අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

TERROR : යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ ISIS සිදුකල ප්‍රහාර

යම් ආකාරයක අයි.සි.ස් ප්‍රහාරයක් එල්ලවී ඇති සියලුම රටවල් - ලංකාවද ඇතුලුව
බටහිරට සැලකිය යුතු ප්‍රහාරය 16ක්

2015 සිට මේ දක්වා අයි.සි.ස් ත්‍රස්ත සාමාජිකයින් බටහිර රටවල සිදුකල ප්‍රහාර ගණන 16ක් (සුලු ප්‍රහාර අතහැරිය විට)

අයි.සි.ස් ප්‍රහාර වලින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ප්‍රංශයේයි. පැරිස්, නීස් හා ස්ට්‍රාස්බෝර්ග් ප්‍රහාරවලින් 221ක් සිවිල් වැසියන් මියගොස් තිබෙනවා.

දෙවැනුව වැඩිම ISIS ප්‍රහාර එල්ලවී ඇත්තේ බ්‍රිතාන්‍යයටයි. මැන්චෙස්ටර් නුවර, අරියානා ග්‍රන්ඩේ සංගීත ප්‍රසංගයට එල්ලකල මරාගෙන මැරෙන ප්‍රහාරය ඉන් විශාලම ප්‍රහාරයයි.


වැඩිම ජීවිත වැනසූ අයිසිස් ප්‍රහාර

ලංකාවට එල්ලවූ අයි.සි.ස් ප්‍රහාරය වැඩිම ජීවිත ගණනක් වැනසූ අයි.සි.ස් ප්‍රහාරය ලෙස හැඳින්වීම සාවද්‍යයි.

1] 2014 ජූනි : ඉරාකයේ කෑම්ප් සෙපිෂර් සමූල ඝාතනය - ඉරාක ගුවන් හමුදාවේ පුහුණුව ලැබූ නිරායුධ, ආධුනික ගුවන් භටයින් 1700ක් මරාදැමුනි. මිනිස් ඉතිහාසයේ දරුණුම ත්‍රස්ත ප්‍රහාරය ලෙස මෙය ඉතිහාසගතවී තිබෙනවා.

2] 2016 ජූලි : ඉරාකයේ බැග්ඩෑඩ් ප්‍රහාරය - 325ක් මියගියා

3] 2017 නොවැම්බර් : ඊජිප්තුවේ සිනායි මුස්ලිම් පල්ලි ප්‍රහාරය - දරුවන් 27ක්ද ඇතුලුව 311ක් මියගියා

4] 2019 ලංකාව - 253ක් අහිංසක ජීවිත දෙගාත් තිරිසනුන් විසින් බිලිගනු ලැබීය

5] 2018 ජූලි : සිරියාවේ අස්-සුවෙදා ප්‍රහාරය -  246ක් මියගියා


යුරෝපයට එල්ලවූ සැලකිය යුතු අයි.සි.ස් ප්‍රහාර

2015 පෙබරවාරි : ඩෙන්මාර්කය - අයිසිස් නායකයාට පක්ෂපාතිත්වය ශපතකල ඩෙන්මාර්කයට සංක්‍රමණය වූ අරාබි ජාතිකයෙක් කල වෙඩි තැබීම. මියගිය ගණන - 2

2015 නොවැම්බර් : ප්‍රංශයේ පැරිස් ප්‍රහාරය - ස්ථාන හයකට එකවර එල්ලකල සියදිවි නසාගැනීමේ ප්‍රහාර, වෙඩිතැබීම් - 130ක් මියගොස් 368ක් තුවල ලැබුවා

2015 දෙසැම්බර් : ඇමරිකාව - කැලිෆෝනියාව : දෙදෙනෙකු පොදු ස්ථානයක සිදුකල වෙඩිතැබීම - මියගිය ගණන 14යි. 24ක් තුවාල ලැබුවා.

2016 මාර්තු : බෙල්ජියමේ බ්‍රසල්ස් ගුවන්තොටුපොල හා දුම්රිය ස්ථානය : මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිදුකල ප්‍රහාරය - 32ක් මියගොස්, 340ක් තුවාල ලැබුවා.

2016 ජූනි : ඇමරිකාව - ෆ්ලොරිඩාවේ ඕලැන්ඩෝ නුවර - රාත්‍රී සමාජශාලාවක් තුලට එල්ලකල වෙඩි ප්‍රහාරය - 48ක් මියගොස් 53ක් තුවාල ලැබුවා.

2016 ජූලි : ප්‍රංශය - නීස් නුවර ප්‍රහාරය - බැස්ටීල් දින සැමරුමේ නිරතව සිටි සිවිල් වැසියන් වෙතට ට්‍රක් රථයක් පැදවීම - 86ක් මියගොස් 484ක් තුවාල ලැබුවා.

2016 දෙසැම්බර් - ජර්මනිය - බර්ලින් ප්‍රහාරය - නත්තල් සල්පිලක් වෙත මෝටර් රථයක් පැදවීම - 12ක් මියගොස් 56ක් තුවාල ලැබුවා.

2017 මාර්තු : බ්‍රිතාන්‍යය - වෙස්ට්මිනිස්ටර් මාළිගාව අසල - සිවිල් ජනයා වෙතට කාර් රථයක් පැදවීම - 6ක් මියගොස් 49ක් තුවාල ලැබුවා.

2017 අප්‍රේල් : ස්වීඩනය - ස්ටොක් හෝම් ප්‍රහාරය - සිවිල් ජනයා වෙතට මෝටර් රථයක් පැදවීම - 5ක් මියගොස් 15ක් තුවාල ලැබුවා.

2017 මැයි : බ්‍රිතාන්‍යය - මැන්චෙස්ටර් ප්‍රහාරය - අරියානා ග්‍රන්ඩේ ගායිකාවගේ සංගීත ප්‍රසංගයේ මරාගෙන මැරෙන ප්‍රහාරය - 22ක් මියගොස් 59ක් තුවාල ලැබුවා.

2017 ජූනි : බ්‍රිතාන්‍යය - ලන්ඩන් ප්‍රහාරය - සුප්‍රකට ලන්ඩන් පාලම නරඹමින් සිටි සිවිල් වැසියන් වෙතට රථයක් පැදවීම - 8ක් මියගොස් 48ක් තුවාල ලැබුවා.

2017 අගෝස්තු : ස්පාඤ්ඤය - සිවිල් ජනයා වෙතට වෑන් රථයක් පැදවීම - 13ක් මියගොස් 100ක් තුවාල ලැබුවා.

2017 ඔක්තෝම්බර් : ඇමරිකාව - බයිසිකල් මාවතක් වෙත ට්‍රක් රථයක් පැදවීම - 8ක් මියගොස් 12ක් තුවාල ලැබුවා.

2018 පෙබරවාරි : රුසියාව - ඩගෙස්තාන් පලාත - සිවිල් ජනයා වෙත වෙඩිතැබීම - 6ක් මියගොස් 5ක් තුවාල ලැබුවා.

2018 මාර්තු : ප්‍රංශය - ට්‍රෙබෙස් නුවර ප්‍රහාරය - 5ක් මියගොස් 15ක් තුවාල ලැබුවා.

2018 දෙසැම්බර් : ප්‍රංශය - ස්ට්‍රස්බෝර්ග් ප්‍රහාරය - 5ක් මියගොස් 11ක් තුවාල ලැබුවා.





Comments