අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

iPhone 8 කටකතා



ඇපල් සමාගමේ iPhone 8 තවමත් ඇත්තේ ඉතාමත් රහසිගත පරීක්ෂණ (product testing) අවස්ථාවේය. ඇපල් සමාගම සිය අලුත්ම උපාංග සියල්ලටම අධි ආරක්ෂාවක් ලබාදෙන අතර, ඒවායේ තොරතුරු හෙලි කරන සේවක සේවිකාවන් වහාම සේවයෙන් ඉවත් කරන අතර එම තොරතුරු දන්නා ඇපල් සැපයුම්කාර සමාගම් වලටද එය වලංගුවෙ. එවැනි සමාගම් වලින් ලබාගන්නා සේවය වහාම අවංගු කරන අතර නැවත කිසි දිනක එම සමාගම් සමග ගණුදෙනු කිරීමට ඇපල් සමාගම සූදානම් නැත.

මේ රහස්‍ය භාවය නිසාම අලුත් ඇපල් අයිෆෝන් මාදිලියක් එලි දැක්වීමට පෙර එය කෙසේ වේදැයි අනුමාන කෙරෙන ලිපි හා ග්‍රැෆික් නිර්මාණ අන්තර්ජාලයේ හුවමාරු වන අතර තාක්ෂණ බ්ලොග් හා වෙබ් අඩවිවල "iPhone 8 rumors" නමින් විශේෂ පිටුවක් මේ සඳහා වෙන් කොට ඇත.

අයි ෆෝනය දස වස් සැමරුමට සූදානම් වන මේ වසරේ එලිදැක්වෙන අලුත්ම අයිෆෝනය කෙසේ වේද?




iPhone 8 කටකතා

1] Wrap-around screen - අයිෆෝන් 8 ෆෝනයේ දෙපැත්තෙන් නැවී පවතින රැප්-අරවුන්ඩ් මාදිලියේ තිරයකින් යුතුවනු ඇත යන්න එක් කටකතාවකි.

2] Laser face scanner - ඇඟිලි සළකුණු සංවේදකය වෙනුවට අලුත් අයිෆෝනය භාවිතා කරන්නාගේ මුහුණ ස්කෑන් කල හැකි, අඩුබල ලේසර් ස්කෑනරයකින් යුතු වනු ඇත.

3] All glass phone - අයිෆෝන් 8හි ඉදිරිපස මෙන්ම පසුපස පියනද වීදුරු වලින් නිර්මිත වනු ඇත.

4] 3D Front Camera - ඉදිරිපස කැමරාව ත්‍රිමාණ සංවේදන හැකියාව (3D sensing technology) හැකි කැමරාවක් වනු ඇත. මේ අනුව augmented reality තාක්ෂණය භාවිතා කල හැකි ලෙස ඇපල් අයිෆෝන් 8 නිර්මාණය කොට ඇත.

5] Wireless charging - රැහැන් සම්බන්ධ නොකොට චාර්ජ් කිරීමේ පහසුකම තිබෙනු ඇත.

6] Waterproof iPhone 8 - අයිෆෝන් 7 water resist වන නමුත් waterproof කර නොතිබුණි. එහෙත් අයිෆෝන් 8 සම්පූර්ණයෙන්ම waterproof වනු ඇති අතර ඒ අනුව අයිෆෝනය සමග පිහිණුම් තටාකයක කිමිදීමට අයිෆෝන් ලෝලීන්ට හැකිවනු ඇත.






__________________________________________________________________________ Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments