මේ පැරණි ඊජිපතු ලොග් පොත පිරමීඩ තැනූ ආකාරය විස්තර කරනවාද? | Does this ancient Egyptian logbook describe how pyramids were made?



මේ රූපයේ පෙනෙන්නේ මෑතක සිට කයිරෝ නුවර කෞතුකාගාරයේ ප්‍රදර්ශණයට තබා ඇති පැපිරස් ලොග් පොතක පිටුවක කැබැල්ලකි. ඊජිප්තු පුරාවිද්‍යාඥයින්ට අනුව මෙම ලොග් පොතෙහි සටහන් තබා ඇත්තේ "මරර්" නම් වැඩ නියාමකයෙකි. සටහන් වල හැටියට ඔහු යටතේ 200ක් සේවකයින් සිටි අතර ඔහුගේ රාජකාරිය වූයේ ඊජිපතුවේ විශාලම පිරමීඩය වන කූෆූගේ පිරමීඩයේ ගොඩ නැගීම් කටයුතු සඳහා දායකවීමයි.

මෙම පැපිරස් ලොග් සටහන් පොත 2013දී රතුමුහුද අසබඩ "වාඩි අල් ජාර්ෆින්" නම් ඉපැරණි ඊජිප්තු රාජධානියට අයත් වරාය අසල කැනීම් වලදී සොයාගන්නා ලදී. වාඩි අල් ජාර්ෆින් වරාය වසර 4500ක් පැරණි වරායක් වන අතර එහි තිබී පැරණි ඊජිප්තු අධිරජ්‍යවලට අයත් පුරාවස්තු හා නටඹුන් රැසක් සොයාගන්නා ලදී.

කූෆූ අධිරාජ්‍යයාගේ 27වැනි වසරේ මෙම සටහන් තබන බවට මරර් ලියා ඇති අතර අනුමාණ කල හැකි අන්දමට ඒ වනවිට මහා පිරමීඩය සාදා අවසන් වන අතර මෙම ලොග් සටහන් පොතෙහි ඇත්තේ පිරමීඩය වැසෙන්නට අල්ලා තිබූ හුණුගල් ප්‍රවාහණය කල ආකාරයයි.

පිරමීඩයේ ගොඩනැගීම "අන්කාෆ්" ලෙස ලොග් පොතෙහි සටහන් කොට ඇති කූෆූ අධිරාජ්‍යයාගේ අඩ සොයුරා (half-brother) අධීක්ශණය කල බව පැවසෙනවා. විසියර් නම් ඉතා ඉහල නිළයක් දැරූ අන්කාෆ්, කූෆූ අධිරාජ්‍යාගේ සියලු ඉදිකිරීම් කටයුතු භාර නිළධාරියා ලෙස කටයුතුකල බව මරර් ලියා තිබෙනවා.

සටහන් වලට අනුව පිරමීඩවල පිටත ඇතිරීම සඳහා හුණුගල් ගෙන එන ලද්දේ පිරමීඩ පිහිටා ඇති ගීසා සිට කිලෝමීටර් 25ක් පමණ ඈතින් කයිරෝ නුවර ආසන්නයේ පිහිටා ඇති හුණුගල් ආකරයකිනි. නයිල් නදියෙන් ගෙන ආ මේ හුණුගල් පිරමීඩ අසලට ගෙන එන්නට ඇත්තේ  ඇළමාර්ගයකින් බවට සාක්ශි මෙම සටහන්වල ඇත. මේ සඳහා දින 4ක් ගතවූ බවද ලොග් සටහන් වල ඇත.




__________________________________________________________________________
Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR
CONTACT    : terence.arachchi@gmail.com . 
GOOGLE +   : About Me  . 
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments