අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

INTELLIGENCE / MI6 : රුසියාවේ අලුත්ම Blackjack ප්‍රහාරක ජෙට් යානාවල සැලසුම් රුසියාවෙන් පන්නපු CIA/MI6/Mossad මෙහෙයුම!

ටූපලෙෆ් ටී.යූ 160 බ්ලැක්ජැක් ප්‍රහාරක යානය

ටූපලෙෆ් ටී.යූ 160 බ්ලැක්ජැක් ප්‍රහාරක යානය 

ටූපලෙෆ් ටී.යූ 160 බ්ලැක්ජැක් ප්‍රහාරක යානය, සුපර් සොනික් වේගයෙන් පියාසරකල හැකි අන්තර් මහාද්වීපික බෝම්බ ප්‍රහාරක යානා වර්ගයකි. 1987දී රුසියානු ගුවන්හමුදාවේ සක්‍රිය සේවයට එක්වූ මේ යානය, ටොන් හතලිහක බෝම්බ තොගයක් රැගෙන ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයෙන් (මක් 2) කිලෝමීටර් 13,000ක් පියාසරකල හැකි බලසම්පන්න යානයකි.

උපක්‍රමික වශයෙන් ඉතා වැදගත් මේ යානය සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීමට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගත් අතර වසර තුනකට පසු එම නවීකරණ කටයුතු අවසන් වූ අතර එම නවීකරණයන්ද සමග අලුත්ම TU-160M2 මාදිලියේ යානා පනහක් රුසියානු ගුවන් හමුදාවට මිළදී ගැනීමට ගිවිසුම් ගතවී තිබෙනවා.

ඇමරිකානු හා නේටෝ ආරංචිමාර්ග පවසන අන්දමට මෙම යානය අලුත්ම යානයක් ලෙස සැලකිය හැකි තරමටම එහි ක්‍රියාකාරිත්වය හා පහසුකම් නවීකරණය කොට තිබෙනවා.

මෙම නවීකරණයන් සමහරක් පහත දැක්වෙනවා;

1. අලුත්ම කුස්නෙට්සොෆ් NK-32-2 මාදිලියේ එන්ජින් වලින් යානයේ උපරිම ගමන් දුර කිලොමීටර් 1000කින් ඉහල දැමෙනවා.
2. රේඩාර් තරංග අවශෝෂණය කරගත හැකි තීන්ත ආලේපනයෙන් යානය රේඩාර් වලට හඳුනාගැනීම අපහසුවෙනවා.
3. අලුත්ම ඉලෙක්ට්‍රොණික උපකරණ, පරිගණක හා සන්නිවේදන පද්ධති
4. සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරන ලද නියමු කුටිය
5. ගුවන්යානා නාෂක මිසයිලවලට යානය ඉලක්ක කරගැනීම අපහසුවන අලුත්ම මිසයිල ආරක්ෂණ පද්ධතිය.

ඇමරිකාවට හා නේටෝ රටවල් වලට නවීකරණය කරන TU-160M2 යානාවලින් දැඩි තර්ජනයක් එල්ලවී ඇති බව වටහාගත් බටහිර බුද්ධි අංශ එම යානයේ තාක්ෂණික තොරතුරු සොයාගැනීමට සෑහෙන කළක සිට උත්සහ කොට තිබෙනවා. මේ අතරින් ඇමරිකාවේ CIA, බ්‍රිතාන්‍යයේ MI6 හා ඊශ්‍රායලයේ Mossad ඔත්තුසේවා ඒකාබද්ධව සිදුකරන ලද සාර්ථක බුද්ධි මෙහෙයුමකින් පසු, මේ යානයේ සියලුම තාක්ෂණික රහස් සැපයිය හැකි රුසියානු ඔත්තුකරුවෙක් සමග සම්බන්ධවීමට හැකිවී ඇති අතර එම තොරතුරු රුසියාවෙන් පිටකිරීමට යොදාගත් උපක්‍රමය මෑතකදී බටහිර පුවත්පත් වාර්තා කොට තිබෙනවා.

වෙනිසුවේලා වෙත යැවුනු රුසියානු බ්ලැක්ජැක් යානා දෙක

2018 දෙසැම්බරයේදී, වෙනිසුවේලාවේ ජනාධිපති නිකොලා මරූඩෝව බලයෙන් පහකිරීමේ කුමණ්ත්‍රණ ඇමරිකාව විසින් දියත්කරමින් සිටි කාළයේදී රුසියාවේ පූර්ණ සහය මරූඩෝට හිමිවන බව පෙන්වීමට රුසියන් ජනාධිපති පුටින් බ්ලැක්ජැක් යානා දෙකක් එම රටවෙත පිටත් කර හැරියේ ඇමරිකාවට අණතුරු ඇඟවීමේ අරමුණද ඇතිවයි.

වාර්තාවෙන අන්දමට පැය 13ක විඩාබර ගමනේදී තේ පාණය කිරීම සඳහා නියමුවන් නියමු කුටියේ රැගෙන ගිය තේකොළ පෙට්ටියක ඇතුලු පැත්තේ යට ඉතා සූක්ෂමව සැඟවූ මයික්‍රෝ චිපයක, අලුත් බ්ලැක්ජැක් යානාවල තාක්ෂණික තොරතුරු රුසියාවෙන් පිටකල බවයි වාර්තා වන්නේ. එම චිපය අඩංගු තේ පැකැට්ටුව රුසියානු ඔත්තුකරුවා විසින් නියමුවන්ට ලැබෙන්නට සැලස්වූ බවත්, ගමනාන්තය වූ වෙනිසුලාවේ කරාකස් ගුවන්තොටුපොලේදී එම හිස් පෙට්ටිය යානයේ කසළ සමග ඉවත්කොට ඇති අතර, සූදානමින් සිටි සී.අයි.ඒ ඒජන්තයෙකු එම හිස් පෙට්ටිය ලබාගෙන වෙනුසුවේලාවේ සී.අයි.ඒ කාර්යාලයට  ලැබෙන්නට සලස්වා තිබෙනවා.

මුලින් මෙම තොරතුරු ඇමරිකාවට යවා විශ්ලේෂණය කොට පසුව ඊශ්‍රාලයට හා නේටෝ රටවල්වල බුද්ධි හා අරක්ෂක අංශ වෙත බෙදාහැර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ පුවත්පත් මෙම මෙහෙයුම වාර්තාකොට සිටියද ඒ පිලිබඳව නම් සඳහන් බුද්ධි අංශවලින් තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් මේ වනතෙක් ලැබී නැහැ.







Comments