අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

Las Vegas Heineken F1 Race Report 2025 | F1 ලාස් වේගාස් F1 ධාවන වාර්තාව

2025 නොවැම්බර් 23 වන ඉරිදා පැවති F1 ලාස් වේගාස් ග්‍රෑන්ඩ් ප්‍රී තරගය මැක්ස් වර්ස්ටැපන් විසින් ජයග්‍රහණය කලා. මැක්ලරන් කණ්ඩායමේ ලැන්ඩෝ නොරිස් දෙවැනි තැනටද පෙට්‍රොනාස් මර්සෙඩීස් කණ්ඩායමේ ජෝර්ජ් රසල් තුන්වැනි තැනටද පත්වෙමින් තරඟය අවසන් වුනා. 

තරඟයෙන් පසු, ධාවනය කල රථ සියල්ල F1 නියාමන ආයතනය වන FIA තාක්ෂණවේදීන්ගේ සියුම් විමසුමට ලක්වෙන අතර මෙම සමාලෝචන විමසුමේදී 2025 F1 මැක්ලරන් (McLaren) රථ දෙකම යම් නියාමනයන් කඩවෙන ලෙස ගොඩනගා ඇති බව තාක්ෂණවේදීන් තීරණය කලා. ඒ අනුව තරඟතීරකයින් ලැන්ඩෝ  නොරිස් (Lando Norris)  හා ඔස්කා පියාස්ට්‍රිගේ(Oscar Piastri)  තරඟ අවලංගු කොට, ලබාගත් ලකුණුද අහෝසිකලා.

මෙයින් තුන්වැනි තැන සිටි මර්සෙඩීස් ධාවක ජෝර්ජ් රසල්ට දෙවැනි තැනත්, සිව් වැනි තැන සිටි මර්සෙඩීස් ධාවක කිමී ඇන්ටොනෙලි තුන්වැනි තැනටත් පත්වුනා.

මේ අනුව 2025 F1 ශූරයා වීමේ තුන්කොන් සටනක නිරතවෙමින් සිටින රෙඩ් බුල් ධාවක මැක්ස් වෙස්ටපන්, මැක්ලරන් ධාවක ලැන්ඩෝ නොරිස් හා ඔස්කාර් පියැස්ට්‍රිගේ ලකුණු පෙලගැස්ම වෙනස් වුනා. 

ඒ අනුව ඉදිරියෙන්ම සිටි ලැන්ඩෝට ලාස් වේගාස් ලකුණු අහෝසිවීම නිසා පසුබෑමකට ලක්වී, එහි වාසිය මැස්ක් වෙස්ටැපන්ට ලැබුණා. කෙසේ වෙතත් තවමත් ලැන්ඩෝ නොරිස් ලකුණු පුවරුවේ ඉදිරියෙන් සිටිනවා.

2025 F1 රේස් කැලැන්ඩරයේ ඉතිරිව ඇත්තේ තවත් ධාවන තරඟ දෙකක් පමණයි. ඒ දෙකම මැදපෙරදිග පැවැත්වෙන අතර නොවැම්බර් 30 වැනිදා කටාර් රාජ්‍යයේ ලුසෙයිල් ජාත්‍යන්තර ධාවන පථයේදී (Lusail International Circuit) පැවැත්වෙන අතර අවසාන තරඟය අබුඩාබි යෑස් මැරීනා ධාවන පථයේදී (Yas Marina Circuit) දෙසැම්බර් 7 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Comments