අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

2016 International Drone Photography ඡායාරූප තරඟයේ ජයග්‍රාහකයින් නිවේදනය වේ!


ඩ්‍රෝන්ස්ටග්‍රෑම්  (http://www.dronestagr.am/) ඩ්‍රෝන ඡායාරූපකරණ සමාජ ජාලයත්, නැෂනල් ජියෝග්‍රැෆි සඟරාවත් ඒකාබද්ධව පැවැත්වූ 2016 ජාත්‍යන්තර ඩ්‍රෝන ඡායරූප තරඟයේ ජයග්‍රාහකයින් හා ඔවුන්ගේ ඡායාරූප නිවේදනය කොට තිබෙනවා. පහත දැක්වෙන්නේ විවිධ කාණ්ඩවලින් ජයගත් ඡායාරූප හා ඒවා ගත් ඡායාරූප ශිල්පීන්.

සංචාරක ඡායාරූප කාණ්ඩයේ ප්‍රථම ස්ථානය - Francesco Cattuto / ශාන්ත ෆ්‍රැන්සිස් බැසිලිකාව - ඉතාලිය 


ක්‍රීඩා හා ත්‍රාසජනක ක්‍රියා ඡායාරූප කාණ්ඩයේ ප්‍රථම ස්ථානය - Max Seigal / යූටා ප්‍රාන්තයේ මොආබ් ගිරි ශිඛර තරණය


ස්වභාව ධර්මය ඡායාරූප කාණ්ඩයේ ප්‍රථම ස්ථානය - Bern Holdt / ඩෙන්මාර්කයේ කැල්බයිරිස් වනය


අනෙකුත් ජයග්‍රාහක ඡායරූප






__________________________________________________________________________ Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR
CONTACT    : terence.arachchi@gmail.com . 
GOOGLE +   : About Me  . 
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments