අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

පෘතෘග්‍රීසි ආක්‍රමණික හමුදාව මුලුමනින්ම වැනසූ ක්‍රි.ව.1630 රණ්දෙණිවෙල සටන

This article is a translation of selected excerpts from the article "Artillery in the Siege of Colombo:FOR TWO CENTURIES KEY TO PORTUGUESE SURVIVAL" - by Gamini Akmeemana, Daily Mirror


පෘතුගීසීන්ගෙන් ඇරඹුණු බටහිර යටත් විජිත බලවතුන් ශ්‍රී ලංකාව සිය කොළණියක් බවට පත්කරගැනීම, ක්‍රිස්තු වර්ෂ 16 වන සියවස මුල ඇරඹුන අතර එතැන් සිට 19 වන සියවස මුල දක්වා ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ පාලනය කළ අතර, 1815 දී බ්‍රිතාන්‍යයන් මුළු රටේම පාලනය තහවුරු කරගත්තා.

එමෙන්ම යටත් විජිත බලවතුන් පලවා හැරීමට සීතාවක සහ මහනුවර සිංහල රජවරුන් විසින් නොකඩවා විවිධ උත්සාහයන් සිදුකලා. මෙම යුද්ධ ප්‍රධාන වශයෙන්ම පෘතුගීසීන්ට එරෙහිවව සිදුවුනා. පෘතුග්‍රීසීන්ගෙන් පසු පැමිණි ලන්දේසීන් උඩරට රජුගේ පාලනය පිලිගනිමින්, ගැටුම් වලක්වා ගැනීමේ  ප්‍රතිපත්තියක් අනුගමනය කළ නිසා, ලන්දේසි පාලන සමයේදී ඔවුන්ට විරුද්ධව එතරම් දැඩි ප්‍රහාර එල්ලකිරීමට උඩරට රජවරුන් ක්‍රියාකලේ නෑ.

බලකොටු වලින් රැකුණු පෘතෘග්‍රීසි බලය

මහනුවර රජවරුන් විසින් පෘතුගීසි බලය කිහිප වතාවක්ම මුළුමනින්ම විනාශ කිරීමට ආසන්නවූවද, මෙම උත්සාහයන් අවසානයේදී අසාර්ථක වුනා. ඒ අනුව පෘතුගීසීන්ට මුහුදුබඩ පෙදෙස්වල පාලනය නොගිහිලී පවත්වාගෙන යාමට සමත්වුනා.

මෙලෙස පෘතෘග්‍රීසීන්ට බලය අල්ලාගෙන රැඳී සිටීමට හැකි වූයේ ඔවුන් සතු වූ ශක්තිමත්, ගල් බිත්තිවලින් යුතු, කාලතුවක්කු සවිකරන ලද බලකොටු හේතුවෙනි. එමෙන්ම පෘතෘග්‍රීසි සමුද්‍රීය බලය තවත් එක් සාධකයක් වූ නමුත් බලකොටු ශක්තිමත්වීම නිසා ඒවා තුලට කඩා වැදීමට සිංහල හමුදාව සිදුකල විවිධ ප්‍රහාර ව්‍යර්ථවෙමින්, අමතර බලකා උදව්වට පැමිණෙන තෙක් පෘතෘගීසීන්ට බලකොටුතුල සුරක්ෂිතව සිටීමට හැකිවුනා.

දිවයිනේ පළමු පෘතුගීසි බලකොටුව වූයේ 1517දී කොළඹ වරාය ආසන්නව ඉදිකරන ලද, පස් හා ලී වලින් තැනූ සරල බාධක සහිත කඳවුරක්. මෙය පසුව විශාල කර ශක්තිමත් කරන ලද අතර, වත්මන් ප්‍රධාන වීදිය සහ පිටකොටුව ප්‍රදේශය එයට ඇතුළත් වුනා

සිංහල රජුන්ගේ පෘතෘග්‍රීසි විරෝධී යුධ මෙහෙයුම්

කොළඹ පෘතෘග්‍රීසි බලයට එල්ල කල පළමු දරුණු ප්‍රහාරය හා කොටුව වටලෑම සිදු කරනු ලැබුවේ මහනුවර පළමුවන රාජසිංහ රජු විසිනි. දෙවැන්න, 1630 අගෝස්තු මාසයේදී රැන්දෙණිවෙලදී පෘතුගීසි සේනාධිනායක කොන්ස්ටන්ටිනෝ ද සා ද නොරොන්හා සහ ඔහුගේ හමුදාව විනාශ කිරීමෙන් සිදුවුනා. දිවයිනේ පෘතුගීසි පාලනය අවසන් කිරීමට ලැබුණු රන් අවස්ථාවක් ලෙස සලකා, සෙනරත් රජු විසින් 1630 සැප්තැම්බර්-ඔක්තෝබර් මාසවලදී කොළඹ වටලෑම සඳහා සිය හමුදාවන් පිටත් කර යවුවා.

