NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

යුරෝපයේ 2035 සිට පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ අලෙවිය තහනම - යලි සලකා බැලේ


Electric cars lose their mojo in Europe

2023 පෙබරවාරියේ මා විසින් පල කල ලිපියක - 2035 වර්ශයේ සිට පැට්‍රල් ඩීසල් (ICE) වාහන අලෙවිය තහනම් කිරීමේ තීරණය ගැන වාර්තා කලා. 

 එහෙත් 2025 නොවැම්බරය වනවිට යුරෝපයේ ඉලෙක්ට්‍රික් වාහන ඇල්ම බොහෝ ලෙස අඩුවී, ඉලෙක්ට්‍රික් වාහන අලෙවිය කඩාවැටී තිබෙනවා. 

 මේ වනවිට යුරෝපයේ ඉලෙක්ට්‍රික් වාහන අලෙවිය මන්දගාමී වී ඇති අතර, 2024 සිට ගණන් බැලූවිට ඉලෙක්ට්‍රික් වාහන අලෙවිය මුලුවාහන අලෙවියෙන් 16%කට සීමා වී තිබෙනවා.

ඒ අනුව යුරෝපයේ වාහන කර්මාණ්තයේ පතාක යෝධයින් වෙන වොක්ස්වැගන්, ස්ටෙලෑන්ටිස් (ෆියට්, පර්ජෝ, සිට්‍රියොන්, වොක්සෝල්, ඇල්ෆා-රොමේයෝ) රෙනෝ වැනි සමාගම් වල ඉලෙක්ට්‍රිෆිකේෂන් සැලසුම්, එනම් ICE වාහන කර්මාණ්තශාලා ක්‍රමයෙන් වසා දමමින් ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනය වේගවත් කිරීමේ සැලසුම් පසුබාමින් තිබෙනවා.

Chinese control of electric vehicle supply chain shocks European Governments

එමෙන්ම, චීනය ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනයේ සම්පූර්ණ සැපයුම් දාමය, එනම් අමුද්‍රව්‍ය, බැටරි, මෝටර්, මෝටර් සඳහා අවශ්‍යවන මිල අධික Rare-Earth Magnets, මයික්‍රෝප්‍රොසෙසර් ආදී සියලුම අංශ වල නිෂ්පාදනය තමන් සතුකර ගැනීමද යුරෝපය දැඩි තිගස්මකට ලක් කර තිබෙනවා.

මේ වනවිට බොහෝ යුරෝපා මෝටර් රථ සමාගම් තමන්ට ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනයේදී කිසිලෙසකින් වත් චීනය සමග තරඟකල නොහැකි බවට අවබෝධකරගෙන තිබෙනවා.

යුරෝපයේ ආණ්ඩුවල ඉලෙට්‍රික් වාහන ගැන ඇති ඇල්ම ශුන්‍යවෙමින් යාමට ප්‍රධාන හේතුවක් ලෙස චීනයේ ඉලෙක්ට්‍රික් වාහන සැපයුම් දාමයේ පාලනයත්, චිනයේ BYD, Xiaomi, SAIC, Geely, Chery වැනි සමාගම් අති නවීන පහසුකම් ඇති ඉලෙක්ට්‍රික් වාහන අඩු මිලට වෙළඳපොලට එවීමත් තවත් හේතුවක්.

European Commission has scheduled a review of the 2035 rules to December 2025

ICE වාහන තහනම පිලිබඳ යුරෝපීය කොමිසමේ 2035 නීති සමාලෝචනය 2026ට මුලින් යොදා තිබුනත් දැන් එය සිට 2025 දෙසැම්බර් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

My 2023 Original Post about 2035 ICE rules of EU 

2035 අයිස් වාහන තහනම පිලිබඳව මා 2023 පෙබරවාරියේ ලියූ ලිපිය පහතින් කියවන්න පුලුවන්
 
Europe to phase out ICE vehicles completely by 2035 - February, 2023      

දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම අරමුණු කරගත් නීතියක් යුරෝපා පාර්ලිමේන්තුව අනුමත කිරීමෙන් පසු 2035 සිට නව පෙට්‍රල් සහ ඩීසල් කාර් සහ වෑන් විකිණීම යුරෝපා සංගමය තුළ තහනම් කෙරේ.

2035 වන විට අලෙවි කරන නව මෝටර් රථ සහ වෑන් රථවලින් CO2 විමෝචනය සියයට 100කින් කපා හැරීමට මෝටර් රථ නිෂ්පාදකයින්ට සිදු වනු ඇත. 

මෙමගින් එම දිනයේ සිට යුරෝපා සංගමය තුළ නව අභ්‍යන්තර දහන එන්ජින් බලැති වාහන විකිණීමට නොහැකි වනු ඇත.

ඒ අනුව 2035 සිට යුරෝපය තුල ඉලෙක්ට්‍රික් වාහන හෝ හයිඩ්‍රජන් වැනි පිරිසිදු ඉන්ධනයකින් ධාවනය වන වාහන පමණක් විකිණීමට මෝටර් රථ නිෂ්පාදකයින්ට සිදුවෙයි.



Comments