- Get link
- X
- Other Apps
අලුත්ම විද්‍යා ප්‍රබන්ධය
- Get link
- X
- Other Apps
ෆෝටෝෂොප් පාවිච්චි කරන අය දැනටමත් Adobe Creative Cloud ගැන අහලා ඇති. ක්‍රියේටිව් ක්ලව්ඩ් සේවාවෙදි ඇඩෝබි සමාගම එයාලගෙ ෆෝටෝෂොප් හා වෙනත් ග්‍රැෆික් හා වීඩියෝ එඩිටින් මෘදුකාංග මාසික හෝ වාර්ෂික සාමාජික ගාස්තු ක්‍රමයකට (subscription plan) අනුව ලබාදෙනවා. මෙහිදී ඒ මෘදුකාංග අන්තර්ජාලය හරහා භාවිතාකරන්නාගේ පරිගණකයට බාගත වෙලා ස්ථාපනය වෙනවා. එම මෘදුකාංග ක්‍රියාත්මක වෙන්නේ සාමාජික කාළසීමාව තුලදී පමණකයි. එය කල් ඉකුත්වූ විට මෘදුකාංග ක්‍රියා විරහිත වෙනවා.
සේවාවක් ලෙස මෘදුකාංග සැපයීමේ ව්‍යාපාරික ආකෘතියෙන් (software as a service business model) ක්‍රියාත්මකවන ක්‍රියේටිව් ක්ලවුඩ් සේවාව වඩවඩාත් ජනප්‍රිය වූවිට, සාම්ප්‍රදායික මෘදුකාංග විකිණීමේ ක්‍රියාවලිය නවතා දැමෙනු ඇති. ක්‍රියේටිව් ක්ලවුඩ් ආකෘතිය නිසා ඇඩෝබී සමාගමට වාසි රැසක් අත්වෙන බව විචාරකයින් පවසනවා. මොනවාද ඒ වාසි?
1/ මුදල් නොගෙවා මෘදුකාංග සොරෙන් ගැනීම නැවැත්වීමේ හොඳ ක්‍රමයක්වීම. සාමාජික කාළය අවසන්වූ වහාම මෘදුකාංගය ක්‍රියා විරහිතවේ.
2/ කලින් කලට නව සංස්කරණ හඳුන්වාදෙමින් ඒවා මිලට ගැනීමට භාවිතාකරන්නන් පෙළඹවීම වෙනුවට නිරන්තරව යාවත්කාලින වන මෘදුකාංග සාමාජික ගාස්තු ගෙවන සියල්ලන්ටම ලබාදීමට හැකිවීම
3/ මෘදුකාංගය පරිගණකයට බාගත වන නිසා අන්තර්ජාල වේගය නිර්මාණකරුගේ workflow එකට බල නොපෑම.
4/ විවිධ ගණයේ නිර්මාණකරුවන්ට අවශ්‍ය මුදෘකාංග එකතුව කැමති පරිදි තෝරාගැනීම හා එක්වර මුදල් නොගෙවා මාසිකව ගෙවීමේ හැකියාව.
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com . GOOGLE + : About Me . FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________
- Get link
- X
- Other Apps




Comments
Post a Comment