අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

අඟහරුවා මත මානවරූපී ඇටසැකිල්ලක්?



අඟහරුවා මත සැරිසරන කිව් රියෝසිටි රෝවරයේ "Mars Hand Lens Imager" කැමරාවෙන් ගන්නා ලද ඡායරූපයක අඟහරුවා මත කලක් ජීවත්ව සිටි මානවරූපී ජීවියෙකුගේ ඇට සැකිල්ලක් දකින්නට ලැබෙන බව එම ඡායරූප විශ්ලේෂණය කල පැරනෝමල් කෘසිබල් නම් විකල්ප ධාරාවේ පර්යේශකයින් පිරිසක් සඳහන් කරනවා.

සම්පූර්ණ ඇටසැකිල්ලක් මෙන් දිස්වෙන මෙම දර්ශණය සැබැවින්ම කුමක්ද යන්න පැහැදිලි නැතත් පැරනෝමල් කෘසිබල් පර්යේශකයින් පවසන්නේ මෙම ඇටසැකිල්ල අඟහරුමත ඇතිවූ මානවරූපී දියුණු ශිෂ්ඨාචාරයක රණකාමියෙකු හෝ බලවතෙකුගේ ඇටසැකිල්ලක් බවයි.



නාසා ආයතනය මෙවැනි වාර්තාවලට නිළ ප්‍රතිචාර නොදක්වන අතර ප්‍රධාන ධාරාවේ විද්‍යාඥයින් පවසන්නේ මෙය එම ස්ථානයේ ඇති පාශාණ වලට ආලෝකය පතිතවන ආකාරය නිසා ඇතිවන ආලෝක ප්‍රයෝගයක් බවයි.

__________________________________________________________________________


Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR
CONTACT    : terence.arachchi@gmail.com . 
GOOGLE +   : About Me  . 
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments