අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

BUSINESS / TRADE WAR : චීනයෙන් ඇමරිකාවට රිදෙන්න දුර්ලභ ලෝහ ප්‍රහාරයක්!


‘Don’t say we didn’t warn you!’ චීනයේ වැඩිම අලෙවියක් ඇති පීපල්ස් ඩේලි පුවත්පත පසුගිය බදාදා ඇමරිකාවට අණතුරු ඇඟවූයේ එලෙසයි.

"චීනයේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාව කිසිසේත් අවතක්සේරු කරන්න එපා... අපි කිව්වෙ නෑ කියලා කියන්නත් එපා!"

ට්‍රම්ප් නොකඩවාම චීනයේ අධිතාක්ෂණික කර්මාණ්ත හා සමාගම් විනාශ කිරීමට පියවර ගනිද්දි සෑහෙන ඉවසීමකින් කටයුතු කල චීනයේ ඉවසීමේ සීමාව රතුකට්ටට ආසන්න වෙමින් පවතින බව "Don't say we didn't warn you!" ප්‍රකාශයෙන් පිලිඹිබු වෙන බවයි විචාරකයින් පවසන්නේ.

මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ "Don't say we didn't warn you!" අණතුරු ඇඟවීම චීනයේ  කොමියුනිස්ට් පක්ෂයේ නිළ හඬ බවට පිලිගැනෙන පීපල්ස් ඩේලි පුවත්පත භාවිතා කර ඇත්තේ මීට පෙර දෙවතාවක් පමණක් වීමයි.

පලමුවෙනි වරට "Don't say we didn't warn you!" යන අණතුරු ඇඟවීම 1962දී ඉන්දියාවට සිදුකල අතර ඉන් පසු ඉන්දියාව හා චීනය අතර දේශසීමා යුද්ධයක් හටගත්තා. මෙහිදී ඉන්දියාවට දැඩි ප්‍රහාර රැසක් එල්ලකිරීමට චීන හමුදා සමත්වුනා.

දෙවෙනි වරට මෙම අණතුරු ඇඟවීම වියට්නාමයට එරෙහිව 1979දී පීපල්ස් ඩේලි කතුවැකියක ලියවුනු අතර ඊට ටික කාළයකට පසු චීන හමුදා වියට්නාමය ආක්‍රමණය කලා.

පීපල්ස් ඩේලි කතුවැකියක මේ අණතුරු ඇඟවීම යලිත් සටහන් වන්නේ වසර 40කට පසුව ට්‍රම්ප්ගේ ඇමරිකානු වෙළඳ යුධ පීඩනය සමයේ වීම සුවිශේෂයි.

ඇමරිකාවේ මයික්‍රොචිප් වලට, ටෙස්ලා කාර් බැටරිවලට නැතුවම බැරි Rare Earth Metals හෙවත් දුර්ලභ ලෝහවලින් 78%ක්ම ඇමරිකාවට එන්නේ චීනයෙන්!



මොනවද මේ රෙයා අර්ත් මෙටල්? ඇයි මේවා මෙච්චර වැදගත්?

Rare earth metal හෙවත් දුර්ලභ ලෝහ යනුවෙන් වර්ගීකරණය කෙරෙන ලෝහ වර්ග 17ක් තියෙනවා. එයින් 15ක්ම ලැන්තනයිඩ් ගණයට අයත් වන තර යිට්‍රියම් හා ස්කැන්ඩියම් අනෙක් දෙක වනවා.

මේ ලෝහ 17ම පිලිවෙලින් cerium (Ce), dysprosium (Dy), erbium (Er), europium (Eu), gadolinium (Gd), holmium (Ho), lanthanum (La), lutetium (Lu), neodymium (Nd), praseodymium (Pr), promethium (Pm), samarium (Sm), scandium (Sc), terbium (Tb), thulium (Tm), ytterbium (Yb), හා yttrium (Y) වනවා.

මේ වටිනා ලෝහ වර්ග දුර්ලභ යයි සළකන්නේ ඒවා සොයාගැනීම අපහසුවීම නිසාම නොව, වාණිජමය ලෙස උකහාගත හැකි විශාල නිධි වශයෙන් පවතින ස්ථාන ඉතාමත් අල්ප නිසායි. මෙම ලෝහ නිධි වැඩිවශයෙන්ම ඇත්තේ චීනයේ වන අතර, ඒවා වාණිජමය ලෙස උකහගැනීම, නිස්සාරණය කිරීම හා සකස් කිරීමේ ඉහලම තාක්ෂණය හා කර්මාණ්තශාලා තියෙන්නේත් චීනයේ.

රෙයා අර්ත් මෙටල්වල ප්‍රයෝජන

1] අධි සැර විදුලි පහන්, විදුලිය සුරකින CFL, LED පහන් නිමැවීමට

2] ලේසර් කිර්ණ යන්ත්‍ර (කාර්මික හා යුධමය කටයුතු ) සඳහා අත්‍යාවශ්‍යය.

3] සුපිරි පරිගණක, කැට් ස්කෑනර්, පෙට් ස්කෑනර් සඳහා සුපිරි සන්නායක  නිශ්පාදනයට අත්‍යාවශ්‍යය.

4] විශාල වර්තනාංකයක් ඇතී වීදුරු නිශ්පාදනයට (කැමරා කාච, ලේසර් නාභිගත කරන කාච ) සඳහා  නැතුවම බැරිය

5] අධිබල බැටරි ඉලෙක්ට්‍රෝඩ, ඉලෙක්ට්‍රොණික පරිපථ නිපදවීමට අවශ්‍යය

6] අධිබල කාන්දම් හා අධිබල ඩී.සී මෝටර් සඳහා අවශ්‍යය

7] හාර්ඩ් ඩිස්ක්, මයික්‍රෝප්‍රොසෙසර් හා පරිගණක මෙමරි නිෂ්පාදනයට අත්‍යාවශ්‍යය.

8] LED බල්බ හා LED ලේසර් තැනීමට අවශ්‍යය

9] අධි සංවේදී සෝනාර් හා රේඩාර් යන්ත්‍රවල ඇති ඉලෙක්ට්‍රොණික පරිපථ සඳහා

10] පරිගණක හා ස්මාර්ට්ෆෝන් තිර නිෂ්පාදනයට අවශ්‍යය

11] කාර්මික උත්ප්‍රේරක තැනීමට

12] අද සියලුම ඉලෙක්ට්‍රොණික උපාංගවල අඩංගු නැවත නැවත ආරෝපණය කල හැකි බැටරි සඳහා අවශ්‍යය.

මේ සියලුම නිෂ්පාදන වල ඉහලින්ම සිටින්නේ ඇමරිකාව (හා ජපානය, කොරියාව, චිනය, තායිවානය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, බ්‍රිතාන්‍යය ) ආදී සංවර්ධිත රටවල් වන අතර එයිනුත් දුර්ලභ ලෝහ ආශ්‍රයෙන් ඉතා ඉහල එකතුකල අගයක් ඇති නිෂ්පාදන අපණයනයකරන ප්‍රමුඛම රට ඇමරිකාවයි. ඇමරිකාව මේ නිෂ්පාදන සඳහා දුර්ලභ ලෝහවලින් 78%ක් චීනයෙන් ආනයනය කරනවා.

චීනය විසින් ඇමරිකාවට දුර්ලභ ලෝහ අපනයනය තහනම් කෙරුවොත්???

දිගින් දිගටම ඇමරිකාව, චීනයේ අධිතාක්ෂණික කර්මාණ්ත කඩාබිඳ දැමීම සඳහා ක්‍රියාත්මකවන නිසා, ඇමරිකාවේ අධිතාක්ෂණ කර්මාණ්තවලට වඩාත්ම රිදෙන ප්‍රහාරයක් එල්ල කිරීමට නම් චීනය දුර්ලභ ලෝහ අපනයනය කපා හරිනු ඇතැයි ලෝක ආර්ථික විශ්ලේෂකයින් බිය පලකරණවා.

Comments

  1. අතිශය වැදගත් ලිපියක්!

    ReplyDelete

Post a Comment