අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු කොටසක් චීනයෙන් හමුවේ???


බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත්පත හා අමෙරිකානු විද්‍යා ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන "ලයිව් සයන්ස්" පවසන ආකාරයට සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන්වහන්සේලාගෙන් කුඩා කොටසක් චීනයෙන් හමුවී තිබෙන බවට එහි කැණීම් කල පුරාවිද්‍යාඥයින් ප්‍රකාශ කරනවා.

චීනයේ නැන්ජිං ප්‍රදේශයේ විහාරස්ථානයක සිදුකළ කැණීමකින් 11 වන සියවසේදී ෂෙන්සොං අධිරාජ්‍යයා විසින් ප්‍රතිසංස්කරණය කළ නැංජින් නුවර මහා බෝ-එන් විහාරස්ථානයේ සිදුකල කැණීම් වලදී අතීතයේදී බැතිමතුන් වන්දනාමාන කල චෛත්‍යයක අනුරුවක් තුල තැම්පත්කල මංජුසාවක මෙම ධාතූන් වහන්සේ හමුවී තිබෙනවා. මෙහි කැණීම් සිදුවන්නේ 2010 වසරේ සිටයි. 

මෙම මංජුසාවේ අලංකාර කැටයම් සටහන් කර ඇති අතර, සර්වඥ ධාතූන් වහන්සේ චීනයට ලැබුණු අයුරු ද එහි දක්වා තිබීම විශේෂත්වයක්.මෙම සර්වඥ ධාතුන් වහන්සේලා ශෛලමය බහාලුම තුල නිධන්ගත කිරීමට ප්‍රථම රිදී මංජුසාව ඉතා සුරක්ෂිතව අගුල් දමා තිබී ඇති අතර ඊට හේතුව රත්‍රන් බහාලුම තුල ඇති ධාතුන් වහන්සේලා සුරක්ෂිතව ආරක්ෂාකර ගැනීමට විය හැකි බවයි පුරාවිද්‍යාඥයන් පවසන්නේ. 

ශෛලමය බහාලුම මත කොටා ඇති කැටයම්වලට අමතරව මෙම සර්වඥ ධාතුන් වහන්සේලා පැමිණි අයුරු ද විස්තර කර තිබෙනවා. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව උන්වහන්සේගේ චිතකයෙන් හමුවූ සර්වඥධාතූන් වහන්සේලා කොටස් 84,000ක් බෙදාදුන් බවත්, ඉන් ධාතූන්වහන්සේලා 19ක් චීනයට ලැබුණු බවත් මෙහි සටහන්කොට තිබෙනවා.

ස්වර්ණමය මංජුසාවක තැම්පත්කල ධාතූන් වහන්සේ, තවත් රිදී මංජුසාවක බහා තිබූ අතර, එය චෛත්‍ය අනුරුවතුල තැම්පත් කොට තිබූ අතර, එම චෛත්‍ය අනුරුව විහාරයේ පොලොව යට තැනූ ශෛලමය කුටියක තැන්පත් කොට තිබූ බව කැණීම් සිදුකල පුරාවිද්‍යාඥයින් පවසනවා.

ධාතු තැන්පත්කොට තිබුනේ මෙම චෛත්‍ය අනුරුව තුලය
සිද්ධාර්ථ ගෞතමයානන් වහන්සේගේ සර්වඥධාතුන් තැම්පත්කොට තුබෙන මෙම රනින් කල මංජුසාව තවත් රිදී මංජුසාවක බහා එය චෛත්‍ය අනුරුවේ තැම්පත් කොට තිබුණි.
සර්වඥධාතුන් තැම්පත්කොට තුබූ රන් මංජුසාව තැම්පත් කොට තුබූ රිදී මංජුසාවයි මේ.
තැම්පත්කොට ඇති ධාතූන්වහන්සේලා හා ඒවා ලැබුණු ආකාරය, මෙම විහාර කර්මාණ්තය සිදුකොට ධාතූන් නිධන්කල ශෙන්ෂොන් අධිරාජ්‍යායාගේ විස්තර සටහන් කොට තිබෙන්නේ මේ ලියැවිල්ලේය.


Sources:

http://www.dailymail.co.uk/sciencetech/article-3670075/Have-archaeologists-discovered-Buddha-s-remains-Skull-bone-1-000-year-old-shrine-belong-enlightened-one.html

http://www.livescience.com/55243-buddha-skull-bone-found-in-crypt.html












__________________________________________________________________________

Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR
CONTACT    : terence.arachchi@gmail.com . 
GOOGLE +   : About Me  . 
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments