අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

සූර්යයන් තුනක් සිටින, දිනකට හිරු උදාවන් තුනක් හා හිරු බැසයාම් තුනක් ඇති ග්‍රහලොවක් සොයාගැනේ...



ස්ටාර් වෝස් චිත්‍රපට රසිකයින්ට ලූක් ස්කයිවෝකර් හා ඇනකින් ස්කයිවෝකර් (පසුව ඩාත්වේඩර්) ගේ මව් ග්‍රහලෝකය වූ ටැටූඉන් ග්‍රහලෝව මතක ඇති. සූර්යයන් දෙකක් ඇති ග්‍රහලොවක් ලෙස ස්ටාර්වෝස් චිත්‍රපටවල හඳුන්වාදුන් ටැටූඉන් ග්‍රහලෝකයේ සූර්යයන් දෙදෙනෙකු බැසයන සවස් යාමයේ දර්ශණය ඉතා තාත්විකව ප්‍රේක්ශකයින් වෙත ගෙන ඒමට ශ්‍රව්‍යදෘෂ්‍ය ප්‍රයෝග මගින් ස්ටාර්වෝස් අධ්‍යක්ශකවරයා සමත්විය.

තාරකා විද්‍යා ලොවෙන් ලැබෙන වාර්තා අනුව තාරකාවිද්‍යාඥයින්ට ස්ටාර්වෝස් චිත්‍රපටයේ ටැටූඉන් ග්‍රහලොවටත් වඩා අපූර්ව, සූර්යයන් තිදෙනෙකුගෙන් එලිය ලබන ග්‍රහලොවක් හමුවී තිබෙනවා. පෘථිවියෙන් ආලෝකවර්ෂ 320 දුරින් තිබෙන මෙම ග්‍රහලෝකය පෘථිවිය මෙන් 550 ගුණයක් විශාල, බ්‍රහස්පතී වැනි ගෑස් ජයන්ට්ස් (gas giants) ලෙස හැඳින්වෙන  ඝණ පෘෂ්ඨයක් නොමැති ග්‍රහලෝකයක්.

__________________________________________________________________________

Creative Commons License

VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .
CONTACT    : terence.arachchi@gmail.com .
GOOGLE +   : About Me  .
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments