අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

2017 Sony World Photography Awards - අවසන් වටයට තේරුණු ඡායාරූප කිහිපයක්








World Photography Organisationආයතනය මගින් වාර්ශිකව සංවිධානය කරන World Photography Awards ලෝක ඡායාරූප සම්මාන උලෙල දසවෙනි වතාවත් සෝනි සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වේ. මෙම ඡායාරූප උලෙල තුල කාණ්ඩ සතරකින් ඡායාරූප ඉදිරිපත් කල හැකිය. [1] වෘත්තීයමය, [2] විවෘත [3] තරුණ හා [4] ශිෂ්‍ය යන කාණ්ඩ වලින් තමන්ට ගැලපෙන කාණ්ඩයෙන් ඡායාරූප ඉදිරිපත් කල හැකි අතර 2017 ජනවාරියේදී විනිෂ්චයන් සිදුවනු ඇත. මෙම තරඟවල ජයග්‍රාහී හා සම්මාන ලාභී ඡායාරූප ලන්ඩනයේ සුප්‍රකට සමර්සෙට් මන්දිරයේදී සිදුවනු ඇති.

අල පෙති බුදින ගොත් ජෝඩුවක් - පීටර් ඩෙන්ච්

ගොත් යනු 1980 ගණන්වලදී බ්‍රිතාන්‍යයේ ආරම්භවූ බවට සැළකෙන පන්ක්-රොක් සංගීතය හා සබැඳුනු උප සංස්කෘතියකි. වික්ටෝරියානු හෝ ඊටත් පැරණි මධ්‍යතන යුගයේ ආකාරයට තද කලු ඇඳුම් ආයිත්තම් හා ආභරණ පළඳින මොවුන් රොක් සංගීතයට ඇලුම් කරන අතර, විකෘති ලිංගික ක්‍රියාවල යෙදෙන කණ්ඩායමක් ලෙසද හඳුනාගෙන තිබේ. ගොත් ජීවන රටාවේ නියැලෙන තරුණ -තරුණියන් අතර මත්ද්‍රව්‍ය භාවිතය හා මත්පැන් භාවිතය ඉහලය. එක් අන්තර්ජාල මූලාශ්‍රයකට අනුව තරුණ ගොත් සාමාජිකයින් අතර LSD මත්ද්‍රව්‍ය භාවිතය ඉතා ඉහලය.



කඳුකර ගොපල්ලා - ගුටෙස්කු එඩුවාර්ඩ්

ඩෑන් නැමති මේ කඳුකර ගොපල්ලා රුමේනියාවේ දුෂ්කර කඳුවැටියක් වන කාර්පේතියන් කඳුවැටියේ බැටලුවන් රැකීමේ නිරතව සිටී. ජීවිතයම බැටලුවන් සමග ගෙවා ඇති මොහු වියැකී යන ජීවන රටාවක අවසන් පුරුකකි.



වියලී ගිය ලාවා ගඟ හා කෝනිෆර් වනාන්තරය - ප්ලැසිඩෝ ෆැරැන්ඩා



කුපිත කුරුල්ලන් (Angry Birds) - අඩිත් මර්කයින්



පැණි කුරුල්ලා - ඩග්ලස් ක්‍රොෆ්ට්


වන දිවි අසිරිය - ජේම්ස් රොජර්සන්


වාදය - එව්ජෙන්ලි මෙල්නිකොෆ්








__________________________________________________________________________

  Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments