අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

HISTORY : කාළවර්ණ සමක් හා නිල් දෑස් තිබූ එන්ගලන්තෙ ආදිම වැසියෝ

වසර 10,000කට පෙර බ්‍රිතාන්‍යයේ ජීවත්වූ "චෙඩර් මෑන්" මානවයා
Cheddar Man ලෙස හඳුන්වන්නේ මීට වසර 10,000කට පෙර බ්‍රිතාන්‍යයේ ජීවත්වූ නූතන මානව විශේෂයක්. බ්‍රිතාන්‍යයේ මුල්ම ආදීවාසීන් ලෙස සැලකෙන චඩර් මෑන් මානවයාගේ ඩී.එන්.ඒ කොටස් අති නවීන විශ්ලේෂණ ක්‍රම මගින් පර්යේෂණයට බඳුන් කිරීමෙන් හා ඒ මානවයාගේ හිස්කබල් ආ අස්ථිකොටස් ඉතාමත් නවීන "" තාක්ෂණයන් යටතේ මුහුණේ හැඩය නිර්ණය කිරීම් මගින් එම මානවයන්ගේ සැබෑ ස්වරූපය දැන් හෙලිවී තිබෙනවා.

ජාන තාක්ෂණ පර්යේෂණ ඇසුරින් මේ චෙඩර් මෑන් ආදි බ්‍රිතාන්‍යයා කළු සමක් ඇති, කළු හිසකෙස් ඇති, දකුණු ආසියාතිකයින්ට වඩාත් සමාන කමක් ඇති මුහුණු හැඩරුවක් ඇති, එහෙත් නිල්වන් දෑස් තිබූ නූතන මානවයෙක් බව දැන් තහවුරුවී තිබෙනවා.

"The First Brit: Secrets of the 10,000 Year Old Man" යනුවෙන් නම් කල වාර්තා චිත්‍රපටයක් නිමැවූ බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව හා බ්‍රිතාන්‍යයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයෙ මේ පර්යේෂණවල ප්‍රතිපල හෙලිකරන ලද්දේ පසුගිය සතියේයි.






























__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments

  1. ඇති යන්තං blogger comment box එක දාලා. විද්‍යා ගවේෂණ ලිපි හැමදාම කියෙව්වත් comment කරන්න බැරුව හිටියේ. දිගටම ලියන්න ටෙරන්ස්. ජය වේවා!

    ReplyDelete

Post a Comment