SOCIAL / POLITICS : Kakistocracy - අවුරුදු 374 කලින් ඉස්සෙල්ලම කියවුනු, 2018 අප්‍රේල් මාසයේ ජනප්‍රියම වචනය
"කැකිස්ටොක්‍රසි" මේ වචනය ගොඩ දෙනෙක් අහලා නැතුව ඇති. මම ඇහුවෙත් අදමයි. මේකෙ තේරුම ඉතාම නුසුදුස්සන් (අවිචාරවත් සොරමුළක් කිව්වත් කමක් නෑ) විසින් සිදුකරන රාජ්‍ය පාලනය කියන එක. වොෂිංටන් පෝස්ට් පුවත්පතට අනුව මේ වචනය ඉස්සෙල්ලම පාවිච්චි කල බවට වාර්තා වෙන්නේ මීට වසර 374කට කලින් එන්ගලන්ත සිවිල් යුද්ධයේදී.
එන්ගලන්තෙ සිවිල් යුද්ධය කියන්නේ 1642 ඉඳන් 1651 වෙනකන් බ්‍රිතාන්‍යයේ රාජකීය පාලනයට පක්ෂවූවන් හා පාර්ලිමේන්තු පාලනයට පක්ෂවූවන් අතර සිදුවුනු සටන් හා අරගලයන්. බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු පාලනයකට යොමුවෙලා රජපවුලේ බලය සීමා වී, පාර්ලිමේන්තුවේ බලය ස්ථාවර වුනේ මේ සිවිල් යුද්ධයෙන් පාර්ලිමේන්තු පාලනයට පක්ෂවූවන් ජයගැනීමෙන්.
මේ වචනය භාවිතාකල බවට මුල්ම සාක්ෂි තියෙන්නේ පීටර් ගොස්නෝල්ඩ් කියන රාජ්‍ය පාක්ෂිකයා රජුට විරුද්ධව කැරලි ගසන පාර්ලිමේන්තු පාලනයට හිතවත් කණ්ඩායමේ අයගේ පාලනය විස්තර කරන්න.
මෙරියම් වෙබ්ස්ටර් ශබ්දකෝෂයට අනුව කැකිස්ටෝස් කියන්නේ ඉතාම නුසුදුස්සන් යන තේරුම ඇති ග්‍රීක වචනය. එතකොට කැකිස්ටෝක්‍රසි කියන්නේ ඉතාමත් නුසුදුස්සන් විසින් ගෙනයන රාජ්‍ය පාලනයකටලු.
අවුරුදු 374ක් පරණ කැකිස්ටෝක්‍රසි ආයෙත් කරලියට ආවේ කොහොමද?
මේ වචනය ආයෙත් කරලියට ආවේ ඊයේ (අප්‍රේල් 13) ඇමරිකාවේ හිටපු සී.අයි.ඒ ප්‍රධානී ජෝන් බ්‍රෙනන් නිකුත්කල ට්විටර් පණිවුඩයකින්. ඒ පණිවුඩය ඉහතින් තියෙනව. ජෝන් බ්‍රෙනන් ට්වීට් කරපු විධියට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය කැකිස්ටෝක්‍රසි එකක් වන අතර ඒක වේගයෙන් බිඳවැටෙමින් පවතිනවා.
බ්‍රෙනන්ගේ මේ අපූරු ටිවිටර් පණිවුඩයට නිමිත්ත වුනේ ඩොනල්ඩ් ට්‍රම්ප්, හිටපු එ.ෆ්.බී අයි ප්‍රධානී ජේම්ස් කොමේ බොරුකාරයෙක් හා දැඩි ආරක්ෂිත තොරතුරු පිටකල රාජ්‍ය ද්‍රෝහියෙක් ලෙස හංවඩු ගසමින් පිටකල ට්විටර් පණිවුඩයට පිලිතුරක් විධියට.
ජේම්ස් කොමේව එෆ්.බී.එයි ප්‍රධානී තනතුරෙන් පන්නා දමන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කලේ ඔහුගේ බෑනා හා වෙනත් සමීපතමයින් රුසියානු රජයට හා ඔත්තු සේවාවලට සම්බන්ධ පුද්ගලයින් සමග පැවැත්වූ සන්බඳතා හා හුවමාරු කරගත් තොරතුරු පිලිබඳව විමර්ශණය කරන්නට එෆ්.බී.අයි ප්‍රධානී විධියට ජේම්ස් කොමේ තිරණය කරාට පස්සේ.

Your kakistocracy is collapsing after its lamentable journey. As the greatest Nation history has known, we have the opportunity to emerge from this nightmare stronger & more committed to ensuring a better life for all Americans, including those you have so tragically deceived. https://t.co/eC6LATH2Gd— John O. Brennan (@JohnBrennan) April 13, 2018
මේ වචනය ආයෙත් කරලියට ආවේ ඊයේ (අප්‍රේල් 13) ඇමරිකාවේ හිටපු සී.අයි.ඒ ප්‍රධානී ජෝන් බ්‍රෙනන් නිකුත්කල ට්විටර් පණිවුඩයකින්. ඒ පණිවුඩය ඉහතින් තියෙනව. ජෝන් බ්‍රෙනන් ට්වීට් කරපු විධියට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය කැකිස්ටෝක්‍රසි එකක් වන අතර ඒක වේගයෙන් බිඳවැටෙමින් පවතිනවා.
බ්‍රෙනන්ගේ මේ අපූරු ටිවිටර් පණිවුඩයට නිමිත්ත වුනේ ඩොනල්ඩ් ට්‍රම්ප්, හිටපු එ.ෆ්.බී අයි ප්‍රධානී ජේම්ස් කොමේ බොරුකාරයෙක් හා දැඩි ආරක්ෂිත තොරතුරු පිටකල රාජ්‍ය ද්‍රෝහියෙක් ලෙස හංවඩු ගසමින් පිටකල ට්විටර් පණිවුඩයට පිලිතුරක් විධියට.
ජේම්ස් කොමේව එෆ්.බී.එයි ප්‍රධානී තනතුරෙන් පන්නා දමන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කලේ ඔහුගේ බෑනා හා වෙනත් සමීපතමයින් රුසියානු රජයට හා ඔත්තු සේවාවලට සම්බන්ධ පුද්ගලයින් සමග පැවැත්වූ සන්බඳතා හා හුවමාරු කරගත් තොරතුරු පිලිබඳව විමර්ශණය කරන්නට එෆ්.බී.අයි ප්‍රධානී විධියට ජේම්ස් කොමේ තිරණය කරාට පස්සේ.
ඕං බලන්ටකො හසන්ත ඇමරිකාවෙ පොලිටික්ස්වල රඟේ. අපි හිතන්නේ මේවා වෙන්නේ සිරි ලංකාවේ දේසපාලුවන් අතින් විතරයි කියලා හිටං.
the best blog site i read ever
ReplyDelete