Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, 6 July 2016

රෝහලක් නොවූ, ඕලන්ද ආක්‍රමණිකයින් ගොඩනොනැගූ, ගාළු කොටුවේ "Dutch Hospital Shopping Precinct" වෙළඳ සංකීර්ණය



මෙම අංශක 180 පැනොරාමා දර්ශණය, ගාළු කොටුවේ ඕලන්ද රෝහල් සංකීර්ණය අසල නිරීක්ශණ වේදිකාවේ සිට ඡායාරූපගත කරන ලදී. 
(2016 ජූලි 03 - ටෙරන්ස් කහපොල ආරච්චි )

ගාල්ල බළකොටුව යනු ඉතා සංවිධානාත්මක ව බිහිකළ නගරයකි. ඒ ගැන විමසා බැලීමේ දී එය බිහිකළ ආකාරයත් භාවිතයට ගත් ආකාරයත් ඉතිරිව තිබෙන අයුරුත් ආශ්චර්යවත්ය.

ගාල්ල කොටුවේ ඉතිහාසය පිරික්සීමේ දී පෙනී යන්නේ ඕලන්ද රෝහල ලෙස පැවසුවද මෙය රෝහලක් නොවන බවයි. එය ඉදිකලේ ඕලන්ද පාලනය විසින්ද නොවේ.

මේ ස්ථානය පෘතුගීසීන්ගේ කාලයේ දී කාසි නිෂ්පාදනාගාරයක් ලෙස භාවිත කැර ඇති බවයි. ඉන්පසු ගාල්ල කොටුව අල්ලාගත් ලන්දේසීන් කොටුපවුර දැවැන්ත බළකොටුවක් බවට පත්කර මෙතැන විශාල ගොඩනැගිල්ලක් ඉදිකැර තිබේ. එය වර්ෂ 1690 ට වඩා පෙරාතුව ඉදිකරන ලද ඕලන්ද ගොඩනැගිල්ලක් බව තහවුරු කරගත හැකිවන්නේ 1690 දී ගාලූ කොටුව සිතියමට නැගූ ජෝන් බොම්ගාර්න්ගේ සිතියෙමේ ද එම ගොඩනැගිල්ල පැහැදිලිව දක්නට ලැබෙන බැවිනි.

රජය විසින් වෙළෙ`ද සංකීර්ණයක් බවට පත්කරන ලද ගොඩනැගිල්ල තිබූ ස්ථානයේ එදා ඕලන්ද ජාතිකයන් විසින් ඉදිකරන ලද ගොඩනැගිල්ල අද ඇති ගොඩනැගිල් මෙන් තුන්ගුණයක් පමණ විශාල. පළලින් හා දිගින් වැඩි මේ ගොඩනැගිල්ල පැරණි ඕලන්ද රෝහල බව ද ඕලන්ද ජාතිකයන් මෙරට පරිපාලන කටයුතු සම්බන්ධයෙන් තැබූ ලේඛණ වලින් පැහැදිලි වේ.
Photo Credit : Lankadeepa
එම දත්තවලට අනුව ගොඩනැගිල්ල වාට්ටු 10කින් සමන්විතය. වර්ෂ 1780 දී ඕලන්ද ජාතික ඉංජිනේරු රයිමර් විසින් අදින ලද සිතියම්වල ද මේ ඕලන්ද ගොඩනැගිල්ල ඕලන්ද රෝහල බවත් එය පිහිටි වීදිය හෝස්පිට්ල් ස්ටී‍්‍රට් හෙවත් රෝහල් වීදිය ලෙස නම්කැර ඇති බවත් සනාථ වේ. අදට ද මේ මාවතේ රෝහලක් නැතත් එම වීදිය හ`දුන්වන්නේ රෝහල් වීදිය නමිනි.

ගාල්ල කොටුව අල්ලාගත් බි‍්‍රතාන්‍යයන් මේ ස්ථානයේ වෙනස්කම් රැුසක් සිදුකර තිබේ. ඕලන්ද රෝහල් ගොඩනැගිල්ල බි‍්‍රතාන්‍යයන්ගේ සමයේ දී කඩා ඉවත් කරන ලදැයි අනුමාන කළ හැකි වුව ද ඒ සම්බන්ධයෙන් ස්ථිර සාධක හමුවී නැත.

එසේ වුව ද 1850 ට පෙර අදින ලද බි‍්‍රතාන්‍ය සිතියම්වල දැක්වෙන්නේ පැරණි ඕලන්ද රෝහල් ගොඩනැගිල්ල තිබූ ස්ථානයේ ඊට වඩා කුඩා ප‍්‍රමාණයේ ගොඩනැගිලි තුනක් තිබූ බවයි. ඉන් එක් ගොඩනැගිල්ලක් හමුදා නිලධාරීන්ගේ රෝහල ලෙස ද තවත් ගොඩනැගිල්ලක් රෝහලේ වෛද්‍යවරුන්ගේ නිල නිවාස ලෙස ද භාවිත කැර ඇති අතර අනෙක් ගොඩනැගිල්ල හමුදා බැරැුක්ක ලෙස භාවිත කළ බව සිතියම් අනුව පැහැදිලි වේ.

