ට්‍රම්ගේ ආරක්ෂක ලේකම් ලෙස General James 'Mad Dog' Mattis?





















"Be polite, be professional, but have a plan to kill everybody you meet! "- General James 'Mad Dog' Mattis

"විනීත වන්න, වෘත්තීමය වන්න, හැබැයි මුණ ගැහෙන හැම එකාම මරන්න සැලැස්මක් තියාගන්න!" - ජෙනරාල් ජේම්ස් මැටිස්

මේ උපදෙස ජෙනරාල් මැටීස් ලබාදුන්නේ 2003දී ඉරාකයේ මැරීන් බළකායේ නායකයා ලෙස සිය හමුදාවටය. 

මෑඩ් ඩෝග් මැටිස් ලෙසින් ජෙනරාල් මැටීස්ව හඳුන්වන්නේ ඔහු උමතු, ලේපිපාසිතයෙකු නිසා නම් නොවේ. උදාහරණයක් ලෙස ඔහු සී.අයි.ඒ ඔත්තු සේවාව විසින් ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් තොරතුරු ලබාගැනීමට භාවිතාකල වදහිංසා උපක්‍රමයක් වූ "waterboading" ලෙස හැඳින්වන උපක්‍රමය පල රහිත බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය. "වෝටර් බෝඩිං වදය දෙනවාට වඩා හොඳ ප්‍රතිපල බියර් කෑන් දෙක තුනකුයි, සිගරට් පැකට් එකකුයි තිබුණම ගන්න පුලුවන්..." 


ජෙනරාල් මැටීස්, මෑඩ් ඩෝග් මැටීස් වූයේ ඉරාකයේ දැඩි ජීවිත හානි මැද සටන් වැදුනු අමෙරිකානු හමුදාවන් මෙහෙයවූ ජවය හා එඩිය මෙන්ම ඔහුගේ දැඩි මතයන් නිසාය. වයස 66ක් වූ මැටීස් සිය බළ ඇණිවලට ජවය හා චිත්ත ධෛර්යය ලබාදීමට සිදුකල ප්‍රකාශ අමෙරිකාවේ ත්‍රිවිධ හමුදාවන්වල සාමාජිකයි ඉතාමත් ආස්වාදයෙන් සිහිපත් කරනවා. 


"The first time you blow someone away is not an insignificant event. That said, there are some assholes in the world that just need to be shot." - පලමුවතාවට කාටහරි වෙඩි තියෙන එක සුලුදෙයක් නෙමෙයි, ඒත් මේ ලෝකෙ සමහර මුග්ධයින් ඉන්නවා මරාදැමිය යුතුම.

"I come in peace. I didn't bring artillery. But I'm pleading with you, with tears in my eyes: If you fuck with me, I'll kill you all." - මම පැමිණියේ සාමයෙන්, මම කාළතුවක්කු ගෙනාවේ නෑ. මම ඔබෙන් කඳුලුසලමින් අයදින එක දෙයක් තිබෙනවා... මට කෙලින්ඩ එන්ඩ එපා, මම උඹලා සැවොම මරණවා.

"There is nothing better than getting shot at and missed. It's really great." - වෙඩිල්ලකින් බේරෙන එක තරම් සතුටු දෙයක් තවත් නෑ. සැබැවින්ම එය හරිම ප්‍රීතියක්.

මැදපෙරදිග සහ ඉරාක යුද්ධවලදී අණ දෙන නිලධාරියෙකු වශයෙන් ජෙනරාල් මැටීස් ඉතා වැදගත් වැඩ කොටසක් ඉටු කලා. හමුදා දැනුම සහිත බුද්ධිමතුන් ඉහලම තැනක වැජඹෙන ඔහුට අතරින් ලොකුම පෞද්ගලික පුස්තකාලය තිබෙන බවයි පැවසෙන්නේ. පොත් 7000ක එකතුවක් ඔහුගේ පෞද්ගලික පුස්තකාලයේ තිබෙනවා.


ජේම්ස් මැටීස්, ඔබාමා පාලනය මැදපෙරදිග සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තීන් දැඩිව විවේචනය කළ අයෙක්. හතළිස් එක් අවුරුද්දක් නාවික හමුදාවේ සේවය කළ මැටීස් තාම විවාහ වෙලත් නෑ. ඒ නිසා තමයි ඔහුට වොරියර් මොන්ක් කියලා තව නමක් පටබැඳිලා තියෙන්නේ.

2001 වසරේ ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අල් කයිඩා ප්‍රහාරය එල්ලවීමෙන් අනතුරුව ඇමරිකාව ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ට පෙරමුණ ගත්තා. ඒ අනුව ඉරාකයේ පමණක් නොව ත්‍රස්තවාදීන්ට සෙවණ සදන මර්මස්ථානයක් ලෙස සැලකුණු තලෙයිබානයට ද පහර දීම සිදු උනා. 2005 වසරේදී මෙම තලෙයිබාන් ප්‍රහාරය පිළිබඳ අදහස් දක්වමින් මැටිස් කියා තිබුණේ "ඇත්තටම උන් එක්ක සටන් කරන එක විනෝදයක්. සමහරුන්ට වෙඩි තියද්දි හරිම තෘප්තියක් දැනෙනවා" යනුවෙන්.  ඒ පිළිබඳ තවදුරටත් පැහැදිලි කරන්න මැටිස් කියන්නේ මෙහෙම . “ඇෆ්ගනිස්ථානයට ගියාම වේල් එක දාගෙන නැති නිසා තමන්ගෙ ගෑනුන් ට අතුල් පහර දෙන පිරිමින්ව නුඹලාට මුණ ගැසෙනවා. මේ වගේ එවුන්ට කවදාවත් පිරිමිකමක් නෑ. ඒ හින්දා උන්ට වෙඩි තියද්දි සතුටක් දැනෙනවා!"

සාමාන්‍යයෙන් ඇමරිකාවේ ආරක්ෂක ලේකම්වරයා බවට පත්වන්නන්ට හත් අවුරුද්දක් ආපස්සට බලන විට සක්‍රිය හමුදා සේවයේ යෙදී සිටීම තහනම්.  තේරෙන භාෂාවෙන් කියනවනම් හත් අවුරුද්දක සිවිල් ජීවිතයක් උවමනා යි. ඔහු මෙයට සිව්වසරකට පෙරත් සක්‍රිය හමුදා සේවයේ යෙදී සිටි අයෙක්. ඔහු විශ්‍රාම ගියේ 2013 වසරේ. කෙසේ නමුත් මීට පෙර ඇමරිකානු කොංග්‍රසය 1950 වසර දී ද ජනරාල් ජෝන් සී. මාෂල් ව ආරක්ෂක ලේකම් බවට පත්කර ගැනීම සඳහා මේ නීතිය මේ ආකාරයෙන් ‘නමා’ ගෙන තියෙනවා

Sources:
http://www.bbc.com/news/world-us-canada-38056197
http://www.elakiri.com/forum/showthread.php?t=1774900
https://en.wikipedia.org/wiki/James_Mattis



__________________________________________________________________________ Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments