පසුගිය තුන්වැනිදා සිරියානු ජිහාඩි ත්‍රස්තවාදීන් විසින් උරමත තබාගෙන විදින හීට්-සීකින් මිසයිලයක් මගින්, සිරියානු රජයේ සහයට පැමිණ සිටින රුසියානු ගුවන්හමුදාවේ Su-25 ප්‍රහාරක ජෙට් යානයකට පහරදෙන වීඩීයෝවක් අන්තර්ජාලය පුරා පැතිරෙමින් තිබුණි. එන්ජිමක් ගිණිගනිමින් කඩාවැටෙමින් තිබූ එම යානයෙන් නියමුවා එලියට පැණගත් බව වාර්තාවුනු නමුත් ඔහුට කුමක් සිදුවුනිදැයි වාර්තා නොවීය.
මේජර් රොමාන් ෆිලිපොෆ් නම් මේ තරුණ රුසියානු ජෙට් නියමුවා නිරුපද්‍රිතව ගොඩබැස්ස නමුත්, ඔහු පසු පස හඹා ආ අල්ඛයිඩා ත්‍රස්තයින් ඔහුව අල්ලා ගැනීම ලෝකයටම පෙන්වීම සඳහා වීඩියෝ කැමරාද රැගෙන ඔහු සැඟවී සිටි ස්ථානයට වෙඩි තබමින් පැමිණියා. ජිහාඩින් බලාපොරොත්තුවූයේ මේ රුසියානු ගුවන් නියමුවා අල්ලාගෙන මාධ්‍ය සංදර්ශණය පවත්වා පසුව ප්‍රසිද්ධියේ හිසගසා දැමීමට විය යුතුය.
එහෙත් සිදුවූයේ වෙන දෙයකි. තමන් අල්ලාගැනීමට එන ජිහාඩින්ගෙන් ගැලවුමක් නැති බවත්, අල්ලාගත හොත් දස වදදී මරාදමන බවටත් හොඳින් දැනසිටි මේජර් ෆිලිපොව්, ජිහාඩින් හැකිතාක් ලඟටම එනතෙක් සැඟවී බලාසිට, ආත්මාරක්ෂාවට තමන් සතුව තිබූ පිස්තෝලයෙන් දිගට හරහට වෙඩි තබා ජිහාඩින් දෙදෙනෙකු මරා දමා ඉන්පසු අත්බෝම්බයක් ගෙන "මේ රුසියන් කොල්ලන් වෙනුවෙන්!" යයි කෑගසමින් බෝම්බය පුපුරුවාගෙන මියගියා.
රුසියානු රජය මේ වනවිටත් මේජර් ෆිලිපොෆ්ට රුසියාවේ ඉහලම ජාතික ගෞරව නාමය වන "Hero of Russia" පදක්කම පිරිනැමීමට තීරණය කර තිබෙන බව Russia Today පුවත් සේවය වාර්තා කරනවා.
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment