තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ උණුසුම පාළණය කළ හැකියි! - පර්යේෂණයකින් හෙලිවේ!


තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ අභ්‍යන්තර උණුසුම (core body temperature  පාළණය කල හැකිබව සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් සිදුකල පර්යේෂණයකින් හෙලිවී ඇත.

ලාමාවරුන් ජී-ටුම්මෝ (g-tummo) ලෙස හඳුන්වන මෙම භාවනා ක්‍රමය මගින් අධික ශීතලෙන් වෙලී ඇති හිමාලයේ වසන මෙම භික්ශූන් වහන්සේලා සිය සිරුරේ අභ්‍යන්තර උශ්ණත්වය ෆැරන්හයිට් 101 දක්වා වැඩිකරගන්නා ආකාරය පර්යේශකයින්ගේ උපකරණ වල සටහන් වී ඇත. ජී-ටුම්මෝ භාවනා ක්‍රමය තිබ්බතයේ ලාමාවරුන් අතිශය පූජනීය ලෙස සළකන භාවනා ක්‍රමයක් වන අතර මේ මගින් සිරුරේ ප්‍රතිශක්තය පවා වැඩිකරන ගත හැකි බව පර්යේශකයින් පවසයි. ආධ්‍යාත්මීය ශක්තය වර්ධනය කරගැනීමේ හා පාළණය කිරීමේ භාවනා ක්‍රමයක් වන මෙය මගින් කෙටිකාලයක් එය ප්‍රගුණ කල විදේශිකයින්ට පවා සිය සිරුරේ උශ්ණත්වය තරමක් දුරට පාළණය කරගත හැකිවී ඇත.

ජී-ටුම්මෝ භාවනා ක්‍රමය ප්‍රගුන කරන භික්ශූන් වහන්සේලා තිබ්බතයේ අතිශය දුශ්කර ප්‍රදේශවල ඇති ආරණ්‍ය වල වාසය කරන අතර ඔවුන් බොහෝ විට සිය භාවනාක්‍රම රහසේ ප්‍රගුණකරන බව පැවසේ.

සිංගප්පූරු පර්යේශකයින් හට මේම ලාමා භික්ශූන් වහන්සේලා පර්යේශණයට භාජනය කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ තිබ්බතයේ හිමාල කඳුකරයේ පිහිටි එක් ලාමා ආරණයක පැවැත්වුනු ලාමා බෞද්ධ භික්ශූන්ගේ සාම්ප්‍රදායික පිරිත් සජ්ජායනයකදීය.

මෙම පර්යේශණ පැවැත්වූ දිනකිහිපයේ එප ප්‍රදේශයේ උශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් -25 තරම් පහල බැස තිබුණත් ධාන්‍යයට සමවැදුනු භික්ශූන් වහන්සේලාට සිය සිරුරේ ඔතා තිබූ තෙත රෙදි වියලී යන තරමට සිය සිරුරේ උශ්ණත්වය වර්ධනය කරගත හැකිවූබව පර්යේශකයින් සිය පර්යේෂණ වාර්තාවේ සටහන් කොට ඇත.

සිංගප්පූරු විශ්වවිද්‍යාල පර්යේශකයින් අතේ ගෙනයා හැකි EEG උපකරණ මගින් මෙම භාවනා යෝගී ලාමාවරුන්ගේ මොළයේ EEG සටහන් පවා ලබාගෙන ඇති අතර ඒ අනුව මෙම උණුසුම පාළණය භාවනායෝගීව ධාන්‍යයට සමවැදී ලබාගත් බවට සැකයකින් තොරව විද්‍යාත්මකව තහවුරුකර ගැනීමට හැකිවී ඇත.

මෙම පර්යේශණ ප්‍රතිපල මගින් අධික ශීතල ප්‍රදේශවල අතරමං වන ගවේශකයින්ට හා ගුවන් යානා අණතුරුවලට පත්වන්නන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහා ජිවිතාරක්ශක උපක්‍රම නිර්මාණය කල හැකිබව පර්යේශකයින්ගේ අදහස වේ. එමෙන්ම අධික ශීතල ප්‍රදේශවල මෙහෙයුම් සිදුකරන විශේෂ බළකා සෙබළුන් හටද මෙවැනි පුහුණුවක් මගින් මෙහෙයුම් සාර්ථක කරගැනීමේ හැකියාවද සොයා බැලෙමින් පවතින බව වාර්තාවේ.

කතෘ සටහන:

බුදු බණ වෙනුවට වෛරය වපුරන බොරු බණ දෙසන රටක වසන මට මෙය ඉමහත් අස්වැසිල්ලකි. තිලෝගුරු බුදුපියාණන් දෙසූ ආකාරයට මනස දියුණු කොටගෙන විස්කම් කෙරුම් සිදුකරන බුදු හිමියන්ගේ සැබෑ අනුගාමිකයින් මෙරට නැතත් තිබ්බතයේ හෝ සිටින බව ඇසීම සතුටකි.

