2017දී ඔබ වෙත එන සුපිරි චිත්‍රපට | Best Movies for 2017

Resident Evil: The Final Chapter - January 27

2017දී ඔබ හමුවට එන පලමු සුපිරි චිත්‍රපටය වන්නේ  රෙසිඩන්ට් ඊවිල් කතාමාලාවේ අවසන් කථාංගය වන "Resident Evil: The Final Chapter" චිත්‍රපටයයි. වසර 10ක් පුරා ඩොලර් බිලියනයක ආදායම් උපයා ඇති රෙසිඩන්ට් ඊවිල් කථාමාලාවේ කතානායිකාව හා විරවරිය වන්නේ ඇලිස් ගේ චරිතයට පණපොවන මිලා ජොවොවික්ය.


අම්බ්‍රෙල්ලා කෝපරේෂන් නම් අධිතාක්ෂණික ජෛව-පර්යේෂණ සමාගමක් මගින් නිර්මාණය කල ටී-වෛරස් නම් වෛරසය ලොව පුරා පැතිරයාම නිසා බිලියන ගණනක් ජනයා ජාන විකෘතිභාවයට පත්ව සොම්බී හෙවත් ඇවිදින මළමිනී තත්වයට පත්වී මියයයි. ඇලිස් ගේ මුල් නම ජේනුස් ප්‍රොස්පේරෝ වන අතර ඇය අමෙරිකානු රහස් ඔත්තු සේවාවක සාමාජිකාවකි. ඇලිස් යන නමින් අම්බ්‍රෙල්ලා සමාගමේ ආරක්ෂක අංශයට ඇය බැඳෙන්නේ අම්බ්‍රෙල්ලා සමාගමේ නීති විරෝධී ජෛව අවි නිර්මාණයන් පිලිබඳව හෙලි කර ගැනීමටයි. ටී-වෛරස් සොම්බී වෛරසයද මෙලෙස නිර්මාණය කල ජෛව අවියක් වන අතර එය නිදහස්වී යාමෙන් ලොව මනුශ්‍ය වර්ගයා විනාශවී යයි.

The Great Wall - February 17


2017 පෙබරවාරි මාසයේ ඔබවෙත එන ග්‍රේට් වෝල් චිත්‍රපටයේ සුප්‍රකට හොලිවුඩ් නළු මැට් ඩේමන් (ජේසන් බෝර්න්) රඟන අතර අනෙකුත් බොහෝ නළුනිළියන් චීනයේ ඉතා ජනප්‍රිය සිනමා තරුවේ. චීන අමෙරිකානු සම නිෂ්පාදනයක් වන මෙය චීන සිනමා අධ්‍යක්ෂක Zhang Yimou අධ්‍යක්ෂණය කොට ඇත. වසර 1000කට පෙර අතීතයේ දිග හැරෙන මෙම කතාවස්තුවේ චීන මහා ප්‍රාකාරය ගොඩ නැගීමට හේතුවන සැබෑ හේතුව ලෙස දැක්වෙන චීන පුරාවෘත්තයක් වටා ගෙතෙන ප්‍රබන්ධයකි. චීන මහා ප්‍රාකාරය ගොඩ නැගුවේ වසර 60කට වරක් චීනය ආක්‍රමණය කරන "ටාඕටී" ලෙස හැඳින්වෙන විශාල අමනුෂ්‍ය ගෝත්‍රයකින් චීන දේශය ආරක්ෂාකර ගැනීමට බව මෙම ප්‍රබන්ධයේ පැවසේ.  චිත්‍රපටයේ ආකාරයට මැට් ඩේමන්ගේ චරිතය මෙම ප්‍රබන්ධයට එක්වන්නේ වෙළෙන්දන් ලෙස චීන දේශයේ වෙළඳාමේ නියුතුවන අතරතුරයි.

Kong: Skull Island - March 10


මාවෙල් - ඇවෙන්ජර්ස් කථාමාලාවේ "ලෝකී" චරිතයට පණපොවා ජනාදරයට පත් බ්‍රිතාන්‍ය ජාතික නළු ටොම් හිඩ්ල්ස්ටන් ප්‍රධාන චරිතයට පණපොවන කොන්ග්: ස්කල් අයිලන්ඩ් 1970ගණන්වල මුල්භාගයේ සිදුවූ ප්‍රබන්ධමය සිදුවීමක් වටා ගෙතී ඇත. පැසිෆික් සාගරයේ කුඩා දිවයිනක් විද්‍යාත්මක ගවේෂණයක් සඳහා පැමිණෙන පිරිසකට මුණ ගැසෙන දැවැන්ත වානරයෙකු හා එම දූපතේ ජීවත්වෙන තවත් එවැනිම දැවැන්ත සතුන් වටා මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත.

