මුලු ලොවින්ම කොන්වී, චීනයෙන් ලැබෙන තරමක සහයෙන් පමණක් යාන්තමට හිස ඔසවාගෙන සිටින, අන්ත දුගී බවින් පිරුණු උතුරු කොරියාව, වියැකීගිය ගෞරවය නැවත ලබාගෙන, ලෝකයේ බලවතුන්ට කරදරයක් වන ආකාරයේ හයිකාරකම් කිරීමට යොදාගන්නේ විවිධාකාරයේ අවි ආයුධ අත්හදා බැලීමයි. විටෙක අඩුබල පරමාණු බෝම්බයක්ද, විටෙක්ම මිසයිලයක් හෝ රොකට්ටුවක් ආදී වශයෙන් අත්හදා බලමින් සිය චන්ඩිකම් ලොවට පෙන්නන්නට උතුරු කොරියාව උත්සහ කරනවා.
මේ ක්‍රියාදාමයේ අලුත්ම පියවර වශයෙන් උතුරු කොරියාවේ අඥාදායක කිම් ජොන්ග් අන්ග්, පසුගියදා ජපානය හා දකුණු කොරියාවට තර්ජනයක් වන ආකාරයේ මිසයිල අත්හදාබැලීමක් සිදුකලා. මේලෙස අත්හදා බැලූ මිසයිල තුනක් ජපානය අසල මුහුදට පතිතවූ නිසා ජපානය මෙන්ම දකුණු කොරියාවද කළබලයට පත්වුනා.
ජපානයේ මෙන්ම දකුණු කොරියාවේ ආරක්ෂාවට ගිවිසුම්ගත බැඳීමක් ඇති, එම රටවල් දෙකෙහිම හමුදාකඳවුරු පවත්වාගෙන යන අමෙරිකාව මෙම ප්‍රකෝපකාරී අත්හදාබැලීම් වලට ක්ෂණික ප්‍රතිචාර දැක්වූවා. නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණින් දකුණු කොරියාව වෙත THAAD පද්ධති යවනු ලැබුවේ ඒ අනුවයි.
THAAD හෙවත් Terminal High Altitude Area Defence ලෙසින් හැඳින්වෙන මෙම මිසයිල පද්ධතිය සතුරු මිසයිල ඉලක්කයට ආසන්නවන terminal phase අවස්ථාවේදී ඒවායේ ගැටී පුපුරුවා හැරිය හැකි මිසයිලනාෂක මිසයිල පද්ධතියක්.
අමෙරිකාවේ ලොක්හීඩ් මාර්ටින් ගගනවිද්‍යා සමාගමේ මූලිකත්වයෙන් නිර්මාණය වූ මෙය 2008දී එලිදැක්වුනා. ශබ්දයේ වේගය මෙන් 8 ගුණයක වේගයෙන් ඉලක්කය හඹායන මෙම මිසයිලය කිලෝග්‍රෑම් 900ක් බරයි.
තාඩ් මිසයිලය නිර්මාණය කොට ඇත්තේ, කෙටි, මධ්‍යම හා අන්තර්-මධ්‍යම (intermediate) දුර විදිය හැකි බැලිස්ටික් මිසයිලවලටය. මිසයිලයක් ගුවන්ගතවීම පද්ධතියේ X බෑන්ඩ් රේඩාර් යන්ත්‍ර මගින් හඳුනාගෙන එය නිරීක්ෂණය කරන අතර සතුරු මිසයිලය ඉලක්කය වෙත ලඟාවීමට ආසන්න වන ටර්මිනල් අවස්ථාවේදී තාඩ් මිසයිලය ගුවන්ගතවී, එම සතුරු මිසයිලයේ වැදී එය විනාශ කොට දමයි.
දකුණු කොරියාවට අමතරව අමෙරිකාව විසින් තාඩ් මිසයිල ඇමරිකාවට අයත් ගුවාම් යුධ කඳවුරේ හා ජපානයේ අමෙරිකන් කඳවුරු වලද ස්ථානගත කොට ඇත.
__________________________________________________________________________
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by
Terence Kahapola Arachchi is licensed under a
Creative Commons Attribution 4.0 International License. Based on a work at
http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at
http://vidya-gaweshana.blogspot.com/.
. POSTED BY : Terence Kahapola Arachchi . AUTHOR/OWNER/ADMINISTRATOR .
CONTACT : terence.arachchi@gmail.com . GOOGLE + : About Me . FACEBOOK : www.facebook.com/terence.arachchi .
__________________________________________________________________________
Comments
Post a Comment