Amazon GO : සේවකයින් නැති, ඇවිදලා බඩු තෝරගන්න පුලුවන් ඇමසන් සුපිරි වෙළඳසැල

























ඇමසන් කියන්නේ ලෝකයට ඔන්ලයින් ෂොපින් හෙවත් අන්තර්ජාලයෙන් ඇණවුම් කොට ගෙදරටම බඩු ගෙන්වා ගැනීම ලොවට හඳුන්වාදීලා, ඒ මාදිලිය ජනප්‍රිය කල සමාගම. අද වෙනකොට මාසයකට ගැණුම් කරුවන් මිලියන 200ක් පමණ පැමිණෙන, 2015 අවුරුද්දේ ඩොලර් බිලියන 107ක ආදායමක් ලබපු අති දැවැන්ත සමාගමක්.

Amazon ව්‍යාපාරික මොඩලය (business model) වුනේ භෞතික වෙළඳසැල් (physical stores) පවත්වාගෙන යෑමේදී දරන්නට සිදුවන අධික පිරිවැය ඉතුරුකරගෙන එම වාසිය ගැණුම් කරුවන්ට ලබාදීලා ඔවුනට වෙළඳපොලේ ගාණට වඩා අඩුවෙන් බඩුවක් ඇණවුම් කරගැනීමේ අවස්ථාව ලබාදීමයි.

ඒත් දැන් ඇමසන් සමාගම මෙම ව්‍යාපාරික මොඩලය ඔලුවෙන් හිටවලා බඩු විකුණන සාම්ප්‍රදායික සුපිරි වෙළඳසැල් ජාළයක් ආරම්භ කරන්නට සැළසුම් කරලා. Amazon GO කියන සන්නාමයෙන් ඉදිරිපත් කරන මෙම ජාලයේ පලමු වෙළඳසැල ඇමසන් සමාගමේ මූලස්ථානය පිහිටි ඇමරිකාවේ සියැටල් නගරයේ විවෘතකරලා තියෙනවා.

අධිතාක්ෂණික කැමරා, සෙන්සර් හා වෙනත් අධිවේගි දත්ත සැකැසුම් තාක්ෂණයෙන් බිහිකරලා තියෙන මෙම සුපිරි වෙළඳසැලේ සේවක සේවිකාවන් හෝ කැෂියර් කවුන්ටර් නෑ. බඩුවලට බිල දාගන්න පෝලිම් ඇත්තෙත් නෑ!

ඒ වෙනුවට පාරිභෝගිකයා වෙළඳසැල ඇතුලට එනවිට ඔහුගේ ස්මාර්ට්ෆෝනයේ ඇති ඇමසන් ගෝ ඇප් එක ක්‍රියාත්මක කර යුතුයි. ඊට පස්සේ ඔහු සිය ෂොපින් කාර්ට් එකට දමා ගන්නා හැම භාණ්ඩයක් පිලිබඳවම සුපිරි වෙළඳසැල පුරා සවිකර ඇති කැමරා හා ඒවාට සම්බන්ධ කල කෘත්‍රිම බුද්ධි පරිගණක මගින් අවධානයෙන් ඉන්නවා. බඩු තෝරගෙන අවසන් වුනාම පාරිභෝගිකයාට තියෙන්නේ බඩු ටිකත් අරගෙන වෙළඳසැලෙන් පිටවෙන එක විතරයි. තෝරගෙන කාර්ට් එකට දාගත්ත සියළුම භාණ්ඩ වල බිල පාරිභෝගිකයාගේ ඇමසන් ගිණුම හරහා ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පතෙන් ස්වයංක්‍රීයව අඩුවෙනවා.




__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments