Call of Duty පරිගණක ක්‍රීඩාවෙන් ආභාශය ලබන පෙන්ටගනයේ ප්‍රහාරක රොබෝ අවි



Call of Duty - Black Ops II, ට්‍රෙයාක් නම් පරිගණක ක්‍රීඩා නිර්මාණ සමාගම මගින් නිර්මාණය කොට පරිගණක ක්‍රීඩා ලෝකයේ දැවැන්තයෙකු වන ඇක්ටිවිෂන් සමාගම මගින් බෙදාහරිනු ලබන පරිගණක ක්‍රීඩාමාලාවේ 9වැනි සංස්කරණයයි. මෙය තවමත් එලිදක්වා නැති අතර නිළ දොරටවැඩීම 2012 නොවැම්බර් 13වැනිදාට සැලසුම්කොට ඇත.

2025 වසරේ දිගහැරෙන මෙම ක්‍රීඩාවේ ප්‍රධාන තේමාවට අනුව අමෙරිකාවත් චීනයත් අතර විශාල දේශපාලන අර්බුධයක් නිර්මාණය වෙමින් පවතී. චීන ඒකාධිකාරයේ පවතින, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිශ්පාදනය සඳහා අත්‍යාවශ්‍ය, rare earth minerals ලෙස හඳුන්වන දුර්ලභ මූලද්‍රව්‍ය (ස්කැන්ඩියම්, යිට්‍රියම් හා ලැන්තනයිඩ 15ක් මේ දුර්ලභ මූලද්‍රව්‍ය ගණයට අයත්ය) සැපයුම සීමා කිරීම හේතුවෙන් හටගෙන ඇති මෙම අර්බුධය ඇමරිකා වත් චීනයත් අතර යුද්ධයක් දක්වා වර්ධනය කිරීමට රාවුල් මෙනෙන්ඩෙස් නම් ත්‍රස්තවාදී නායකයා උත්සහ කරයි.

Call of Duty-Black Ops II ප්‍රචාරණ වීඩියෝව පෙන්ටගනෙයේ ආයුධ විශේෂඥයින්ගේ අවධානයට

ක්‍රීඩාව ප්‍රචාරණය සඳහා පසුගිය අප්‍රේල් 23වැනිදා (2012) එලි දැක්වූ නිල ප්‍රචාරක වීඩියෝවක් නැරඹූ පෙන්ටගනයේ රොබෝ ආයුධ නිර්මාණ අංශයක්, එම වීඩියෝවේ දර්ශණය වූ අවරපත් සතරක් සහිත, මැශින් තුවක්කුවකින් සන්නද්ධ කුඩා රොබෝ හෙලිකොප්ටරයක් (armed quad-rotor drone) ගැන සිය විශේෂ අවධානය යොමුකරමින් සිටින බව වාර්තාවේ.


වීඩියෝවේ දැක්වෙන ආකාරයට මෙම රොබෝ හෙලිකොප්ටරය, අයි-පෑඩ් එකක් වැනි ටැබ්ලට් පරිගණකයක් මගින් පාලනය වන අතර බලසම්පන්න මැශින් තුවක්කුවකින් සන්නද්ධය. පෙන්ටගන් නිළධාරීන්ට අනුව මෙවැනි රොබෝ හෙලිකොප්ටරයක් ඉතා පහසුවෙන් හැසිරවිය හැකි අතර විශාල ගොඩනැගිලි ඇති නගර තුල සටන් වදින යුධ සෙබලුන් හට මෙවැනි අවියක් මගින් විශේෂ උපක්‍රමීය වාසියක් (tactical advantage) ලැබේ.

Black Ops II නිමාණයට යුධ විශේෂඥයින්ගේ සහය ලබාගෙන...

මේ අතර, මෙම පරිගණක ක්‍රීඩාවේ තිර-රචනය හා අනාගත අවි ආයුධ පිලිබඳව ක්‍රීඩා නිර්මාපකයින්හට (game developers) මගපෙන්වීම් ලබාදීම සඳහා යුධ විශේෂඥයින්ද දායක කරගත් බව ක්‍රීඩාව නිර්මාණය කල ට්‍රෙයාක් සමාගම පවසයි. එවැනි විශේෂඥයින්ගේ උපදෙස් තම පරිගණක ක්‍රීඩා වඩාත් තාත්වික ලෙස නිර්මාණය කිරීමට දායක වන බව ඔවුන් පවසයි.

CoD-Black Ops II promo video





Screenshots of CoD-Black Ops II









Comments

  1. පිස්සු කොර ඈ..!!

    ReplyDelete
  2. ගේම් ගහන එක නවත්තල දැන් ගොඩක් කල්.. මේක දැක්කම ආයෙ හොඳ ගේමක් නිදි මරාගෙන ගහන්න හිතුණා.. හික් හික්.. නියමයි.. දිගටම ලියන්න.. බ්ලොග් එක ෆලෝ කරන්න විදියක් නෑ නේද?

    ReplyDelete
  3. ආ මගේ කැමතිම ගේම් සීරීස් එක .
    මේ ලඟදි Call of duty නිල වෙබ් අඩවියෙ කවුද කෙනෙක් හදපු ක්වඩ් කොප්ටර් එකක් දාල තිබ්බා.

    ReplyDelete
  4. ෆියුචර් වෙපන්ස් කියන වීඩියෝ ඒකෙ පෙන්වනවා නේ මේ වගේ ඒවා. කොහොම නමුත් හොඳ ලිපියක්.

    ReplyDelete

Post a Comment