අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

Tesla aims to be one of the biggest AI chip designers in the world - Elon Musk


ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක් (Elon Musk) කෘත්‍රිම බුද්ධි (AI) චිප් නිර්මාණකරුවන් සඳහා සෘජු බඳවා ගැනීමේ වැඩසටහනක් ආරම්භ 
කර තිබෙනවා.

ඔහු පවසන අන්දමට සමාගම දැනටමත්, ලෝකයේ විශාලම කෘත්‍රිම බුද්ධි ප්‍රොසෙසර් චිප් නිෂ්පාදනයේ විශාලතම් සමාගමක් වෙලා. සමාගම සිය පස්වන පරම්පරාවේ AI චිපයේ වැඩ අවසන් කරමින් සිටින බවත්, ඊට සමගාමීව හයවන පරම්පරාවේ චිපය සඳහා වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් ඔහු මෙහිදී හෙලිකලා.

මස්ක් ගේ මේ ක්‍රියාන්විතය අභිරුචි AI දෘඪාංග නිෂ්පාදනයේ (customised AI hardware production) ආධිපත්‍යය දැරීමේ ආක්‍රමණශීලී සැලැස්මක් වියයුතු බවට තාක්ෂණික  කර්මාණ්තයේ විචාරකයින් පවසනවා.

මස්ක් X ක්ෂුද්‍ර බ්ලොග් අඩවියේ (micro-blogging site X) හෙළි කළේ, ටෙස්ලා (Tesla) සමාගම සිය වාහන සමූහය සහ දත්ත මධ්‍යස්ථාන (data centers) වල ටෙස්ලා විසින්ම නිර්මාණය කල කෘත්‍රිම බුද්ධි (AI) චිප් මිලියන ගණනක් යොදවා ඇති බවයි. වත්මන් Tesla AI4 පරම්පරාව ටෙස්ලා මෝටර් රථවල සම්පූර්ණ ස්වයං-රිය පැදවීමේ පද්ධති (Full Self-Driving systems) බලගන්වන බවද ඔහු සඳහන් කළේය.

"අපගේ ඉලක්කය වන්නේ සෑම මාස 12කට වරක්ම නව AI චිප් නිර්මාණයක් විශාල පරිමාණයෙන් නිෂ්පාදනයට ගෙන ඒමයි.." මස්ක් සිය X පෝස්ටුවක වැඩි දුරටත් සඳහන් කර සිටිනවා. 

"අවසානයේදී අනෙකුත් සියලුම AI චිප් නිෂ්පාදනයන්හි සම්පූර්ණ එකතුවට වඩා වැඩි ප්‍රමාණයකින් ටෙස්ලා චිප් නිෂ්පාදනය කරනු ඇතැයි" මස්ක් සිය අනාගත සැලසුමක් හෙලිකරමින්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ සියළුම අංශවල (AI full stack) සිය ආධිපත්‍යය පැතිරවීමේ අභිප්‍රාය ප්‍රචලිත කලා.

ටෙස්ලා හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස, මස්ක් (Musk) චිප් වැඩසටහනට (chip program) ඔහුගේ පෞද්ගලික මැදිහත්වීම හෙළි කරමින් තමන් ඉංජිනේරු කණ්ඩායම සමඟ සෑම අඟහරුවාදා සහ සෙනසුරාදා දිනකම තමන් හමුවන බව ඔහු ප්‍රකාශ කලා.

FEATURED POST


ටෙස්ලා (Tesla) සිය චිප් මාර්ග සිතියම (chip roadmap) අනුව TSMC සහ Samsung යන දෙකම සමඟ නිෂ්පාදන ගිවිසුම් ඇතිකරගෙන සිටින බව හෙලිකලා.

TSMC විසින් තායිවානයේ (Taiwan) සහ ඇරිසෝනාහි (Arizona) පහසුකම්වල AI5 චිප් නිෂ්පාදනය කරනු ඇති අතර, Samsung  ටෙක්සාස් ප්‍රාන්තයේ ඉදිකරන නවතම මයික්‍රෝප්‍රොසෙසර් නිෂ්පාදන මධ්‍යස්ථානයේදී ටෙස්ලා චිප් නිෂ්පාදනය කිරීමට සූදානම් වෙනවා. මේ සඳහා සැම්සුංග් සමග 2033 දක්වා වලංගු ඩොලර් බිලියන 16.5 ක ගිවිසුමකට දැනටමත් ටෙස්ලා එළඹ තිබෙනවා.

මස්ක් හෙලිකල කාලසටහනට අනුව, AI5 චිපය 2026 දී සීමිත නිෂ්පාදනය  නියමිත අතර, ඇරඹීමට නියමිත අතර, අලුත් චිපයක් නිෂ්පාදනයේදී මුහුණ දෙන මූලික ගැටලු (teething issues) විසඳීමෙන් පසුව 2027 මුල් කාර්තුවේ මහා පරිමාණයෙන් AI5 චිපය නිපදවීමට සැලසුම්කර තිබෙනවා.

AI6 2028 මැද භාගය සඳහා සැලසුම් කර ඇති අතර, එහි නිර්මාණ කටයුතු AI5 චිපයේ නිර්මාණ කාළයට වඩා බෙහෙවින් අඩුවනු ඇතයි ඔහු පවසනවා.

මෙම මුලපිරීම මඟින්, AI චිප් වෙළඳපොළේ ප්‍රමුඛයා වන Nvidia සමාගමට හවුල්කරුවෙකු මෙන්ම තරඟකරුවෙකු ලෙසද ටෙස්ලා ක්‍රියාකරනවා. ටෙස්ලා සිය ග්‍රොක් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ගොඩනැගීමට එන්විඩියා චිප් සිය පරිගණක මධ්‍යස්ථානවල භාවිතා කරන නමුත් ටෙස්ලා වාහනවල ඇති සෙල්ෆ් ඩ්‍රයිව් කෘත්‍රිම බුද්ධි මෘදුකාංග ටෙස්ලා AI චිප් භාවිතයෙන් ක්‍රියාත්මක වෙනවා.

Comments