Related Posts Plugin for WordPress, Blogger...

Friday, 3 March 2017

ලෝක වනජීවී දිනය අදයි - ලංකාවේ Top 7 වනජීවීන්

(C) Department of Wildlife Conservation - Sri Lanka
1.ශ්‍රී ලංකා අලියා

ශ්‍රි ලංකා‍නු අලියා, ආසියානු අලින්ගේ උපවිෙශ්ෂයන් අතර විශාලතම උපවිශේෂය වුවත්, අප්‍රිකානු අලින්ගේ උපවිෙශ්ෂයන් දෙකටම වඩා කුඩාය. ඉතිහාස දත්තයන් හා දහනමවන සියවෙසහි ගන්නා ලද ඡායා රූප හා සස‍දන කල, මෙකල ජාතික වනෝද්‍යයාන වල සිටින අලින් එකල අලින්ට වඩා කුඩාය. මෙයට හේතු වී ඇත්තේ දිගු කාලයක් තුල සිදුකල අලි දඩයම් හා හිලැ කිරීම්ය. ලංකා‍ව, වසර දහස් ගනණකට පෙර, ඉන්දියානු අර්ධද්වීපයෙහි කොටසක්ව පැවතිකල, දකුණු ඉන්දියාවෙන් ලංකා‍වට අලින් සංක්‍රමණය වුවායැයි සිතිය හැක. ඉතා වැදගත් සංස්කෘතික බැදිමක් මිනිසා හා අලියා අතර පවති. අලින් ගහනය ජාතික වනෝද්‍යයාන වලට හා අභය භෑමි වලට සිමා වී ඇත. උඩවලව ජාතික උද්‍යානය, මින්නේරිය ජාතික උද්‍යානය, විල්පත්තු ජාතික උද්‍යානය, යාල ජාතික උද්‍යානය අලින් නැරබීමට අගනා ස්ථානයන්ය.

ලංකා‍නු අලියා ශාක භක්ෂක සතකු වන අතර තණකොල, ගස් වල පොතු, ඉදී වැටිනු පලතුරු ජාති හා තාල වර්ගයේ ශාක පත්‍ර මොවුන්ගේ ප්‍රියතම ආහාරයන්ය. විශාල පිරිමි සතෙකුට දිනකට කිලෝග්රෑම් 200 පමණ ආහාර අවශ්‍යයය. ඉතිහාසයට අනුව අලින්ගේ ප්‍රධාන වාසස්ථන නිම්න භුමි වැසි වනාන්තරත්, කදුකර වනාන්තරත්, වියලි කලාපීය වනාන්තරත් වේ. නමුත් මෙකල කදුකර වනාන්තර වලින්, අලින් වදවී යන අතර වැඩි වශයෙන්, අලින් දැකගත හැක්කේ වියලි වනාන්තර වලය. ලංකා‍නු අලින් වදවී යාමෙ තර්ජනයට මුහුණ දී ඇත. ලංකා‍වෙහි ඇත් දළ ව්‍යාපාරයට වසර 2000 ක පමණ අතීතයක් ඇත. 18 වන සියවස හා 19 වන සියවසේ මුල් භාගයේදී අලින් විශාල වශයෙන් දඩයම් කරන ලදි. 1999 සිට 2006 දක්වා කාලය තුල අලින් 100කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කර ඇත. අද සංරක්ෂණය නොකල ප්‍රදේශවල අලින් අත්තේ සුලු වශයෙනි. දළ ඇතුන් සිටින්නේ මුළු ගහනයෙන් සියයට 5 ත් 7ත් අතර ප්‍රමාණයකි.

2. කොටියා

පැන්තීරා පාර්ඩුස් කියල කුළයට අයිති කොටි (ඉන්ග්‍රීසියෙන් ලෙපර්ඩ්) කියල බිළාල වර්ගයන් කිහිපයක්ම ඉන්නවා. ඉන්දියානු කොටියා, අප්‍රිකනු කොටියා, අරාබියානු කොටියා, පර්සියානු කොටියා, උතුරු-චීන කොටියා, අමූර් කොටියා (රුසියාව), ඉන්දුචීන කොටියා (අග්නිදිග ආසියාව), ජාවා කොටියා හා ශ්‍රී ලංකා කොටියා වශයෙන් කොටි වර්ග ගණනාවක් හඳුනාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා කොටියා,  ලංකාවටම ආවේණික වූ උප විශේෂයක් වන අතර පැන්තීරා පාර්ඩුස් කොටියා (Panthera pardus kotiya) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනවා. මොවුන් ඉන්දියානු කොටියන්ට වඩා මදක් වෙනස්.

