අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

අමෙරිකාවට එරෙහිව යුධප්‍රකාශ කල උතුරු කොරියාව සබ්මැරීනවලින් දියත්කරන බැලිස්ටික් මිසයිලයක් අත්හදා බලයි



දකුණු කොරියානු යුධහමුදා ආරංචිමාර්ග පවසන අන්දමට උතුරු කොරියාව අද (ජූලි 9) හිමිදිරි පාන්දර සබ්මැරීනවලින් දියත්කල හැකි බැලිස්ටික් මිසයිලයක් අත්හදාබලා තිබෙනවා. මීට දින කිහිපයකට පෙර අමෙරිකාවට එරෙහිව යුධ ප්‍රකාශකල කිම් ජොන්ග් අන්, සිය තර්ජනය සක්‍රිය කිරීමක් ලෙස විචාරකයින් මෙම අත්හදා බැලීම හඳුන්වනවා.

මීට සති කිහිපයකට පෙර අමෙරිකාව හා දකුණු කොරියාව, උතුරු කොරියානු මිසයිල වලින් දකුණු කොරියාව ආරක්ශාකිරීම සඳහා "Terminal High Altitude Area Defense" නම් මිසයිල ආරක්ශණ පද්ධතියක් ස්ථාපනය කරන බව ප්‍රකාශකලා. උතුරු කොරියාව, මෙම පද්ධතිය තමන්ගේ ආරක්ශාවට තර්ජනයක් බව ප්‍රකාශ කලා.

මිසයිල කොටසක් පරීක්ශා කරන කිම්
උතුරු කොරියානු සබ්මැරීන් මිසයිලයක්

උතුරු කොරියානු මිසයිල පරීක්ශණයක්


උතුරු කොරියානු විද්‍යාඥයින් නිර්මාණය කල න්‍යශ්ඨික පිපිරුම් හිසක් (nuclear warhead) පරීක්ශා කරන කිම්



























































හමුදා අභ්‍යාසයක් නිරීක්ශණය කරන කිම්



























































































හමුදා සංදර්ශණයක ප්‍රදර්ශණය කෙරෙන ටේපොඩොන්ග් වර්ගයේ බැලිස්ටික් මිසයිලයක්
































ජාතික ආදායමෙන් අති විශාල කොටසක් යුධ අවි නිශ්පාදනය හා හමුදා නඩත්තුවට වැයකරන උතුරු කොරියාවේ ගම්බද සාමාන්‍ය ජනතාව දැඩි දරිද්‍රතාවයෙන් පෙලේ.


































__________________________________________________________________________

Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments