අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ARTIFICIAL INTELLIGENCE : ප්‍රමාද වියහැකි ගුවන්ගමන් අණාවැකි කියන Google AI ඇප් එක


Flight ගූගල් ඇප් එක ගුවන්ගමන්වල නිතර යෙදෙන අයට නැතුවම බැරි ඇප් එකක්. ගුවන් ගමන් දහස් ගණනක පිටත්වෙන වෙලාව, ගොඩබාන, මගීන් නංවාගන්නා/ ගොඩබාන ගේට්ටු අංකය වගේ වැදගත් වැදගත් තොරතුරු මේ මගින් ලබා දෙනවා.

මේ ඇප් එකට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ආධාරයෙන් අලුත්ම අංගයක් එකතු කරන්න ගූගල් කටයුතු කරලා. ඒ ගුවන් සමාගම නිවේදනය කරන්නට ඉස්සෙල්ලා ප්‍රමාදවිය හැකි ගුවන් ගමන් පිලිබඳ අනාවැකි ලබාදීම. මේ අණාවැකි සඳහා එක් එක් ගුවන් ගමණට බලපෑ හැකි වෙනත් ගුවන් ගමන්, ගුවන් තොටුපොලවල යානා ගොඩ බෑම හා පිටත්වීම සඳහා ඇති තදබදය, පියාසැරි ගමන්මාර්ගවල කාළගුණ තත්ව ආදි තොරතුරු සළකලා බලනවා. මේ දත්ත කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර මගින් විශේෂණය කරලා හැකිතාක් නිවැරදිව අණාවැකි කියන විධියට මේ ඇප් එක යාවත්කාලීන කරපු බවයි ගූගල් පවසන්නේ.








__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments