෝස උයන








උයනේ සුන්දරත්වය විඳින සිඩ්නි නුවර දරුවන්




වසන්තය




සකුරා මල්


- ඝර්මකලාප පිරමිඩය - 
මෙම පිරමිඩය හා ආසන්න වීදුරු හරිතාගාර තුල ඝර්මකලාපීය කාළගුණයක් නිර්මාණය කොට ඇති අතර ලොව පුරා ඝර්මකලාපයට ආවේණික ශාක රෝපණයකොට තිබේ.





Comments

Post a Comment