කාළතුවක්කු හිඟය නිසා අඩාලවූ මුල්කාලීන සිංහල ප්‍රහාර

සිංහල හමුදාවන්ට පෘතෘග්‍රීසි බලකොටු බිත්තිවලට වෙඩි තබා බිඳ දැමීමට ප්‍රමාණවත් කාලතුවක්කු නොතිබූ බැවින් මෙම වටලෑම් දෙකම අසාර්ථක වුන බව යුධ විශ්ලේෂකයින් පවසනවා. 

1656 දී ලන්දේසින් හා මහනුවර රජුගේ ඒකාබද්ධ හමුදා විසින් කොළඹ වටලා අවසානයේ සාර්ථක වූ අවස්ථාව පවා, ලන්දේසි කාලතුවක්කු මගින් නොකඩවා වෙඩි තැබීම සහ ලන්දේසීන්ගේ නාවික බලය මගින් කොළඹ වරායට පෘතෘග්‍රීසීන්ගේ අමතර හමුදා එවීම සම්පූර්ණයෙන්ම නවතා තිබියදීත්, අති දුෂ්කර වුනා මෙන්ම ඉතාමත් දීර්ඝ හා කටුක මෙහෙයුමක් වුනා. මාස හතක් නොකඩවා වාඩිලාගෙන බළකොටුව වටකරගෙන පහරදුන් පසුයි පෘතෘග්‍රීසීන් අවසානයේ යටත්වුනේ

ශක්තිමත් බළකොටුවල උපක්‍රමීය වාසිය හෙලිකල 1552හි ඊගර් බලකොටුවේ සටන

ශක්තිමත් බළකොටු අධිබල කාළතුවක්කු හමුදාවකට පවා යටත්කර ගැනීම අපහසු බල හොඳින්ම තහවුරුකලේ 1552දී හතලිස් දහසක හමුදාවක් හා රාත්තල් 300යේ යකඩ ගුලි උන්ඩ යෙදූ අතිවිශාල කාළතුවක්කු සිය ගණනක් සමග හංගේරියානුවන්ගේ ඊගර් බළකොටුව වටලෑ ඔටෝමන් අධිරාජ්‍යයේ හමුදාවට අත්වූ පරාජයයි. 

ඊගර් බළකොටුවේ හංගේරියානු හමුදාවෝ 800ක් පමණ සුලු පිරිසක් කොටුවී සිටි අතර ඔටෝමන්වරුන් දින කිහිපයකින් හංගේරියානු බළකොටුව වනසා ඉදිරියටම ඇදී මුළු හංගේරියාවම යටත් කරගැනීමට සූදානම්ව සිටියා. 

එහෙත් දින 39ක් පුරා බළකොටුව වටලාගෙන නිරන්තරයෙන් කාළතුවක්කු වලින් වෙඩිතබමින් බළකොටුවේ පවුරු බිඳදැමීමට සිදුකල උත්සහය අසාර්ථකවූ අතර  ශීත සෘතුව ආසන්නයේ වැසි හා තද සුළං හැමීම ඇරඹීමත් සමග ශීත සෘතු මෙහෙයුමකට තම හමුදාව සූදානම්ව නොපැමිණි බව අවබෝධකර ගත් ඔටෝමන් ජෙනරාල්වරුන් සටන අතහැරීමට තීරණය කලා.

සෙනරත් රජුගේ හමුදාවෙ කොටුවේ පෘතෘග්‍රීසි බලකොටුව බිඳදැමූ අයුරු

පෘතුගීසි බලකොටු වලට පහර දීමේදී මහනුවර හමුදා විසින් මැද යුගයේ යුරෝපීයයන් භාවිතා කළ ක්‍රමවේදයන් වන බළකොටුව වඩ්ටා ඇති ආරක්ෂක දිය අගල් වල ජලය ඉවත්කිරීම, බලකොටු බිත්ති යටින් උමං කැපීම සහ ඉණිමං ආධාරයෙන් බිත්ති තරණය කිරීම වැනි දෑ භාවිතා කලා. එහෙත්, බර කාලතුවක්කු නොමැති වීම සෑම විටම ඔවුන්ට අවාසියට බලපෑ සාධකයක් වූ බව අප පිළිගත යුතුය.

16 වන සියවස වන විට ඇතින් පහර දීම යල් පැන ගිය ක්‍රමයක් වුවද, යුධ අලි ඇතුන් මෙම වටලෑම් දෙකේදී ම භාවිතා කල බව ඉතිහාසඥ සී. ආර්. ද සිල්වා මහතා සිය ‘The Portuguese in Ceylon 1617-1638’ නම් කෘතියේ , සඳහන් කරනවා. කෙසේවෙතත් පෘතෘග්‍රීසි බළකොටුවේ දොරටු කඩාගෙන ඇතුලට යාමට තරම් ප්‍රමාණවත් තරම් යුධ අලි ඇතුන් සෙනරත් රජු සතුව නොසිටි බවද එහි සඳහන්. 