ලංකාවේ තෙත්, වියලි හා ශුෂ්ක යන කලාප තුනේම පැතිරී සිටින කොටියා ලංකාවටම ආවේණික උප විශේෂයක් ලෙස මුලින්ම හඳුනාගත්තේ ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම සත්ව වේදියෙකු වෙන පී දෙරණියගල මහතා විසිනුයි. ඔහු විසින් 1956 ලියන ලද "The Ceylon leopard, a distinct subspecies" නිබන්ධනයේ ලංකා කොටියාගේ සුවිශේෂී ලක්ෂණ දක්වා තිබෙනවා.

ලොව වෙසෙන අන් සියලු කොටියන් සේම ශ්‍රී ලාංකික කොටියා ද තම ආහාරය පිණිස කුඩා ක්‍ෂීරපායීන්, පක්ෂීන්, උරගයින් සහ විශාල ප්‍රමාණයේ සතුන් ඇතුළු සතුන් විශාල ප්‍රමාණයක් ගොදුරු කරගනී. තිත් මුවෝ වියළි කලාපීය දිවි ගොදුරු අතර ප්‍රමඛස්ථානයක් උසුලයි. තව ද මෙම සත්වයා වදුරන්, වල් ඌරන්, ගෝණා වැනි සතුන් ද ගොදුරු කරගනී.

විවිධ නිරීක්‍ෂණ වල ප්‍රතිඵලවල‍ට අනුව මෙම සතුන්ට හොදින් වැඩුනු කුළු හරකුන් පවා තම ග්‍රහණයට නතුකරගැනීමේ හැකියාව ඇත. කොටියා දඩයමේ යෙදෙන විට පළමුව ඉතාමත් උපක්‍රමශීලීව නිශ්ශබ්දව තම ගොදුර කරා ඇදේ. අනතුරු‍ව ඉතාමත් ප්‍රබල වේගයකින් ලගා වේ. කොටියා විසින් තම ගොදුරේ ගෙල එක් වරක් සපනු ලැබීමෙන්ම ගොදුර මරා දමනු ලබයි.

මෑත කාලයේ දී යාල ජාතික වන උද්‍යනය තුළ සිදු කරන ලද පර්යේශනයකින් අනාවරනය කරන ලද තොරතුරු වලට අනුව ශ්‍රී ලංකා කොටියා ලොව අන් කොටි ගහනයන් හා සසදන කල වැඩි සමාජශීලී බවක් හෝ අඩු නිශාචර හැසිරීමක් නොපෙන්වති. ගැහැනු සතුන් හා පැටවුන් හැරුනු කොට ශ්‍රී ලංකා කොටියා ඒකචාරී දඩයම් කරුවෙක් ලෙස සැළකේ. බොහෝ විට ගැහැනු සතුන් වරකට පැටවුන් දෙදෙනෙක් පමණ බිහිකරන අතර වියළි කාලවලදී තරමක වැඩි සම්භාවිතාවක් සහිතව වසර පුරාම සංවාසයේ යෙදෙයි. සාමානය්‍යයෙන්, ලොව වෙසෙන අන් කොටි සසඳන කල ශ්‍රී ලංකා කොටියා තම දඩයම ගස් මත සැගවීම නොකරයි.

ලංකාවේ වැඩිම කොටි ගහණය වාර්තා වන්නේ යාල හා විල්පත්තු ප්‍රදේශවලින්ය.


(C) Department of Wildlife Conservation - Sri Lanka
3. ශ්‍රී ලංකා වළහා (Sloth Bear)

අර්සිඩේ කුළයට අයත් මෙලුර්සස් උර්සිනස් නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන වළහා වේයන්ප, ළතුරු හා කුහුඹුවන් ආහරයට ගන්නා ක්ෂීරපායි සතෙකි. ඉන්දියානු වළහාට වඩා ප්‍රමාණයෙන් කුඩා ලංකාව වළහා මෙලුර්සස් උර්සිනස් ඉනෝර්නෙටස් යන උපකුළයට අයත්ය.

ලංකාවේ වියලි කළාපීය වනාන්තරවලට සීමාවී ඇති වළසා දැකීම දුර්ලභය. යුගල වශයෙන් සංචාරය කරන වැඩිහිටි වළසුන්ට මිනිසෙකුට වඩා වේගයෙන් දිවීමේ හැකියාව ඇති අතර වේ තුඹස් කැඩීමට, ගස් නැග මී වඩ කැඩීම සඳහා අනුවර්තනය වී ඇති දිගු නිය පහුරු මිනිසෙකුට අතිවිශාල හානියක් කල හැකිය.

