ඇමරිකාවේ වෙරයිසන් හා කොරියාවේ සැම්සුන්ග් 5G තාක්ෂණය අත්හදා බලයි!


ඇමරිකාවේ වෙරයිසන් සෙලියුලර් සමාගම හා කොරියාවේ සැම්සුන්ග් සමාගම ගිගාබිට් වේගයෙන් දත්ත සම්ප්‍රේෂණය කල හැකි 5G තාක්ෂණයේ ක්ෂ්ස්ත්‍ර පරීක්ෂණ (field tests) ආරම්භකොට ඇතැයි එම සමාගම් නිකුත්කල වාර්තාවක දැක්වෙනවා. දැනට ඉතා සීමිත ප්‍රදේශයක සිදුවෙන මෙම අත්හදාබැලීම් සිදුවන අතර තවමත් 5G තාක්ෂණයේ සෙලියුලර් දුරකථන හෝ ටැබ්ලට් නිර්මාණයවී නෑ. මෙනිසා විශේෂිත උපකරණ යොදාගෙන පරීක්ෂණ සිදුවන බවයි වාර්තාවන්නේ.

ෆයිබර් ඔප්ටික් කේබලයක දත්ත සම්ප්‍රේෂණ වේගයට සමාන වේගයකින් දත්ත සම්ප්‍රේෂණය කල හැකි 5G තාක්ෂණයෙන් 4K විබේධනයේ සජීවීරූප වීඩියෝ (e.g. 4K YouTube Video)  හා දත්ත සමාන්තර දත්තධාරා  (simultaneous data feeds) 17 අවශ්‍යවන සජීවී අතථ්‍ය-යතාර්ථ නැතහොත් තේරෙන භාශාවෙන් වර්චුවල් රියලිටි (Virtual Reality) දර්ෂණ සම්ප්‍රේෂණය කල හැකියි.




__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments