අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

IAF Tejas crash at Dubai Air Show - We we ever know how or why?



2025 නොවැම්බර් 21 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි අල් මක්තූම් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පැවති ඩුබායි ගුවන් ප්‍රදර්ශනයේ ගුවන් සංදර්ශනයක් අතරතුර 2025 HAL තේජස් යානයක් කඩා වැටුනා. ඉන්දියානු ගුවන් හමුදාවට අයත්වූ අතර ප්‍රදර්ශණාත්මක ගුවන් සරඹ දැක්වීමක නිරතවෙමින් සිටියා.

තනි එන්ජිමක් සහිත Hindustan Aeronautics Limited සමාගමේ නිෂ්පාදනයක් වන තේජස් සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානයේ (tail number LA-5026) මූලික පරීක්ෂණ පියාසැරි 2011දී පවැත්වුවද මෙම යානයේ විවිධ ගැටලු හා තාක්ෂණික අභියෝග නිසා ඉන්දියන් ගුවන් හමුදාවේ ක්‍රියාකාරී සේවයට එක්වීම 2020 දක්වා ප්‍රමාද වුනා.

මූලික පරීක්ෂණ සහ ඇසින් දුටු සාක්ෂි වලට අනුව, ගුවන් යානය අඩි 500 (මීටර් 150) ට වඩා අඩු අතිශය පහත් උසකින් පියාසර කරමින් සිටි අතර සෘණ-G (negative G turn) හැරීමක් හෝ roll ක්‍රියාකාරකමක් සිදුකරන අතරතුර ස්ථාවරත්වය නැතිවීම හේතුවෙන් අනතුර සිදුවූ බවට බොහෝ ගගනවිද්‍යා විශේෂඥයින් සැක කරනවා.

අවසාන මොහොත දක්වාම ගුවන් නියමුවා ගුවන් යානය යථා තත්ත්වයට පත් කිරීමට සහ සමතුලිත කිරීමට උත්සාහ කළ නමුත් යානය ඉතාමත් පහලින් ගමන් කිරීම නිසා නියමුවාගේ වෑයම අසාර්ථකවී යානය පොලෙවේ ගැටුනා.



විශේෂඥයින් විසින් විවිධ හේතූන් අනුමාන කරන අතර ඒවා සමහරක්;

Human Error in High Risk Maneuver: විශේෂඥයින් කිහිප දෙනෙක් මෙම සිද්ධියට හේතුව අධි අවදානම් ගුවන් සංදර්ශනයක් අතරතුර නියමුවාගේ වැරදි විනිශ්චය හේතුවිය හැකි බව පවසනවා. විශේෂයෙන්ම යානය ඉතාමත් අණතුරුදායක ලෙස පහතින් ගමන් කල බවත්, ඒ අනුව යානය ඉහලට ගැනීමට ඇති කාලය ඉතා අවමවූ බවත් ඔවුන් පෙන්වා දෙනවා.

G-Force Induced Loss of Consciousness: සෘණ ගුරුත්ව මෙහෙයුම් වලදී නියමුවාගේ සිරුරට දරාගන්නට වන අධික ගුරුත්ව බලයෙන්, තාවකාලිකව මොලයට රුධිරය ගමන නැවතීම නිසා තත්පර කිහිපයකට නියමුවාට සිහි නැතිවීම හෝ දෘෂ්ඨිය විකෘතිවීම නිසා යානය මෙහෙයවාගන්නට නොහැකීවීම තවත් හේතුවක් ලෙස දක්වනවා. 

විශේෂයෙන්ම යානයට සවිකර ඇති Ejection Seat ක්‍රියාත්මක කර නියමුවා යානයෙන් ඉවත්වීමට කිසිදු උත්සාහයක් නොගත් බවට පෙනීම නිසා නියමුවාගේ සිහිමූර්ජා වීමේ තර්කයට ප්‍රභල තල්ලුවක් ලැබෙනවා.

Technical or Mechanical Anomalies: මීට අමතරව, අධිවේගී ක්‍රියාන්විතයේදී යානයේ එන්ජිමේ බලය එක්වරම අඩුවීම, පාලන පෘෂ්ඨවල දෝශ (failing control surfaces) හා යානයේ එන්ජිමට ඉන්ධන සැපයීමේ මාර්ග අවහිරවීම වැනි ගැටලුද යෝජනා වෙනවා.

අපිට කවදා හෝ කොහොමද, ඇයි කියලා දැනගන්න ලැබේවිද? ඉන්දියාව බොහෝ දුරට ඇත්ත වසන් කරාවි

හේතුව කුමක් වුවත්, බොහෝ විට ඉන්දියානු බලධාරීන් එය වසන් කිරීමට හොඳටම ඉඩ තිබෙනවා. 

2025 මැයි මාසයේ ඉන්දියන් ගුවන් හමුදාවට අයත් ප්‍රංශයේ නිෂ්පාදිත රෆාලේ යානා බිමහෙලූ බව පාකිස්ථානය පවසා සිටියා. ඉන්දියාව එය තරයේ ප්‍රතික්ෂේප කලා මිස කිසිම අවස්ථාවක වෙනත් තොරතුරු හා සාක්ෂි කිසිවක් ඉදිරිපත් කලේ නෑ.

ඔපරේෂන් සින්දූර් ලෙස ඉන්දියාව නම් කල මෙම ප්‍රහාරයේදී, ඇමරිකාව පවා පුදුම කරමින් පාකිස්ථානය ඉන්දියන් ගුවන් ප්‍රහාර ව්‍යර්ථකරන්නටත් දැඩි ලෙස ප්‍රතිපහාර එල්ල කරන්නට සමත්වුනා.

අදටත් ඇත්තටම ඉන්දියානු ගුවන් හමුදාවට සිදුවූ හානි වල සැබෑ තොරතුරු කිසිවන් ඉන්දියානු පාර්ලිමේන්තුවට පවා දැනුම් දි නෑ.

පකිස්ථාන පාර්ශවයන්ගේ ප්‍රකාශයන්ට අනුව ඉන්දීය ගුවන් හමුදාවට (IAF) අයත් ගුවන් යානා පහක් හෝ හයක් බිම හෙළා ඇති අතර, ඒවා අතර රෆාල් යානා තුනක්, Su-30MKI යානයක්, මිග්-29 යානයක් සහ මිරාජ්-2000 යානයක් ද වෙනවා.

මේවා ප්‍රධාන වශයෙන් J-10C ප්‍රහාරක යානා මගින් PL-15E මිසයිල භාවිතයෙන් සිදු සිදුකල බවට පාකිස්ථානය පවසනවා.

එක්සත් ජනපද කොන්ග්‍රස් වාර්තාවක් සහ යුරෝපීය විශ්ලේෂණවලින් තහවුරු කළ තොරතුරුවලට අනුව ඉන්දියන් ගුවන් හමුදාවට යානා තුනක් අහිමිවුනා. (එක් රෆාල්, එක් Su-30MKI, එක් මිරාජ්-2000)  මීට අමතරව තවත් යානා වලට හානි සිදුවී තිබිය හැකි බවට අනුමාන කෙරෙනවා. කෙසේ වෙතත්, කඩා වැටුනු යානාවල නියමුවන් බේරාගන්නට හැකිවී තිබෙන බව තහවුරු කල හැකියි.



Comments