අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

BUSINESS : කේත කිහිපයක පරිගණක වැඩසටහනක් ඩොලර් බිලියන 9ක ව්‍යාපාරයක් බවට පත්කරගත් සොයුරන් දෙදෙනා.


පැට්රික් කොලිසන් හා ජෝන් කොලිසන් අයර්ලන්තයේ ලිමරික් පලාතේ ජීවත්වුනු තරුණයින් දෙදෙනෙක්. කුඩාකල සිටම පරිගණක විද්‍යාවට හා ගණිතයට දක්ෂකමක් දැක්වූ මොවුන් දෙදෙනාගෙන් පැට්රික් වයස 15දී අයිසැක් නම් කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් නිර්මාණය කොට අයර්ලන්තයේ "Young Scientist and Technology Exhibition" ප්‍රදර්ශණයේදී දෙවන ස්ථානය දිනාගත් අතර ඊලඟ වසරේදී වෙබ් අඩවි නිර්මාණය සඳහා "Croma" නම් පරිගණක භාෂාවක් නිර්මාණය කොට ප්‍රථම ස්ථානය දිනාගත්තේ අයර්ලන්තයේ දක්ෂතම යොවුන් විද්‍යාඥයා බවට පත්වෙමිනි.


වසර 2010දී කොලිසන් සොයුරන් කැලිෆෝනියාවේ සිලිකන් නිම්නය වෙත ගියේ ඔවුන් විසින් නිර්මාණය කල අලුත්ම පරිගණක වැඩසටහනක් මත ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය අරමුදල් ලබාගැනීම සඳහාය. Stripe ලෙසින් නම්කල මේ සමාගමට සිලිකන් නිම්නයේ නමගිය ආයෝජකයින්ගේ ආයෝජන ඇදී ආ අතර ඔවුන්ගේ මෘදුකාංගය ආධාරයෙන් වෙබ් අඩවි නිර්මාණකරුවන්ට තම වෙබ් අඩවිය හරහා භාණ්ඩ විකිණීමේදී ක්‍රෙඩිට්කාඩ් හරහා මුදල් ලබාගැනීමේදී කලින් තිබූ භාදක බොහෝ අඩු කිරීමට සමත්වුනා. කලින් වෙබ් අඩවිය හරහා මුදල් ලබාගන්නා විට බැංකුවක ක්‍රෙඩිට්කාඩ් වලින් ගෙවීම් ලබාගැනීමේදී අවශ්‍යවල "Merchant Account" නම් අවසරය ලබාගැනීමෙන් තොරව ගෙවීම් ලබාගැනීමේ පහසුකම ලැබෙනවා.

අතිශයේන්ම ජනප්‍රියවූ මේ සේවාව නිසා ස්ට්‍රයිප් සමාගමේ වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන 9කට ඉහල ගොස් ඇති අතර කොලිසන් සොයුරන් දෙදෙනාගේ පෞද්ගලික වත්කම ඩොලර් බිලියනයක් පමණ වෙනවා. 

විද්‍යා ගවේෂණගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය - විකෘත වනාන්තරය | Mutant Forest










__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments