LG සමාගම නිර්මාණය කල කඩදාසියක් මෙන් රෝල්කල හැකි LED රූපවාහිණී තිර තාක්ශණය | LG unveils flexible TV



රෝල් කරගෙන ගෙනයා හැකි අපූරු රූපවාහිනී තිරයක් නිපදවීමට දකුණු කොරියාවේ එල්.ජී ඉලෙක්ට්‍රෝනික උපකරණ නිෂ්පාදක සමාගම සමත්ව තිබේ. අගල් 18 ක් පමණ වන මෙම රූපවාහිනී තිරය කඩදාසි කොළයක් සේ රෝල් කළ  හැකිය. එල්ජී සමාගමට අනුව මෙම තිරයට 1200x810 විබේධනයක් ඇති අතර මෙගාපික්සල් මිලියනයකින් සමන්විතය.

OLED (organic light-emitting diode)  තාක්ශණය යොදාගෙන නිර්මාණය කොට ඇති මෙය නැමිය හැකි නිසා ප්‍රොජෙක්ටර් තිරයක් මෙන් රෝල් කොට අකුලා තැබිය හැකිය. නොකියා, සැම්සුන්ග් හා ඇපල් සමාගම්ද මෙවැනි සුනම්‍ය (flexible) LED තිර පිලිබඳව පර්යේෂණ සිදුකරනමුත් එල්ජී සමාගම ඔවුන් අභිබවා එම තාක්ශණය දියුණුකර ගැනීමට සමත්වී ඇත.

මෙම තිරය නිපදවීම සදහා එල්.ජී සමාගම දැනට පවතින උසස්ම තාක්ෂණික ක‍්‍රම භාවිතා කර තිබෙන අතර එනිසාවෙන්ම දැනට වෙළදපොළෙහි ඇති රූපවාහිනී තිර වලට වඩා ඉහළ විභේදන බලයක් හා දීප්තියක් මෙම තිරයෙන් ලබාගත හැකියැයි සදහන් වෙයි. තිරයේ ප‍්‍රමාණය අඟල් 18 කට වඩා තවත් කොපමණ දුරකට විශාල කළ හැකිදැයි සොයාබැලීමට එල්.ජී. සමාගම පර්යේෂණ කරමින් සිටී.

එල්ජී සමාගමේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානියා පවසන අන්තමට 2017 වසර වන විට අඟල් 60ක් විශාල සුනම්‍ය, දීප්තිමත් 4K LED තිර වෙලඳපොලට හඳුන්වාදීමට සියල්ල සූදානම්ය. 4K

LG සමාගම පවසන ආකාරයට මෙවැනි සුනම්‍ය තිර නිපදවීමෙන් ඇතිවන තවත් ප්‍රධාන වාසියක් නම් විශාල ප්‍රමාණයේ රූපවාහිණී ප්‍රවාහණයේදී හා ගබඩා කිරීමෙදී ඇති පහසුවයි. දැන් අඟල් 60ක පමණ රූපවාහිණියක් ගබඩා කිරීමේදී හා ප්‍රවාහණය කිරීමේදී විශාල ඉඩක් හා මුදලක් වැයවන නමුත් රෝල් කල හැකි රූපවාහිණී තාක්ශණය දියුණුවීමෙන් පසු අතිවිශාල තිර සහිත රූපවාහිණී යන්තර අඩු ඉඩකින්, අඩු පිරිවැයකින් ප්‍රවාහනය කිරීමේ හා ගබඩා කිරීමේ ඉඩ නිශ්පාදකයින්ට හා රූපවාහිණී වෙළෙන්දන්ට හැකිවේ. මෙවැනි රූපවාහිණී ටියුබ වල බහා ප්‍රවාහණය කිරීමට හා විකිණීමට හැකිවනු ඇත.

එපමණක් නොව එල්ජී සමාගම පාරදෘශ්‍ය (transparent) LED තිර තාක්ශණයක්ද නිර්මාණය කොට ඇත. දැනට 30% පාරදෘශ්‍ය භාවයක් මෙම තිරවලට ඇති අතර ඉදිරියේදී 100% පාරදෘශ්‍ය තිර නිපදවීමට හැකිවෙතයි අනුමාන කෙරේ. එල්ජී සමාගම පවසන ආකාරයට මෙවන් පාරදෘශ්‍ය LED නිර්මාණය කිරීමෙන් අනවශ්‍ය වෙලාවලදී රූපවාහිණියක් බිත්තියක් මත කිසිවෙකුටත් නොපෙනෙන ආකාරයට තැබිය හැකිය. එම ස්ථානයේ රූපවාහිණියක් ඇති බව දැනගන්නට හැක්කේ එය ක්‍රියාත්මක වනවිට පමණකි.






  Source:
http://www.lankadeepa.lk/index.php/articles/249628
http://www.cnet.com/news/lg-unveils-flexible-tv-panel-that-can-be-rolled-up-to-3cm/

Comments

  1. ඔබගේ බ්ලොග් අඩවියේ පලවන ලිපි කතෘ අයිතියට හානි නොවන ලෙස අපගේ බ්ලොග් අඩවියේ පල කල හැකි දැයි කාරුණිකව දන්වන්න.

    ReplyDelete

Post a Comment