අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

[Samsung launches promo mocking Apple Maps in Sydney, Australia] සැම්සුන්ග් සමාගම ඇපල් සිතියම් වැඩසටහන් හාස්‍යයට බඳුන්කරන ප්‍රචාරණ වැඩසටහනක් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී දියත්කරයි!!

සිඩ්නි නුවර ප්‍රධාන මාර්ගයක් අසල නිර්මාණය කොට තිබුණු සැම්සුන්ග් ගැලැක්සි SIII ස්මාර්ට්-ෆෝනයේ අලෙවි ප්‍රචාරණ සංදර්ශකයක් පහත ඡායාරූපවලින් දැක්වේ.


මඩ තැවරණු ඕෆ්-රෝඩ් ජීප් රථයක්, කූඩාරමක් ඇතුලු වනගත සංචාර උපකරණ කට්ටලයක් සමග තබා තිබුණු සැම්සුන්ග් ගැලැක්සි SIII ස්මාර්ට්ෆෝනයේ ප්‍රචාරණ පුවරුවක "ඔබ නිවැරදි මගපෙන්වීම් හා සිතියම් වැඩසටහන් අඩංගු සැම්සුන්ග් ගැලැක්සි SIII ස්මාර්ට් ෆෝනයක් මිළදීගත යුතුව තිබුණා...."   යනුවෙන් සටහන් කොට තිබුණා.

මෙම ප්‍රචාරණ මෙහෙයුමට පූර්වගාමී සිදුවීමක් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් පසුගිය සතියේ වාර්තාවුනා. එනම්, වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්දුරා නම් කුඩා නගරයක් ඇපල් මැප්ස් වැඩසටහනේ මගපෙන්වීමෙන් සොයා යමින් සිටි ඔස්ට්‍රේලියානු රියදුරන් කිහිප පොලක් ඇපල් මැප්ස් වැඩසටහනේ දෝශසහිත මගපෙන්වීම නිසා එම නගරයට සැතපුම් 70ක් පමණ ඈතින් පිහිටි ජාතික වනෝද්‍යානයක අතරමං වීමේ සිදුවීමයි. 

දෙසැම්බර් මාසය ඔස්ට්‍රේලියාව/නවසීලන්තය වැනි දක්ශිණ අර්ධගෝලයේ රටවල උශ්ණාධික ග්‍රීෂ්ම සෘතුව බැවින් දැඩි සූර්යතාපය නිසා මෙම රියදුන්ගේ ජීවිත අණතුරට පත්වීමේ අවදානමක් තිබූ බව පවසන වික්ටෝරියා ප්‍රාන්ත පොලීසිය, ඇපල් මැප්ස් වැඩසටනහ ජීවිත අණතුරෙහි දැමිය හැකි අන්දමේ දෝශ සහිත අණතුරු දායක වැඩසටහනක් බවට ප්‍රවෘත්ති නිවේදයක් නිකුත් කලා.

ඇපල් මැප්ස් වැඩසටහනේ දෝෂ නිසා සිදුවන මෙවැනි අලකළංචි වලින් වඩාත්ම සතුටට පත්වන්නේ ඇපල් සමාගම සමග පේටන්ට් යුද්ධයක පැටලී සිටින සැම්සුන්ග් සමාගමයි. සංචාරකයින් අතරමං කල ඇපල් මැප්ස් සිදුවීමේ මතකය වික්ටෝරියා ප්‍රාන්තයෙන් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අගනුවර වන සිඩ්නි නුවරට ගෙනයාමට සැම්සුන්ග් සමාගම කටයතු කලේ මඩ තැවරුණු කැළෑ ජීප්රියක් හා කූඩාරමක් සිඩ්නි නුවර ජනාකීර්ණ නගරයකට ගෙන එමින්.

Comments

  1. ඇත්තටම ඇපලුයි සැම්සනුයි අතරේ නයි මුගටි වගේ තරහක් අප්ප දැන් තියෙන්නේ.

    ReplyDelete
  2. හරි හරි දැන් අවුලක් නැහැ... iOS එකට ගූගල් මැප්ස් ඇප් එක ඊයෙ release උනා... ඒක හොඳටම වැඩ... :D voice guidance එකත් සෑහෙන්න හොඳයි... මේ දැන් පාවිච්චි කරල බැලුවෙ... ;)

    ReplyDelete

Post a Comment