යාල, විල්පත්තු, කුමණ හා වස්ගමුව ජාතික වනෝද්‍යානවල වාසය කලත් දැකීම ඉතා දුර්ලභය. ලංකාවේ වනජීවී අණපණත් අනුව දැඩි ලෙස රක්ෂණය කරන සත්වයෙකි. මිනිස් ක්‍රියාකාරකම් නිසා විශාල ලෙස වාසස්ථාන අහිමිවන වළසා වඳවෙමින් පවතී.

-

4. අලිමානාවා (ශ්‍රී ලංකාවේ උසින් වැඩිම පක්ෂියා)

සිකොනිඩේ (Ciconiidae) කුලයට අයත් අලිමානාවා ලංකාවේ ජලාශ්‍රිතව දක්නට ලැබෙයි. සාමාන්‍යයෙන් සෙ.මී.130-150 උසින් යුක්ත මෙම ජලජ පක්ෂියා තනිව හෝ යුගල වශයෙන් පවුල් හෝ රංචු වශයෙන් හමුවෙයි. ස්වභාවික හා කෘත්‍රිම මඩ වගුරු ආශ්‍රිත ප්‍රදේශ තම නේවාසිකාගාර කර ගන්නා මෙම පක්ෂි විශේෂය ස්වභාවික තෙත් බිම් ආශ්‍රිතව නිරීක්ෂණය කිරීමට ද පුළුවන.

වැඩුණු අලිමානාවා ඉතා අලංකාර කළු වන් නිල් විචිත්‍ර වර්ණයෙන් යුත් හිසකින්ද එම වර්ණයේම ගෙලකින්, පියාපත් යුගලකින් මෙන්ම පෙඳයකින් හා දීප්තිමත් රත් පැහැ පාද යුගලකින් ද යුක්තය. ගැහැනු සතුන් හා පිරිමින් එකම හැඩයක් ගන්නා මෙම පක්ෂි විශේෂයෙහි ගැහැනු පිරිමි හඳුනාගත හැක්කේ ඇසෙහි වර්ණයෙනි. පිරිමි සතාගේ ඇස කහ පැහැයෙන් යුතු වන අතර ගැහැනු සතාට හිමි ව ඇත්තේ දුඹුරු පැහැ නෙත් යුගලයකි.

Photo Credit: http://www.zoom.lk/forums/showthread.php?t=22117
මාංශ භක්ෂක පක්ෂියකු වන අලිමානාවා (Black necked stork) කුඩා ජලජ සතුන්, ඉදිබුවන්ගේ සහ කැස්බෑවන්ගේ බිත්තර බහුල ලෙස ආහාරයට ගනී. තියුණු දිග හොටය හා උසින් යුතු දෙපය අලිමානාවට පහසුවෙන් කුඩා සතුන් ගොදුරු කරගැනීමට උදවු වේ.

අතුපතර විහිදුණු විසල් හුදෙකලා තුරු සිරස මත ශක්තිමත් කෝටු ආධාරයෙන් කැදැල්ල තනන අලිමානාව කැදැල්ලෙහි මධ්‍යයේ සුව පහසු කිරීම සඳහා ජලජ පැළෑටි හා ශාක පත්‍ර යොදා ගනී. මෝසම් සමයේ ඇරඹුමත් සමඟ ඉදිකිරීම අරඹන මෙම කැදැල්ලක විෂ්කම්භය මීටර් 1 හෝ 2 පමණ වේ. එම කැදැල්ලෙහි කිරිල්ලිය වරෙකට බිත්තර හතරක් දමයි. 

ලෝක පරිසර සංරක්ෂණ සංගමය “ආසන්න තර්ජිත සත්ව විශේෂයක්” ලෙස හඳුන්වා ඇති අලිමානාවා ලංකාවේ වන සත්ව හා වෘක්ෂලතා පනත යටතේ ආරක්ෂිත පක්ෂියෙකි. ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල සුලභව දැකිය හැකි අලිමානාවා අපේ ‍රටෙහි නේවාසික දුර්ලභ පක්ෂි විශේෂයකි. ලංකාවේදී හමුවන උසින් වැඩිම පක්ෂියා වන අලිමානාව දකුණු වෙරළ තීරයේ හා වගුරු ආශ්‍රිත ප්‍රදේශවලදී දැක ගැනීමට සංචාරකයනට අවස්ථාව උදාවෙයි.