The Fate of the Furious - April 14



















ෆේට් ඔෆ් ද ෆියුරියස්, ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් කථාමාලාවේ 8වැනි දිගහැරුමයි. පෝල් වෝකර්ගේ අකල් මරණයෙන් පසු අඩපණව තිබූ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් මාළාව නැවත පණගැන්වීමට යුනිවර්සල් චිත්‍රාගාරය සමත්වී ඇති අතර වින් ඩීසල් හා ඩ්වේයින් ජොන්සන් මෙහි ප්‍රධාන චරිතවලට පණපොවයි.

Guardians of the Galaxy Vol. 2 - May 5


මැයි මාසයේ ඔබවෙත එන්නේ මාවෙල් චිත්‍රාගාරයේ තවත් සාර්ථක නිමැවුමක් වන ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපට මාලාවේ දෙවන කථාවයි. කථානායක හා ප්‍රධාන චරිතය වන පීටර් ක්විල් හා ඔහුගේ පිටසක්වල නඩය, අපගේ චක්‍රවාටය තවත් කළබැගෑණියකින් බේරා ගැනීමට දරණ, හාස්‍ය රසය මුසු, වික්‍රමාණ්විත ක්‍රියාවලිය මෙම චිත්‍රපටයෙන්ද පිලිඹිඹුවේ.

ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි කථාවේ ජනප්‍රියම චරිත දෙක වන්නේ ජාන-ඉන්ජිනේරුකරණයෙන් බුද්ධිමත්-ජීවියෙකු බවට පත්කරන ලද කලවැද්දෙකු (raccoon) වන රොකට් නම් චරිතයයි. නිතරම කේන්තියෙන් පසුවන ඔහු ඕනෑම මොහොතක සන්නාහ සන්නද්ධව සටනට සූදානම්ව සිටී. අනෙක් ජනප්‍රිය චරිතය වන්නේ ගෲට් ලෙස හැඳින්වෙන මානවරූපී-ශාඛයක් වන් සත්වයයායි. ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි චිත්‍රපටයේ මුල් දිගහැරුමේ අවසානයේ ගෲට් සිය සගයන් බේරාගැනීමට යද්දී විනාශවන නමුත් ඔහුගේ අංකුරයක් බේරාගෙන පෝච්චියක දමා නැවත වවා ගැනීමට රොකට් සමත්වන අතර දැන් මොහු බේබි ගෲට් (ගෲට් පැටවා) චරිතයට පණපොවයි.

Alien: Covenant - May 19


රිඩ්ලි ස්කොට් නිර්මාණය කල ඒලියන් විද්‍යා ප්‍රභන්ධ කථාමාලාවේ අතුරු දිගුවක් වන ඒලියන්: කොවෙනන්ට් චිත්‍රපටය ප්‍රොමීතියස් චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස එලිදැක්වේ. පෘථිවි මානවයාගේ පිටසක්වල නිර්මාපකයින් සොයා යන ගමණ ප්‍රොමීතියස් චිත්‍රපටයෙන් දිගහැරුණු අතර මෙම චිත්‍රපටය මගින් ප්‍රොමීතියස් චිත්‍රපටයෙන් මතුකල ගැටලු වලට පිලිතුරු ලැබෙනු ඇතැයි අධ්‍යක්ෂක රිඩ්ලි ස්කොට් පවසයි. සැබැවින්ම පෘථිවිය මත මානවයා බිහිකලේ "ඉන්ජිනියර්ස්" ලෙස හැඳින්වෙන මෙම අති-පෞරාණික ජීවීන් විසින්ද? ඔවුන් ඒලියන් චිත්‍රපට වල පිලිඹිබු වූ සෙනෝමෝර්ෆ් නම් කුරිරු සතුන් බිහිකලේ ඇයිද යන්න වැනි ගැටලු වලට පිලිතුරු ලැබෙනු ඇතැයි පැවසේ.

World War Z 2 - June 9

















බ්‍රැඩ් පිට් ප්‍රධාන චරිතයට පණපෙවූ වර්ඩ් වෝ Z චිත්‍රපටය බොහෝසෙයින් ජනප්‍රිය වූ අතර මෙහි දෙවන දිගහැරුම  2017 ජූනියේදී එලිදැක්වේ. එහි තොරතුරු තවමත් හෙලිවී නැත.

2017දී ඔබ හමුවට පැමිණෙන අනෙකුත් චිත්‍රපට
  • Despicable Me 3 - June 30
  • Spider-Man: Homecoming - July 7
  • War for the Planet of the Apes - July 14
  • Dunkirk - July 19
  • Blade Runner 2049 - October 6
  • Thor: Ragnarok - November 3
  • Star Wars: Episode VIII - December 15





__________________________________________________________________________ Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments