අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

Amazombies! : ඇවිදින මලමිණී මෙන් වැඩකරන්නට සිදුවී ඇති amazon.com ගබඩා සේවකයින්



ඇමසන් යනු තාක්ෂණික ලොවේ කිරුලු පලන් සමාගමක්. ලොව සාර්ථකම අන්තර්ජාල සාප්පු සංකීර්ණය වන ඇමසන් දිනකට ලක්ෂ ගණනක් ඇණවුම් බෙදා හරිනවා. මෙම ඇණවුම් බෙදාහරින්නේ ලොව පුරා රටවල් කිහිපයක ඇති අතිවිශාල ඇමසන් ගබඩා සංකීර්ණ වල සිටයි. මෙම ගබඩාවල සේවය කරන සේවක සේවිකාවන්ට ඉතා වෙහෙසකර, දීර්ඝ සේවා මුර ලබාදෙන බවට චෝදනා නැගෙන්නේ කලක පටන්. 

ඇමසන් සමාගම මේ චෝදනා ප්‍රතික්ෂේප කලත් නැවත වතාවක් මෙම චෝදනා කරලියට පැමිණ තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ ප්‍රකට ඩේලිමේල් පුවත්පතේ ගවේෂණාත්මක පුවත්පත් කලා වේදියෙක් ඇමසන් සමාගමේ සේවකයෙකු ලෙස බැදී සේවය කොට සිය ඇත්දැකීම් හෙලි කිරීමෙන් පසුවයි.


පැයට පවුම් £7.35 හෙවත් බ්‍රිතාන්‍යයේ අවම වේතනයට මෙම සේවකයින්ගෙන් වැඩගන්නා ඇමසන් සමාගම ඔවුනට පැය 12ක දීර්ඝ සේවා මුරයක් කිරීමට අණදෙන බවත්, ඔවුන්ගේ සෑම පියවරක්ම වීඩියෝ හා වෙනත් ඉලෙක්ට්‍රොණික උපක්‍රම මගින් දැඩිලෙස නිරීක්ෂණය කරන බවත් පවසනවා. සෑම කටයුත්තක් සිදුකිරීම සඳහාම ඉතා කෙටි කාළ ඉලක්ක (time targets) ලබාදෙන අතර එම කාළයට වඩා වැඩි කාලයක් ගතකරන්නන්ට විවිධ දඬුවම් පැමිණවෙනවා.

එපමණක් නොව සේවකයින් වැසිකිලියට යන කාළය පවා මණින ඇමසන් සමාගම, වැසිකිලිය තුල වැඩිකාලයක් ගතකරන සේවක සේවකාවන්ටද විවිධ දඬුවම් නියම කරනවා. ඇමසන් සමාගමේ දැවැන්ත ගබඩා/සැපයුම් මධ්‍යස්ථාන තුල දිනකට සැතපුම් 14ක් පමණ ඇවිදීමට සිදුවන බවත් සේවාමුරය අවසානයේ කකුල්වල දිය පට්ටා එන බවත් සේවකයින් පවසනවා.

Source: 






__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments