චීනය සිය පලමු අභ්‍යවකාෂ මධ්‍යස්ථානය වන ටියන්ගොංග්-1 කක්ෂගත කලේ 2006දී. ඇමරිකාවට හා රුසියාවට පසු අභ්‍යවකාෂ මධ්‍යස්ථානයක් සතුකරගැනීම්ට හැකිවූ බලසම්පන්න රාජ්‍යයක් බවට චීනය එදා පත්වුනා. එදා සිට කක්ෂයේ සැරිසැරූ ටියන්ගොංග්-1 මේ වනවිට අතහැර දමා ඇති අතර එය මේ සතිය තුලදී කක්ෂයෙන් ඉවත්ව උල්කා වර්ෂාවක් මෙන් පොලොවට කඩාවැටෙනු ඇතැයි චීනය පවසනවා.
ප්‍රමාණයෙන් විශාල බස් රථයක් හා සමානවල ටියැන්ගොංග් -1 කඩාවැටීමේදී පෘථිවියේ ජනාකීර්ණ පෙදෙස්වලට එහි කැබැලි කඩාවැටේදැයි බියක් ඇතිවී තිබුණා. මාර්තු 29වැනිදා හා අප්‍රේල් 1වැනිදා අතරතුර කාළයේදී මේ කඩාවැටීම සිදුවන ඇතැයි අභ්‍යවකාශ නිරීක්ෂණ ආයතන අනාවැකි පලකරනවා. ටොන් 9.5ක් බර මේ විශාල යානය පැයට කිලෝමීටර් 15,000ක පමණ වේගයෙන් ඝණ වායුගෝලයට ඇතුලුවනු ඇති අතර ඝර්ෂණය නිසා ඇතිවන දැඩි තාපයෙන් මධ්‍යස්ථානයේ බොහෝ කොටස් විනාශවී ගියත් ඉතා ශක්තිමත්ව තනා ඇති සමහර කොටස් විනාශ නොවී පොලොවට වැටෙනු ඇතැයි අපේක්ෂා කරනවා.
චීන අභ්‍යවකාෂ ආයතනය පවසන අන්දමට 2016 මාර්තුවේදී මේ යානය හා තිබූ පාලන සම්බන්ධතා ගිලිහී ගිය අතර ඒ අනුව එය කක්ෂයේ රඳවාගන්නා රොකට් එන්ජින් ක්‍රියාවිරහිත වීම නිසා දිනකට අඩි 525ක පමණ ප්‍රමාණයකින් එහි කක්ෂය ක්ෂය වෙමින් පැවතුනා. ආරම්භයේදී පොලොවට සැතපුම් 218ක් පමණ ඉහලින් කක්ෂගත්වී තිබූ මෙහි ගමන් මාර්ගය දැන් සැතපුම් 128ක් දක්වා පොලොව දෙසට ලංවී තිබෙන තර ඉදිරි සතිය වනවිට එහි කක්ෂය බිඳවැටී පෘථිවි ගුරුත්වාකර්ෂණය විසින් ඇදගනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
කෙසේ වෙතත් චීන අභ්‍යවකාශ ඒජන්සිය, ඇමරිකාවේ නාසා ආයතනය හා යුරෝපීය අභ්‍යවකාෂ ඒජන්සියේ ගණනය කිරීම් වලට අනුව මේ යානය ඉන්දියානු සාගරයට කඩාවැටෙනු ඇති.
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
//එය කක්ෂයේ රඳවාගන්නා රොකට් එන්ජින්// අවුරුදු 10ක් විතර රොකට් එන්ජින් ක්‍රියාකරන්න තරම් ඉන්දන තියෙන්න පුළුවන්ද?
ReplyDelete