කාළතුවක්කු පමණක් නොව වෙඩිබෙහෙත් තුවක්කු (muskets) පවා සිංහල හමුදාව සතුවුනේ ඉතා සීමිත ගණනක්


ඇත්ත වශයෙන්ම, සිංහල හමුදා සතුව ප්‍රමාණවත් තරම් වෙඩිබෙහෙත් කොටන මස්කට් තුවක්කු පවා නොතිබුණි. ඒ වනවිටත් සිංහල හමුදාව දුනු, ඊතල, කඩු සහ හෙල්ල සහිත හමුදාවක් වූ අතර, එයට පාබල සේනාවේ කුඩා මස්කට් තුවක්කු සංඛ්‍යාවක් සහ ඉතා අඩු කාලතුවක්කු ප්‍රමාණයක් අතිරේක වශයෙන් එක්වී තිබුණි.

පෘතෘග්‍රීසි විරෝධී සටන් ආරම්භයේදී මායාදුන්නේ රජු සීතාවක සිට පෘතුගීසීන්ට එරෙහිව යුද්ධ කළ විට (දකුණු ඉන්දියාවේ) කැලිකට්හි සමෝරින් වැනි දකුණු ඉන්දීය මුස්ලිම් පාලකයන් මස්කට් ගිනි අවි සුලුප්‍රමාණයක් සපයා තිබුණා.

සිංහලයින් තුවක්කු නිපදවන්නට ඉගෙන ගනී

කාලයත් සමඟ මහනුවර සිංහලයන් දක්ෂ ගිනි අවි කර්මාන්ත ශිල්පීන් බවට පත්වීමට ඉගෙන ගත් අතර, මස්කට් තුවක්කු සහ වෙඩි බෙහෙත් නිෂ්පාදනය කිරීමට ඔවුන්ට හැකි විය. එහෙත් එම නිෂ්පාදන ධාරිතාව සීමා සහිත වූ බවත්, සිංහල හමුදාව තුළ මස්කට් තුවක්කුවක් වටිනා වස්තුවක් වන්නට ඇති බවත් අපට උපකල්පනය කළ හැකිය.

රැන්දෙණිවෙලදී සෙනරත් රජුගේ හමුදාව 12,000 ක් වූ අතර, මස්කට්කරුවන් සිටියේ දහසක් පමණි.

රන්දෙණිවෙල සටන (1630)

1630 අගෝස්තු මාසයේදී සිදු වූ රැන්දෙණිවෙල සටන, ශ්‍රී ලංකාවේ පෘතුගීසි හමුදාවන්ට එරෙහිව මහනුවර රාජධානිය ලැබූ තීරණාත්මක හා විනාශකාරී හමුදා ජයග්‍රහණයකි. දිවයිනේ ඔවුන්ගේ පාලන සමයේදී පෘතුගීසීන් ලැබූ අතිශය වැදගත් පරාජයන් අතරින් මෙය ද එකක් ලෙස සැලකේ.

පෘතුගීසි සේනාධිනායක කොන්ස්ටන්ටිනෝ ද සා ද නොරොන්හා, මහනුවර ප්‍රදේශයට ප්‍රධාන ආක්‍රමණයක් දියත් කිරීමට තීරණය කිරීමත් සමඟ මෙම සටන ආරම්භ විය. කෙසේ වෙතත්, ඔහුගේ හමුදා මෙහෙයුම ආරම්භයේ සිටම අසාර්ථක වීමට හේතු වූයේ, මහනුවර අරමුණට වඩ වඩාත් පක්ෂපාතී වූ ඔහුගේ ලස්කිරිඤ්ඤ සෙබළුන් (කුලී හේවායන්) අතර පැවති අභ්‍යන්තර අසහනයයි.

ද සා සිය හමුදාව මහනුවර රාජධානියේ අභ්‍යන්තරයට ගෙනගිය අතර සෙනරත් රජුගේ සෙනෙවියන් සුප්‍රකට කන්ද උඩරට යුද උපක්‍රම භාවිතා කරමින් සෙනරත් රජු, පෘතුගීසීන් රැන්දෙණිවෙල අසලදී අවාසිදායක වනගත ප්‍රදේශයකට ගෙන්වා ගැනීමට සමත් විය.

තීරණාත්මක වශයෙන්, සටන ආරම්භ වීමට මොහොතකට පෙර, පෘතුගීසි හමුදාවේ විශාල කොටසක් වූ ලස්කිරිඤ්ඤ සේනාංක, සමූහ වශයෙන් සිංහල පාර්ශ්වයට පලා ගියහ. මෙම හදිසි වෙනස පෘතුගීසි බලය සහ වීරිය දැඩි ලෙස අඩපණ කළේය. සිය හමුදා ශක්තිය විනාශකාරී ලෙස අඩු වී ගැලවීමක් නොමැති ලෙස කොටුවිය කොටු විය. 

සිංහල හමුදා දරුණු ප්‍රහාරයක් එල්ල කළහ. ඉතිරි වූ පෘතුගීසි, ලස්කිරිඤ්ඤ සොල්දාදුවන් නිර්භීතව සටන් කළ නමුත් ඔවුන් සම්පූර්ණයෙන්ම යටපත් විය.


Comments