චමත් පලිහපිටිය, සිලකන් නිම්නයේ නමක් දිනාගෙන ඉන්න, ෆේස්බුක් එකට අවුරුද්දක් වගේ ළදරු වයසේදී රැකියාවට ගිහිල්ලා මාර්ක් සකර්බර්ග් සමගත් ලඟින්ම වැඩකලා තියෙන, නිතරම ඇමරිකානු CNBC, Bloomberg, වැනි වාණිජ ප්‍රවෘත්ති රූපවාහිණි වැඩසටහන්වලට ආරාධනා ලැබෙන තරුණයෙක්. ලංකාවේ ඉපදී, කුඩාකලම දෙමව්පියන් සමග කැනඩාවේ පදිංචියට ගිය චමත්, කැනඩාවේ වෝටර්ලූ විශ්වවිද්‍යාලයෙන් විදුලි ඉන්ජිනේරු විද්‍යාව පිලිබඳව උපාධිය දිනාගෙන තිබෙනවා.
ඔහු කියන අන්දමට ඔහුට කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයට එන්න හිතිලා තියෙන්නේ ඔහුගේ පෙම්වතිය සිලිකන් නිම්නයේ රැකියාවකට එන්න තීරණය කල නිසාලු.
ෆේස්බුක් එකේ වැඩට යන්න ඉස්සෙල්ලා පලිහපිටිය එකල අතිවිශාල අන්තර්ජාල සමාගමක්වුනු AOL සමාගමට සම්බන්ධවෙලා එහි Instant Messaging අංශයේ ප්‍රධානියා බවට පත්වෙලා තියෙනවා.
ෆේස්බුක් එකේ වැඩකරන ගමන්ම විවිධ ආයෝජන සිදුකල චමත්, ෆේස්බුක් එකෙන් අස්වෙලා තමන්ගෙම ආයෝජන සමාගමක් පටන් ගත්තා. ඒකෙ නම Social Capital . මෙම සමාගම සිලිකන් නිම්නයේ නමක් දිනාගත් පීටර් ටීල්ගේ (Peter Thiel) පැසසුමට බඳුන්වෙලා තියෙනවා.
RELATED POSTS
තාක්ෂණය, සෞඛ්‍යසේවා, අධ්‍යාපනය හා සම්බන්ධ ව්‍යාපාර වගේම මෘදුකාංග තාක්ෂණය සම්බන්ධ ව්‍යාපාරවල ආයෝජනය කිරීම සෝෂල් කැපිටල් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත වනවා. විශේෂයෙන් වෙනත් ආයෝජකයින් ආයෝජනය කිරීමට අකමැති, එහෙත් හොඳ ව්‍යාපාරික අදහස් ඇති තරුණ ව්‍යාපාරිකයින්ට අතහිත දීම සෝෂල් කැපිටල් සමාගම ඇරඹීමේදී ප්‍රධාන අරමුණක් ලෙස තබාගත් බව පලිහපිටිය කියනවා. මේවන විට සෝෂල් කැපිටල් ආයෝජන සමාගමේ මුලු ආයෝජන ඩොලර් බිලියනයකට වැඩි බවයි වාර්තා වන්නේ.
සිලිකන් නිම්නයේ චමත් පලිහපිටිය නමක් දිනාගෙන තියෙන තව එක් දෙයක් නම්, හිතේ තියෙන එක හංගන්නේ නැතුව, කෙලින්ම කියන එක. චමත්ගේ ව්‍යාපාරික සාකච්ඡා වීඩියෝ කිහිපයක් නරඹලා තියෙන නිසා මම මෙය හොඳින්ම දන්නවා. ඔහු කිව යුතු දෙය ඕනෑම තැනක කෙලින්ම බය නැතුව කියනවා. ඒ ඔහුගේ හැටි.
ඊයේ CNBC ව්‍යාපාරික රූපවාහිණී චැනලයේ කෙටි සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ අයි.බී.එම් සමාගම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ගැන වැඩි වෙහෙසක් නොගන්නා සමාගමක් බවත්, ගූගල්, ටෙස්ලා වැනි සමාගම් මේ තාක්ෂණය අතිවිශාල ලෙස දියුණු කරගෙන ඇති බවත්.
ඩබල් ජෙපර්ඩි නම් අපහසු ප්‍රශ්ණ විචාරාත්මක තරඟයකින් ජයගත් අයි.බී.එම් වොට්සන් කෘත්‍රිම බුද්ධි වැඩසටහන් ගැන විමසූවිට චමත් කියා සිටියේ වොට්සන් වැඩසටහන නියම කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් නොව විහිලුවක් බවයි.
__________________________________________________________________________

Comments
Post a Comment