අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

Nvidia CEO tells staff to automate every task with AI


Nvidia ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං (Jensen Huang) පසුගිය සතියේ පැවති අභ්‍යන්තර හමුවකදී සේවකයන්, AI තාක්ෂණය උපයෝගී කරගෙන කළ හැකි සෑම කාර්යයක්ම ස්වයංක්‍රීය කිරීමට උත්සහකල යුතුබවට විශේෂ ඉල්ලීමක් කලා.

"කෘතිම බුද්ධිය (AI) මගින් ස්වයංක්‍රීය කළ හැකි සෑම කාර්යයක්ම කෘතිම බුද්ධිය මගින් ස්වයංක්‍රීය කිරීමට මට අවශ්‍යයි,"  බ්‍රහස්පතින්දා පැවති රැස්වීමේදී ජෙන්සන් අවධාරණය කර සිටියා.

ජෙන්සන් Nvidia හි මෘදුකාංග ඉංජිනේරුවන් දැනටමත් තාක්‍ෂණික ක්‍ෂේත්‍රය පුරා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින AI Coding Assistant මෘදුකාංගයක් වන Cursor භාවිතා කරන බවයි.

කෘතිම බුද්ධිය (AI) හේතුවෙන් රැකියා අහිමිවීම පිළිබඳව, අධිතාක්ෂණික සමාගම් හා කොටස් වෙළඳපොලේ ලයිස්තුගත විශාල සමාගම් වෙත විවිධ චෝදනා එල්ලවෙමින් තිබුණද, Nvidia සමාගම සිය ශ්‍රම බලකාය වේගයෙන් පුළුල් කරන බව හුවාං (Huang) අවධාරණය කළේය. 

සමාගම පසුගිය කාර්තුව තුළ දහස් ගණනක් පිරිස් බඳවාගෙන ඇති අතර, තවමත් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා සේවකයන් 10,000ක පමණ හිඟයක් තවමත් පවතින බවත් ඔහු හෙලිකලා.

Comments