තිබ්බතයේ ලමා වරුන් සැබෑ බුදු දහම අදහන්නේ නැති බවත් ඔවුන් ප්‍රගුණ කරන්නේ මහායාන ධර්මය බවත්, පිරිසිදු බුදු දහම ඇත්තේ ලංකාවේ පමණක් බවත් බොදු තලේබානුවන් පවසන්නට පුලුවන. මට ඔවුන් හට කීමට ඇත්තේ "බුදු සරණයි-ඔහොම යන්න"  පමණකි.

Comments

  1. About Tummo meditation Harvard university scientist did a research n Himslaya some years ago and it was Clearly proved that meditation can generate heat in the body and metabolism goes down during this practice .
    For more information, there is a book about this research and it has been translated into Sinhala under the title of CHITTA VIDYA (Mindscience)publisher is SAMAYA WARDANA

    Mandawala Hamuduruvo

    ReplyDelete
  2. පහත සඳහන් වන්නේ මම ටිබටය පිලිබිඳව ලියූ පොතක සඳන් ආකාරයටය. ටිබෙට් ජාතිකයන්ගේ බුදු දහම ඉතාම ගැඹුරුය. එක්තරා උත්සවයකදී පවත්වන තරඟයක ජය පරාජය නීරණය වන්නේ ඉතා විශ්මිත ආකාරයකිනි. අයිස් තරම් සීතල ජිය දහරා වකලින් පිරි තිබ්බතය එම උත්සව අවස්ථාවේදී ඒ සීතල දියෙන් පොඟවා ගත් සිවුරු ස්වාමීන් වහන්සේලාට පොරවා භාවහනාවට පටන් ගනු ලැබේ. එසේම ඒ සීතල සිවිරු ශරීරයෙන්ම ව්යලී යකි සාමාන්\ය උෂ්ණත්වයට ගෙනෑන් ස්වාමීන් වහන්සේ ඒ තරඟයෙන් ජයග්‍රාහකයා වෙයි. දලයි ලාමා තුමා නවසීලන්තයට පැමිණි අවස්ථාවක මම මේ බව එතුමාගෙන් අසා සිටියෙමි. එතුමා සිනහවක් පා මේ ටිබටයේ සිදු වන සාමාන්\ය සිදුවීම් බව කියා සිටියේය. ආධ්\යත්මික වශයෙන් තිබ්බතය අපට වඩ ගව් ගනනක් පෙරමුනෙන් සිටින බව පැහැදිලිය.

    ReplyDelete
  3. බුදු බණ බොරු කරන්න කාටවත් බැරි උනා

    ReplyDelete
  4. කතෘ සටහන නම් සහතික ඇත්ත.

    ReplyDelete
  5. සිරුරේ උෂ්ණත්වය වැඩි උනාම ශරීරයෙන් තාපය හානිවන ප්‍රමාණය වැඩිනේ, එතකොට කොහොමද අධික ශීතලෙන් ආරක්ෂා වෙන්නේ?

    ReplyDelete
  6. ඔබ සමග මම ද එකඟවන්නෙක්මි.

    ReplyDelete
  7. බුදු රඡානන් වහන්සේගේ ධර්මයට අනුව යමෙක් සමාධියවැඞිය යුත්තේ ප්‍රඥාව ලැඛිමසදහායි .යතාභුථ ඥානය සදහායි.විමුක්තිඥානදර්ශනය සදහායි.නිවන් අවබෝධය සදහායි. ස්වාමින් වහන්සේලා යනු මැජික් කාරයින් පිරිසක් නොවේ.ක්‍රමවත් වැඞපිලිවෙලක් අනුගමනය කර ක්ලේෂයන් ක්ෂය කරදැමිමට වැයමි කරන පිරිසකි අප රටෙහි පවතින,ථෛරවාද ධර්මය ඉගෙන ගන්න සියළු ප්‍රශ්න වලට පිලිතුර ඵයයි

    ReplyDelete
  8. ලංකාව තුල ගෞතම බුදුරඡුන්ගේ ධර්මය නිර්මලව පවතී.. ඒ ධර්මය ඉගෙන ගන්න... ලංකාවේද බොහෝ භික්ෂුන් බුදුරඡානන් වහන්සේගේ භාවනා ක්‍රම ප්‍රයෝගිකව සිදුකරයි.... නමුත් ඒවායේ ප්‍රථිපල පෙන්වීමට උන් වහන්සේලා නොඑයි.. බුදු රඡානන් වහන්සේගේ ධර්මය උගෙනීම යනු ඒවා ප්‍රායෝගිකව අධ්‍යනය කිරීමයි.. එය ලංකාවේද බෝහෝ භික්ෂුන් ආරණ්‍ය ගතව සිදුකරයි.. ඇතමුන් බුදුදහම වැරදි ආකාරයට වටහාගැනීම කණගාටුවට කරුණකි... නියම බුදු දහම බුදුන් වදාල ධර්මයයි.. ඒ මත යැපෙන්න.. එම ධර්මයම සොයා යන්න..

    ReplyDelete

Post a Comment