Photo Credit: Yamu.lk
වෛද්‍යවරුන්ගේ නිල නිවස ලෙස තිබූ රෝහල පිහිටා ඇත්තේ අනෙක් ගොඩනැගිලි දෙකට වඩා පිටුපසින් මුහුද දෙසට වඩාත් සමීපවය. මෙහි පසෙක තවත් ගොනැගිල්ලක් වෙයි. එය එක්ර්ස්ලූට් බැසිටියනේ පිහිටා ඇත. මේ ගොඩනැගිල්ල එදා පැවති රෝහලේ මෘත ශරීරාගාරයයි. අද එය වරාය අධිකාරිය සතු සංචාරක බංගලාවකි.

19 වැනි සියවසේ අග භාගය දක්වාම බි‍්‍රතාන්‍යයන් මේ ගොඩනැගිිලි ති‍්‍රත්වය වෙන වෙනම පවත්වාගෙන ආව ද 1895 දී රජයේ වැඩ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා මේ ගොඩනැගිලි අලූත්වැඩියා කටයුතු ආරම්භ කැර තිබේ.

Photo Credit: Lankadeepa
ඒ වනවිට බි‍්‍රතාන්‍යයන්ට ගාල්ල කොටුවේ හමුදාව වෙනුවෙන් හමුදා රෝහලක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් තිබුණේ නැත. එබැවින් රජයේ වැඩ දෙපාර්තමේන්තුව රෝහල පවත්වාගෙ ගිය ගොඩනැගිල්ල, වෛද්‍ය නිල නිවාසය හා හමුදා බැරැුක්ක තිබූ ගොඩනැගිල්ල යන ගොඩනැගිලි තුනම එහි මූළික සැකැස්මට හානියක් නොවන ආකාරයෙන් එක් ගොඩනැගිල්ලක් බවට පත්කළ බවට බි‍්‍රතාන්‍ය පරිපාලන වාර්තාවල දැක්වේ.

ගොඩනැගිල්ලේ මහල් දෙකකි. අදට ද එහි මධ්‍යයෙන් මුහුද දෙසට ඉදිකළ තවත් කොටසක් දක්නට ලැබෙයි. ඒ පැරණි වෛද්‍ය නිල නිවස කොටසයි.
පර්යේෂකයන් පවසන්නේ දැනට තනි ගොඩනැගිල්ලක් ලෙස පෙනෙන්නට තිබෙන මේ ගොඩනැගිල්ල ගොඩනැගිලි තුනක එකතුවක් බව එය ගොඩනැගීමේ දී භාවිත කළ අමද්‍රව්‍ය අනුව පැහැදිලි වන බවයි.

27ප්ග්-22ඩ්--මඉන්-ප්ග්ස්රජයේ වැඩ දෙපාර්තමේන්තුව විසින් පවරා ගැනීමෙන් පසු තනි ගොඩනැගිල්ලක් ලෙස නවීකරණය කළ ගොඩනැගිල්ලේ 1915 දී ගාල්ල දිස්ති‍්‍රක් කච්චේරිය ස්ථාපිත කැර ඇත. එතැන් පටන් 2004 දෙසැම්බර් 26 දා සුනාමි රළ ගොඩනැගිල්ලට වැදී එහි බිම් මහලේ තිබූ කාර්යාල ලිපි ලේඛණ විනාශ වනතුරු ම කච්චේරිය එහි පැවතිනි. පසුව කච්චේරිය හෙවත් දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය කොටුවෙන් පිටතට ගෙන යාමෙන් පසු ගොඩනැගිල්ල ගාලූ උරුමය පදනම හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් භාවිත කැරිණි.

කලකට පසු හදිසියේම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනුණු මේ බි‍්‍රතාන්‍ය ගොඩනැගිල්ල පිළිසකර කිරීම් කටයුතු ආරම්භ කැරිණි. එසේ වුව ද ලෝක උරුමයක් වූ ගාල්ල කොටුවේ යම් ගොඩනැගිල්ලක් අළුත්වැඩියා කිරීමේ දී ඒ ස`දහා අනුගමනය කළ යුතු නීති රීති මාලාවක් වෙයි. එහි වැදගත් ම දෙයක් වන්නේ ඉතිහාසය හ`දුනාගත හැකි ආකාරයෙන් සංරක්ෂණය කිරීමයි. සංරක්ෂණයේ දී ඒ ස`දහා අවම මැදහත් වීමක් දැක්විය යුතු අතර ඉදිකිරිමේ දී යොදාගත් අමුද්‍රව්‍ය හ`දුනාගෙන එයට ගැලපෙන අමුද්‍රව්‍ය යොදා ගනිමින් සංරක්ෂණ ක‍්‍රමවේදය ඉදිරියට ගෙන යා යුතුය.

මේ ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීමේ දී එය විධිමත් ආකාරයෙන් සිදු නොවූ බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. මේ ස`දහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදහත් වූයේ නැත.

දැන් ගොඩනැගිල්ල අලූත්වැඩියා කර අවසන්ය. ඕලන්ද ජාතිකයන් විසින් ඉදිනොකළ ගොඩනැගිල්ලක් ඕලන්ද රෝහලක් නොතිබූ ගොඩනැගිල්ලක් පිළිසකර කර සුපිරි වෙළෙ`ද සල් සාදා එය ඕලන්ද රෝහල් වෙළෙ`ද සංකීර්ණය ලෙස නම් කර ඉතිහාසයට එකතුකැර තිබේ.


Original Article: http://www.lankadeepa.lk/articles/266464/

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________


________________________________________
Related Posts Plugin for WordPress, Blogger...