5. ගැට කිඹුලා (Saltwater Crocodile)

ගැට කිඹුලා (ක්‍රොකඩිලස් පොරෝසස්) යන සත්ත්ව විශේෂය, ජීවත් වන සමස්ත උරගයන්ගෙන් විශාලතමයා වන අතර, ලෝකයේ විශාලතම භෞමික සහ ගංගාබද විලෝපියා වෙයි. පිරිමි සතෙකු මීටර් 4-5 දිගටද, කිලෝග්‍රෑම් 400-1000 දක්වා බරකින්ද යුතුවන අතර කිලෝ 2000ක් බර දැවැන්තයිද හමුවී ඇත.

ජවසම්පන්න, උපක්‍රමශිලීව ගොදුරු කරා ලඟාවී ඩැහැගන්නා මාංෂ භක්ෂකයෙකි. ගැහැණු සතා බිත්තර 40-60ක් පමණ ගං ඉවුරුවල හා වගුරු ඉවුරුවල සෑදූ බෙන තුල දමයි. දින 90කින් පමණ පැටවුන් බිහිවන අතර පැටවුන්ගේ ලිංග නිර්ණය වන්නේ කූඩුවේ උෂ්ණත්වය අනුව බව සොයාගෙන තිබේ.

(C) Image Credit: Lankadeepa

------------------------------------------------------------------------------------------------------
Google Custom Search | විද්‍යා ගවේෂණ වෙබ් අඩවියේ ඇති ඔබට අවශ්‍ය ලිපි සොයාගැනීමට මෙය භාවිහා කරන්න
  ------------------------------------------------------------------------------------------------------

6. දාර කැස්බෑවා - Leather-back Turtle (Dermochelys coriacea)



දියවැල් (currents) හරහා විශාල දුරක් ගමන් කරන මෙම කැස්බෑ වර්ගය මීටර් 1200 තරම් ගැඹුරු මුහදේ කිමිදේ. මෙම වර්ගයේ පිටතින් ඇත්තේ කටුවකට වඩා වෙනස් අධික ඝනකමින් යුත් සමකි, මෙම වර්ගයේ වැඩිහිටි කස්බාවකු දිගින් මීටර් 2.5 පමණ වන අතර ඉහත සඳහන් කල විශේෂිත පිට කටුවේ ඇති දාර මගින් මෙම කැස්බෑ වර්ගය හඳුනාගත හැක.

දැල්ලන්, ඇල්ගී වර්ග සහ jellyfish ආහාරයට ගන්නා මෙම කැස්බෑ වර්ගය සාමාන්‍යයෙන් මුහුදේ සිටින jellyfish ගහනය පාලනය කරන අතර මොවුන්ගේ කැදලි ඉතා ගැඹුරට හාරනු ලබයි. එක කැදැල්ලක බිත්තර 130 පමණ දැකගත හැකි අතර බිත්තරයක් සෙන්ටිමීටර් 5 පමණ දිගකින් යුත් වේ.

7. නිල් තල්මසා

මිහිමත ජීවත් වන විශාලතම සත්ත්වයා ලෙස හැඳින්වේ. හොඳින් වැඩුනු නිල් තල්මසෙකු දිගින් මීටර් 30 ක් පමණ වේ. ටොන් 125 ක් පමණ බරය. උගේ වලිගය මීටර් 6 ක් පමණ පළල වේ. උගේ මාංශ පේශි වල පමණක් බර ටොන් 50 ඉක්මවන අතර අස්ථි වල බර ටොන් 20 ක් පමණ වේ. නිල් තල්මසාගේ දිවෙහි පමණක් බර ටොන් 2 ½ ක් පමණ වේ.

සෙටාසෙයා ගෝත්‍රයට අයත් සමුද්‍ර ක්‌ෂිරපායි සතුන් අතරට තල්මසා, ඩොල්පින් සහ පෝපසා අයත් වේ. ජීවිත කාලයම සමුදුරේ ගෙවන තල්මසා පැටවුන් බිහි කරන අතර කිරි උරා වැඩෙන සත්ව විශේaෂයකි. මොළය හොඳින් වර්ධනය වි ඇත. සම අභ්‍යන්තරයේ පිහිටි මේද තට්‌ටුව සිරුරේ උණුහුම පවත්aවා ගැනීමට හේතු වි ඇත. සිරුරේ උණුහුම මිනිසෙකුට සමාන වන සේ පිහිටා ඇති අතර එය සෙන්ටිග්‍රේඩ් 37 ක්‌ පමණ වේ. 

(C) Image Credit : Lankadeepa


__________________________________________________________________________ Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...