අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

Formula 1 Las Vegas Grand Prix 2025 | 2025 ලාස් වේගාස් ග්‍රෑන්ඩ් ප්‍රී තරගය

 

හයිනිකෙන් බීර සන්නාමය ප්‍රධාන අනුග්‍රය දක්වන බැවින් Formula 1 Heineken Las Vegas Grand Prix ලෙස හඳුන්වන 2025 ලාස් වේගාස් ග්‍රෑන්ඩ් ප්‍රී තරගය මේ ඉරිදා පැවැත්වීමට නියමිතයි. 

ධනවතුන්ගේ කෙලිබිමක් වන සුප්‍රකට ලාස් වේගාස් නගරයේ ෆෝමියුලා 1 ධාවන තරගය පැවැත්වෙන තුන්වන අවස්ථාව මෙයයි. 

මෙම තරගය රාත්‍රී කාලයේදී පැවැත්වෙන අතර ධාවන පථය සුප්‍රසිද්ධ ලාස් වේගාස් ස්ට්‍රිප් නමින් හැඳින්වෙන මාවත මූලික කරගෙන නිමවා ඇත. මෙය ස්ට්‍රීට් රේස් එකක් හෙවත් සාමාන්‍ය වාහන යන මහාමාර්ග වෙන්කොට ධාවනය පථයක් ලෙස සකස් කර පවත්වන ධාවන තරඟයකි.


මෙම ධාවන පථය කිලෝමීටර 6.201 ක් (සැතපුම් 3.85 ක් පමණ) දිගුවන අතර වංගු 17ක ධාවන පථයක් ලෙස නිමවා ඇත. ධාවන පථයට ලාස් වේගාස් බුලෙවාර්ඩ් ලෙස හැඳින්වෙන කිලෝමීටර් 1.9ක් දිග මාවත් කොටසක් ද ඇති අතර, මෙම කොටස ධාවන පථයේ DRS ක්‍රියාත්මක කල හැකි අධිවේගී DRS Zone දෙකෙන් එකකි.

රියදුරන් සීසර්ස් පැලස් (Caesars Palace), බෙලාජියෝ (Bellagio), සහ වැනිෂියන් (Venetian) වැනි ප්‍රධාන සන්ධිස්ථාන පසු කරමින් ධාවනයේ යෙදෙනු ඇති අතර. මෙම තරගය, ලාස් වේගාස් ප්‍රසිද්ධියක් උසුලන ධාවන සහ විනෝදාස්වාදයේ සුවිශේෂී සම්මිශ්‍රණයක් F1 ලෝලීන්ට ලබාදෙන්නට සූදානම්.

DRS Zone වලදී ධාවකයින් පැයට කිලෝමීටර් 340කට අධික වේගයක් වාර්තා කරනු ඇති. ඒ අනුව ලාස් වේගාස් ධාවන පථය, අධිවේගී F1 ධාවන පථවලින් එකක්. 

2025 ලාස් වේගාස් ග්‍රෑන්ඩ් ප්‍රී තරගයේ රියදුරන් කිලෝමීටර 6.201 ක් දිග ලාස් වේගාස් ස්ට්‍රිප් පථයේ වට 50ක් ගමන් කල යුතු අතර කලින් සඳහන් කල පරිදි වංගු 17ක්, අධිවේගී DRS කලාප දෙකක් සෑම වටයකදීම සම්පූර්ණ කලයුතු දුෂ්කර ධාවන පථයකි.

තරඟ කාල සටහන පහතින් දක්වා තිබෙනවා. 


වැසි සහිත කාළගුණය නිසා තෙත් වූ ධාවන පථ තත්ත්වයන් යටතේ සුදුසුකම් ලැබීමේ වටයන් (Qualifying races) අවසන් වූ අතර, එය රියදුරන්ගේ ශූරතාවලිය (Drivers' Championship) සඳහා තීරණාත්මක තරගයක් වීමට ඇවැසි තත්වයන් මේ වන විට නිර්මාණය කර තිබෙනවා.

මැක්ලරන් (McLaren) කණ්ඩායමේ ලැන්ඩෝ නොරිස් (Lando Norris) වේගවත්ම ධාවකයා ලෙස හෙවත් පථයේ ඉදියෙන්ම සිටීමේ Pole Position (P1) හිමිකර ගත් අතර, රෙඩ් බුල් (Red Bull) කණ්ඩායමේ මැක්ස් වර්ස්ටැපන් (Max Verstappen) P2 ස්ථානයේ සහ විලියම්ස් කණ්ඩායමේ කාලෝස් සයින්ස් P3 ස්ථානය හිමිකර ගත්තා.

ඒ අනුව ඉරිදා (23) ඇමරිකානු පැසිෆික් වේලාවෙන් (PT) සවස 5.00ට ඇරඹීමට නියමිත 2025 හයිනිකෙන් ලාස් වේගාස් ග්‍රෑන්ඩ් ප්‍රී තරඟාවලියේ ධාවකයින් 20 දෙනා හා ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් 10ය පෙලගැසී සිටින ආකාරය පහතින් පෙනෙනවා.



Comments