ලංකාවේ සමුද්‍රීය වනජීවී රක්ෂිත | Marine Wildlife Reserves of Sri Lanka

5 WLD Sign Board.JPG

ලංකාවේ වෙරළ හා ආසන්න සමුද්‍රීය කලාප තුල පරිසර පද්ධති 7ක් හඳුනාගෙන තිබේ. ඒවා නම්;

1] කඩොලාන (Mangroves)
2] කොරල්පර (Coral Reefs)
3] මුහුදු තෘණ බිම් (Sea Grass beds)
4] මෝය හා කළපු (Lagoons and Estuaries)
5] ළවණ වගුරු (Salt Marshes)
6] වැළි කඳු හා වෙරළතීර (Sand Dunes and Beaches)
7] මඩ තැනිතලා (Mud Flats)

සමූද්‍රීය රක්ෂිත වල වැදගත්කම

1] ජෛව විවිධත්වය ආරක්ෂාකිරීමට

2] වඳවීමේ තර්ජනය ඇති හා සුවිශේෂී වැදගත්කමක් ඇති සමූද්‍රීය ජීවීන්, කොරල් පර, කඩොලාන, සමුද්‍රජීවීන් හා පක්ෂීන් අභිජනනය සිදුකරන ප්‍රදේශ ආරක්ෂා කිරීම

3] සුනාමි වැනි ව්‍යසනවලදී මුහුද රළ මගින්වන හානිය අවම කරන කඩොලාන පද්ධති හා වැළිපර ආරක්ෂා කිරීම

4] පාරිසරික සංචාරක (Eco Tourism) කර්මාණ්තය ප්‍රවර්ධනය කිරීම

5] විද්‍යාත්මක පර්යේෂණ පහසුකිරීම

------------------------------------------------------------------------------------------------------
Google Custom Search | විද්‍යා ගවේෂණ වෙබ් අඩවියේ ඇති ඔබට අවශ්‍ය ලිපි සොයාගැනීමට මෙය භාවිහා කරන්න
  ------------------------------------------------------------------------------------------------------


ලංකාවේ සමුද්‍රීය වනජීවී රක්ෂිත | Marine Wildlife Reserves of Sri Lanka

ලංකාවේ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනතෙන් නෛතිකමය ආරක්ෂාව ලැබෙන ජාතික වනෝද්‍යාන වර්ගීකරණයට සමුද්‍රීය ජාතික උද්‍යාන එකතුවූයේ 2009 වසරේ සිදුකරණ ලද සංශෝදන වලට පසුවය. කෙසේ වෙතත් පලමු වරල ලංකාවේ සාමූද්‍රීය ආ ආශ්‍රිත ප්‍රදේශයක් ජාතික අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කලේ 1938 තරම් ඈතකදීය. ඒ චුන්ඩිකුලම් සාමුද්‍රීය අභයභූමියයි.

(C) Department of Wildlife Conservation
මීට අමතරව ඉහල ජෛව විවිධත්වයක් හා වටිනා හා දුර්ලභ සමුද්‍රාශ්‍රිත ජීවී විශේෂ වාසය කරන සාමූද්‍රීය ප්‍රදේශ 8ක් සාමුද්‍රීය රක්ෂිත ප්‍රදේශ බවට පත්කිරීමට යෝජනාකොට තිබෙනවා.මින් 7ක්ම උතුරු-නැගෙනහිර ප්‍රදේශවල වන අතර 1ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුහුදු තීරයේ ඇති මහා රාවණ කොරල් පරය හා කුඩා රාවණ කොරල් පරයයි.

(C) Department of Wildlife Conservation



__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments