අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

F-16 ප්‍රහාරක ජෙට් යානයක් සමග රේස් ගිය ලම්බෝගිනි කාරය!

පසුගියදා ඩෙන්මාර්කයේ ගුවන් හමුදා කඳවුරකදී අපූරු ධාවන තරඟයක් පැවැත්වූ බව BBC ටොප්ගියර් මෝටර් සඟරාව වාර්තාකරනවා. තරඟය පැවැත්වුනේ සුප්‍රකට ඉතාලි නිෂ්පාදනයක් වන, අධිවේග සුපිරි කාරයක් වූ ලම්බෝගිනි ඇවෙන්ටඩෝර් රථයක් හා අමෙරිකානු F-16 ෆයිටින් ෆෝල්කන් ජෙට් යානයක් අතරයි. තරඟය සංවිධානය කලේ ඩෙන්මාර්කයේ ජනප්‍රිය මෝටර් සඟරාවක් වන BIL magasinet සඟරාවයි.

 
තරඟකරුවන් දෙදෙනා තරඟයට මොහොතකට පෙර....
මෙවැනි තරඟ කිහිපයක් මීට පෙරද පවත්වා ඇති අතර ඉන් වඩාත් ප්‍රසිද්ධ තරඟය වන්නේ 2007 වසරේදී, BBC ටොප්ගියර් රූපවාහිනි වැඩසටහනේ රිචර්ඩ් හැමන්ඩ් ධාවනය කල ප්‍රංශ සුපිරි කාරයක්වූ බුගාටි ස්පයිකර් රථය හා යුරෝෆයිටර්-ටයිෆූන් ප්‍රහාරක ජෙට් යානයක් අතර පැවති ධාවන තරඟයයි.

2011දී ලොවට හඳුන්වාදුන් ඇවන්ටඩෝර් සුපිරි කාරයට අශ්වබල 700ක් ජවයක් ඇති අතර එයට තත්පර 2.8කදී පැයට කිලෝමීටර් 100ක වේගයක් ලබාගත හැකියි. එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 349කි.

ජයග්‍රාහකයා කවුරුන්ද?

මුහුදු මට්ටමේදී පැයට කිලෝමීටර් 1,470 ක උපරිම වේගයක් ඇති F-16 යානය විවාදයකින් තොරව ජයග්‍රාහකයා වුවත් තරඟය ආරම්භයේ සිට ජෙට් යානය ධාවන පථයෙන් ඉහලට එසවෙන තෙක් ඇවැන්ටඩෝර් රථය ඉදිරියෙන් සිටියා.



ධාවන තරඟයේ යූ-ටියුබ් වීඩියෝව බලන්න

Comments

  1. මේක නම් නියම වීඩියෝ එකක්.. ස්තූතියි..

    ReplyDelete
  2. හොඳ ලිපියක්.
    ලැම්බොගිනි ඇවෙන්සර් එකද රෙව්ටන් එකද හොඳ ?

    ReplyDelete
    Replies
    1. දෙකම හොඳයි මල්ලි......මෝටර් රථ තාක්ශණයේ හිනිපෙත්තේ තමයි ඒවා තියෙන්නේ....

      Delete
  3. හිතන්නත් අමාරුයි...

    ReplyDelete
  4. සහෝ...හොඳට විස්තර ඇතුව Fuel Cell, microbial fuel cell ගැන ලිපියක් ලියන්න පුලුවන්නං ඒක ගොඩක් වැදගත් වෙයි...

    ReplyDelete

Post a Comment