HISTORY : දෙවෙනි ලෝක යුද්ධයේ වර්ණ ඡායාරූප (II කොටස)


නම : එලිසබෙත් ගාඩ්නර්
වයස : අවු 22 (1943දී)
රැකියාව : ගුවන් නියමු (Women Air-force Service Pilot)
සේවා ස්ථානය : Harlingen Army Air Field, Texas
පදවන ගුවන් යානය : Martin B-26 'Marauder' medium bomber

එලිසබෙත් වැනි යුවතියන් දහස් ගණනක් WWII සමයේදී ගුවන්යානා කම්හල්වල නිෂ්පාදනය කල යුධ ගුවන්යානා, ඒවා යුධ පෙරමුණට යවන ස්ථානවලට පියාසර කොට තිබෙනවා. පිරිමින් සියලුදෙනා යුධ පෙරමුණේ සටන්වදින අතර එලිසබෙත් වැනි යුවතියන් ඔවුනට අවශ්‍ය අවි-ආයුධ නිශ්පාදනයට හා ප්‍රවාහණයට දායක වුනා. 1921දී උපන් එලිසබෙත් ගාඩ්නර් 2011 වසරේදී අවුරුදු 90ක් ආයු වළඳා මියගියා.


1943
ඇමරිකන් B-17 බෝම්බ ප්‍රහාරක යානයක්
ජර්මනියේ මැරියෙන්බර්ග් ප්‍රදේශයේ
ප්‍රහාරයක් එල්ලකරමින් 




1942 ලන්ඩන්
සතුරු ගුවන්යානා හඳුනාගැනීමට පුහුණුකරන ලද
Auxiliary Territorial Service (ATS) සේවාවේ යුවතියක්
නිරීක්ෂණ රාජකාරියේ යෙදෙමින්




1942 දෙසැම්බර්
සතුරු හා මිතුරු හමුදාවන්වල ගමන් මාර්ග සිතියම්වල සටහන් කරන
Auxiliary Territorial Service (ATS) සේවාවේ යුවතියන්
වෙරළබඩ කාළතුවක්කු බළකා මූලස්ථානය
ඩෝවර් වෙරළ තීරය,
බ්‍රිතාන්‍යය




1944 අගෝස්තු 2
ප්‍රංශයේ නෝමැන්ඩි ප්‍රදේශයේ ඉදිරියට යන බ්‍රිතාන්‍ය ෂර්මන් යුධ ටැංකි.


1944 ජූලි
ගුවාම් දූපතේ ඇමරිකන් මැරීන් හමුදාව



79 වැනි ඇමරිකන් පාබල හමුදාව
නෝමැන්ඩි ප්‍රදේශයේදී හදිසි ජර්මන් ප්‍රහාරයකදී



30 වැනි ඇමරිකන් පාබල හමුදාව
ජර්මන් ස්නයිපර් වෙඩික්කරුවෙකු සොයමින් බෙල්ජියමේ, ස්ටැවලොට් ග්‍රාමයේ ගෙයින් ගෙට සෝදිසියකදී



පෙබරවාරි 12, 1945
බ්‍රිතාන්‍ය හමුදාවේ චර්චිල් යුධ ටැංකි
ක්ලීව් ප්‍රදේශය, ජර්මනිය



මාර්තු 27, 1945M3A1 හාෆ් ට්‍රැක් යුධ රථය
ඇමරිකන් හමුදාවේ 27 වැනි සන්නද්ධ පාබල බළකාය
ජර්මනියේ රයින් නදිය අසල එන්ගර්ස් ග්‍රාමයේදී




සැප්තැම්බර් 21, 1944
728වැනි බෝම්බ හෙලන බළගණයේ B-17G Flying Fortress බෝම්බ හෙළන යානා ජර්මන් ගුවන්යානා නාෂක ප්‍රහාරයකට මුහුණ දෙමින්
බටහිර ජර්මනිය

ජූලි 1944
බ්‍රිතාන්‍ය ගුවන්හමුදාවේ වින්ග් කමාන්ඩර් ජෝන් රොබර්ට් බෝල්ඩ්වින් සිය Hawker Typhoon Mark IB ප්‍රහාරක යානය සමග
නෝමැන්ඩි, ප්‍රංශය,



1944 දෙසැම්බර්
526වැනි සන්නද්ධ පාබල බළකාය
ඇමරිකන් යුධ හමුදාව
මැල්මඩි, බෙල්ජියම




1943 දෙසැම්බර්
මිලිමීටර් 75 හොවිට්සර් කාළතුවක්කුව
12 වැනි ඇමරිකන් මැරීන් රෙජිමේන්තුව
බෝගන්විල් දූපත
පැපුවා නිව්ගිණියාව



දෙසැම්බර් 7, 1941
පාර්ල් හාබර් ප්‍රහාරයේදී විනාශවූ USS Cassin යුධ නෞකාව
පර්ල් වරාය
හවායි

 
 
දෙසැම්බර් 7, 1941
පාර්ල් හාබර් ප්‍රහාරයේදී විනාශවූ USS Shaw යුධ නෞකාව
පර්ල් වරාය
හවායි
 


දෙසැම්බර් 7, 1941
පාර්ල් හාබර් ප්‍රහාරයේදී විනාශවූ USS Arizona යුධ නෞකාව
පර්ල් වරාය
හවායි
 


දෙසැම්බර් 7, 1941
පාර්ල් හාබර් ප්‍රහාරයේදී විනාශවූ USS West Virginia යුධ නෞකාව
පර්ල් වරාය
හවායි
 


දෙසැම්බර් 7, 1941
ෆෝඩ් අයිලන්ඩ් ගුවන් කඳවුර
පර්ල් වරාය
හවායි



නොවැම්බර් 1944
මරාගෙන මැරෙන ප්‍රහාර එල්ලකරන
ජපන් කමිකාසී ගුවන් නියමුවන්
ටෝකියෝ



නොවැම්බර් 20, 1943
Battle of Tarawa ප්‍රහාරයට සූදානම් වන ඇමරිකන් මැරීන් බළකාය
ටරාවා කොරල් දූව
කිරිබාතී දිවයින් සමූහය
පැසිෆික් සාගරය 





නොවැම්බර් 20, 1943
Battle of Tarawa ප්‍රහාරයට සූදානම් වන ඇමරිකන් මැරීන් බළකාය
ටරාවා කොරල් දූව
කිරිබාතී දිවයින් සමූහය
පැසිෆික් සාගරය





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments