ලෝක ජනමාධ්‍ය ඡායරූපකරණ ආයතනය (World Press Photo Foundation) විසින් 60වන වරටත් සංවිධානය කල 2017 World Press Photo Contest තරඟාවලියේ ජයග්‍රාහකයින් මේවන විට නම්කොට ඇති අතර, ප්‍රථම ස්ථානය ඇසෝසියේටඩ් ප්‍රෙස් ඡායාරූපශිල්පී බර්හන් ඔස්බිලිසි විසින් දිනා ගත්තා. පහත දැක්වෙන එම ඡායාරූපය ගනු ලැබුවේ තුර්කියේ අන්කාරා නුවර සිදුවූ ඝාතනයක් අතරතුරයි.
2016 දෙසැම්බර් 19 වැනිදා මෙලෙස ඝාතනයට ලක්වූයේ තුර්කියේ රුසියානු තානාපති අන්ද්‍රේ කාර්ලෝෆ් මහතාය. තුර්කි ජාතික පොලිස් නිළධාරියෙකු, රුසියාව, සිරියාවේ එල්ල කරන ප්‍රහාරවලින් සිදුවන ජනඝාතනයට විරෝධය පලකරන්නට මෙම ඝාතනය සිදුකල බව පැවසෙනවා. මේ ඡායාරූපයේ දැක්වෙන්නේ රුසියානු තානාපතිවරයාට වෙඩිතැබූ තරුණ පොලිස් නිළධාරියා එම මොහොතේ එතැන බියෙන් මුසපත්ව සිටි ජනතාවට කෑගසා සිය ඝාතනයට හේතුව ප්‍රකාශකරන අන්දමයි.
![]() | ||
රටවල් 126ක ඡායාරූපශිල්පීන් 5034දෙනෙකු ඉදිරිපත්කල ජනමාධ්‍ය ඡායාරූප 80,408 කාණ්ඩ 8කින් ජයග්‍රාහකයින් තෝරාගෙන තිබෙනවා. මෙම ජයග්‍රාහී ඡායාරූපශිල්පීන් භාවිතකල කැමරාමාදිලි පිලිබඳ වාර්තාවක් පෙටාපික්සල් ඡායාරූපකරණ බ්ලොගයේ සටහන්ව තිබී අපට හමුවුනා.
2017 World Press Photo Contest ජයග්‍රහණ අත්කරදුන් කැමරා සන්නාම හා මාදිලි
වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් ලබාගෙන ඇත්තේ කැනන් කැමරා භාවිතාකරන ශිල්පීන් වන අතර දෙවන හා තුන්වන ස්ථාන නිකොන් හා ෆුජිෆිල්ම් දිනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම වැඩි ජයග්‍රහණවලට හේතුව කැනන් කැමරා වත තත්වය නිකොන් කැමරාවලට වඩා උසස් නිසා නොව, දැනට ලොව වැඩියෙන්ම ජනප්‍රිය වෘත්තීය මට්ටමේ DSLR කැමරා සන්නාමය කැනන් වීම නිසයි.
ජයග්‍රාහී ජනමාධ්‍ය කැමරාශිල්පීන් භාවිතාකල කැමරා මාදිලි
__________________________________________________________________________
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment