අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

FILM : අලුත්ම ටර්මිනේටර් චිත්‍රපටය - Terminator : Dark Fate


ටර්මිනේටර් චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය වන ටර්මිනේටර් : ඩාර්ක් ෆේට්, මේ වසරේ නොවැම්බර් 1වැනිදා තිරගතවීමට නියමිතයි.

මෙම චිත්‍රපටය ඩෙඩ්පූල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කල ටිම් මිලර්  විසින් අධ්‍යක්ෂණය කරනලද අතර ජේම්ස් කැමරන් නිෂ්පාදනයෙන් දායකවනවා.

1984දී පලමු ටර්මිනේටර් චිත්‍රපටය එලිදැක්වුනු අතර 1991දී ටර්මිනේටර් 2 : ජජ්මන්ට් ඩේ එලිදැක්වුනා. මේ චිත්‍රපට දෙකම ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කරන් ලැබූ අතර, යලිත් ටර්මිනේටර් චිත්‍රපටයක් සඳහා ජේම්ස් කැමරන් දායකවන්නේ වසර 28කට පසුවයි.

එමෙන්ම පලමු චිත්‍රපටයේ සේරා කොනර් (ජෝන් කොනර්ගේ මව ) චරිතයට පණපෙවූ ලින්ඩා හැමිල්ටන් යලිත් එම චරිතයට පණපොවනවා. ටර්මිනේටර් කතාමාලාවේ සුප්‍රකටම චරිතයට පණපොවණ ආනල්ඩ් ශ්වසනෙගර්ද මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් හොබවනවා.

ටර්මිනේටර් මාළාවේ 6වැනි චිත්‍රපට වන ටර්මිනේටර් : ඩාක් ෆේට් කථාව ටර්මිනෙටර් 1 හා දෙක චිත්‍රපට අවසන්වූ තැනින් ආරම්භවන අතර ටර්මිනෙටර් 3,4,5 චිත්‍රපට වල සිදුවීම් මාළාවන් අතහැරදමා ටර්මිනේටර් වෘතාන්තය, අලුත්ම මානයකට ගෙන යනවා.

පසුගිය ටර්මිනේටර් චිත්‍රපට කිහිපයම අසාර්ථකවීම,  විශේෂයෙන්ම Terminator : Genisys අසාර්ථක වීම පැරමවුන්ට් සමාගම මේ තීරණය ගැනීමට ප්‍රධාන හේතුව ලෙසයි සළකන්නේ.



Comments