අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

පෘථිවිය 2.0 සොයාගැනේ? | Earth 2.0 found?

පෘථිවියේ නිවුන් සොයුරිය යැයි විද්‍යාඥයින් පවසන ප්‍රොක්සිමා සෙන්ටෝරි තාරකාව වටා ගමන් කරන ග්‍රහලෝකය සිත්තර ඇසින්



























නාසා ආයතනයේ කෙප්ලර් අභ්‍යවකාශ නිරීක්ශණ යානයෙන් ගන්නා ලද ඡායාරූප හා දත්ත ආධාරයෙන්, යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියට අයත් දකුණු යුරෝපීය අභ්‍යවකාශ නිරීක්ශණ ආයතනය (Southern European Observatory) මගින්, පෘථිවියට ආසන්නයේම ඇති ප්‍රොක්සිමා සෙන්ටෝරි තාරකාව වටා බ්‍රමණය වන පෘථිවියට ඉතාම සමාන ග්‍රහලෝකයක් සොයාගෙන ඇත.

මෙම ග්‍රහලෝකය, ප්‍රොක්සිමා සෙන්ටෝරි වටා ගමන් කරන කක්ෂය, ග්‍රහලෝකය මත ද්‍රව ජලය හටගැනීමට තුඩුදෙන පරාසයේ පවතින බව විද්‍යාඥයින් පවසනවා. "ගෝල්ඩිලොක්ස් zone" ලෙස හඳුන්වන මෙම පරාසයට වඩා ඇතුලත කක්ශයක ග්‍රහයා ගමන් කරන්නේනම්, තාරකාවට ආසන්නවීම නිසා දැඩි උණුසුමෙන් ද්‍රව ජලය හටගන්න්නේ නෑ. ඈතින් පිහිටියහොත්, ශීතල අයිස් ග්‍රහලෝකයක් වනවා.

මෙම ග්‍රහලෝකය අයත් ප්‍රොක්සිමා සෙන්ටෝරි තාරකාව 1915දී පෘථිවියට ලඟින්ම ඇති තාරකාව ලෙස හඳුනාගන්නා ලද අතර එය ආලෝක වර්ශ 4.2ක් ඈතින් පවතින බවට ගණන්බලා තිබෙනවා.


කෙප්ලර් අභ්‍යවකාශ නිරීක්ශණ යානය විසින් මීට පෙරද ගෝල්ඩිලොක්ස් පරාසයේ ඇති ග්‍රහලෝක සොයාගෙන ඇති නමුත් පෘථිවියට ලඟින්ම ඇති තාරකාවේ මෙවන් ග්‍රහලෝකයක් ඇති බව සොයාගත් පලමු අවස්ථාවයි. අනාගතයේ වෙනත් සූර්යයෙකු වෙත් ගවේෂණ යානයක් යවන්නේ නම්, එය යැවීමට සුදුසුම තාරකාව බවට ප්‍රොක්සිමා සෙන්ටෝරි පත්ව තිබෙනවා. 

අද දිනයේ (අගෝස්තු 24) යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය මගින් පැවැත්වීමට නියමිත ප්‍රවෘත්ති සාකඡ්ඡාවකදී මෙම ග්‍රහලෝකය පිලිබඳ විස්තර නිළවශයෙන් ප්‍රකාශ කෙරෙනු ඇති.

http://www.dailymail.co.uk/sciencetech/article-3754523/A-second-Earth-revealed-tomorrow-Habitable-planet-orbiting-sun-s-neighbour-host-alien-life.html

__________________________________________________________________________ Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments