අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

බලංගොඩ මානවයාගේ සන්නිවේදන උපකරණයක් හමුවේ????

අළුගල්ගේ ලෙනෙහි කැණීම් සිදුකරන මහාචාර්ය සෝමදේව හා සිසු සිසුවියන් (C) Archeology.lk
අදින් වසර පන්දහස් පන්සියයකට පෙර (5500) එදා ගල්ලෙන්වල ජීවත්වූ දඩයක්කාර මානව ප්‍රජාව භාවිත කළ සත්ත්ව ඇට කැබලිවලින් නිෂ්පාදනය කළ සන්නිවේදන උපකරණ රැසක් 

බළන්ගොඩට නුදුරු පනාන අළුගල් ලෙනෙන් හමුවී ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් පුරාවිද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කෙළේය.

2016 වසරේ මේ ගල් ලෙනේ කළ කැණීම්වලදී ඉබිකටු කැබැල්ලකින් නිෂ්පාදනය කළ සන්නිවේදන උපකරණයක් හමුවූ බවත් එය ඇමෙරිකාවේ ෆොරීඩා විද්‍යාගාරයට යවා කාල නිර්ණය කිරීමෙන් අනතුරුව නිසැක වශයෙන්ම වසර පන්දහස් පන්සියයක් (5500) බව තහවුරු වී ඇතැයි මහාචාර්යවරයා සඳහන් කෙළේය.

ඒ මහතා මේ තොරතුරු හෙළි කෙළේ මේ දිනවල බළන්ගොඩට නොදුරු පනාන අළුගල්ගේ ලෙනෙහි කරන කැණීම්වලින් හමුවූ පුරාවස්තු පිළිබඳ තොරතුරු හෙළි කරමින්ය.

අළුගල්ගේ ලෙන (C) Archeology.lk
මේ කැණීම්වලදී සත්ත්ව ඇටකැබලිවලින් නිෂ්පාදනය කළ ගෙල පලඳනා, ඊට අමතරව ගල්වලින් නිෂ්පාදනය කළ මැද සිදුරක් ඇති කවයක්, මේ ගල්ලෙනේ ජීවත් වූ දඩයක්කාර මානව ප්‍රජාවගේ දත් දෙකක් ඇතුළු පුරාවස්තු රැසක් හමුවී තිබෙන බවත් ඉබිකටු කැබැල්ලෙන් නිෂ්පාදනය කළ සන්නිවේදන උපකරණ ජ්‍යාමිතික ආකාරයට නිෂ්පාදනය කර ඇති බවත් මේ ගල්ලෙන මුහුදු මට්ටමේ සිට මීටර් තුන්සිය හැටක පමණ උසකින් යුක්ත බවත් මහාචාර්යවරයා සඳහන් කෙළේය.

ඉදිරි දිනවලදී කරන කැණීම්වලදී විස්මිත තොරතුරු රැසක් හෙළිවනු ඇතැයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.



Sources:
https://www.archaeology.lk/5283
http://www.mawbima.lk/print20170101MB20170331.php?id=9651




__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments