PVC පයිප්ප වලින් බයිසිකල් පාක් කරන්න Bicycle Stand එකක් හදමු!! - Lets make a bicycle stand with PVC pipes!!

PVC පයිප්ප වලින් මම හදපු බයිසිකල් ස්ටෑන්ඩ් එක
නිවාඩුකාලේ ගෙදර කම්මැලිකමේ ඉන්න දුවලා පුතාලා එක්ක එකතුවෙලා එයාලගෙ බයිසිකල් පාර්ක් කරගන්න පුලුවන් PVC බයිසිකල් ස්ටැන්ඩ් එකක් හදමු.

මේවගේ බයිසිකල් 3ක් පාක් කරන්න පුලුවන් PVC බයිසිකල් ස්ටෑන්ඩ් එකක් ලේසියෙන්ම රුපියල් 2500කට අඩුවෙන් හදාගන්න පුලුවන්. මේ වගේ එකක් යකඩින් හදන්න අපේ ගෙවල් ලඟ පට්ටලෙන් රුපියල් 6500ක් යනවා කිව්වා.

හදාගන්න හැටි පියවරන් පියවර දාලා තියෙනවා.

අවශ්‍ය දේවල්

1" පයිප්ප ලෙන්ත් 4යි (අඩි 30ක කෑලි කපන්න පුලුවන් වෙන්නේ ලෙන්ත් 4ක් ගත්තොත් )

T කනෙක්ටර් 18යි

L කනෙක්ටර් 6යි

පයිප්ප ගම්


පයිප්ප කපා ගත යුතු පිලිවෙල.




පයිප්ප  අත් කියතකින් හරි හැක් සෝ එකකින් හරි පහත පිලිවෙලට කෑලි කපා ගන්න. 

අඟල් 18.5 කෑලි - 6යි
අඟල් 16.5 කෑලි - 6යි
අඟල් 9.5 කෑලි - 6යි
අඟල් 8.5 කෑලි - 6යි
අඟල් 1.75 කෑලි - 9යි


සවිකිරීම - පලමුවන පියවර | Assembly Step 01




අඟල් 18.5 කෑලි 6ය, අඟල් 9.5 කෑලි 6යට T කනෙක්ටර් ආධාරයෙන් සවිකර ගන්න - සැළකිය යුතුයි - දැන්ම පයිප්ප ගම් ගාලා අලවන්න එපා. ඔක්කොම හයිකරලා, වෙනස්කම් කරන්න ඕනෑනම් කරලා ඉවරවෙලා  ජොයින්ට් වලට ගම් ගාලා ෆික්ස් කරමු.

හයිකරල ඉවරවුනාම රූපයේ විධියට කෑලි ටික තියෙන්න ඕනෑ. මේ විධියටම තියාගන්න, එතකොට ඉදිරි එකලස් කිරීම් වලට පහසුයි.


සවිකිරීම - දෙවන පියවර | Assembly Step 02



T කනෙක්ටරයට අඟල් 8.5 කෑලි 6 අමුණාගන්න.


සවිකිරීම - තුන්වන පියවර | Assembly Step 03



රූපයේ පෙනෙන ආකාරයට අඟල් 18.5 කොටසට L හා T කනෙක්ටර් සම්බන්ධ කරගන්න

ඉන්පසු එම කනෙක්ටර් තුලට අඟල් 1.75 කැබලි 6 සම්බන්ධ කරන්න. රූප සටහනේ දකුණු කෙලවරේ මෙම සම්බන්ධ කිරීම කලයුතු ආකාරය පෙන්වා ඇත. වම් කෙලවරේ එය සවිකල පසු පෙනෙන ආකාරය දක්වා ඇත.

එය තවත් පැහැදිලිව පහත රූපවල දක්වා ඇත.





සවිකිරීම - සතරවන පියවර | Assembly Step 04




16.5 කෑලි දෙකක් රූපයේ පෙනෙන ආකාරයට සම්බන්ධ කරගන්න. දැන් මේ එකලස් කිරීම වෙනත් පැත්තකින් බැලූ විට පෙනෙන ආකාරය බලමු.



සවිකිරීම - පස්වන පියවර | Assembly Step 05



රූපසටහනේ පෙනෙන ආකාරයට 16.5 කැබැලි දෙකක්, 1.75 කැබලි 3 හා T හා L කනෙක්ටර් සවිකරගන්න.

සවිකිරීම - සයවැනි පියවර  | Assembly Step 06




ඉතිරි 16.5" කැබලි 2ක, 1.75 කැබලි 3 හා T හා L කනෙක්ටර් සවිකරගත් පසු ඔබගේ බයිසිකල් ස්ටැන්ඩ් එක සම්පූර්ණ වන අතර, එය මෙලෙස දිස්විය යුතුය.




මෙහි සයිකල් 3කට ඉඩ ඇති අතර, ගම් ආලේප කොට ජොයින්ට් සීල් කිරීමට පෙර නිවසේ ඇති බයිසිකල් මෙහි රඳවා සීරුමාරු කිරීම් කලයුතු දැයි බලන්න.

සයිකල් වල ඉදිරි රෝද අපහසුවකින් තොරව රූපයේ පෙනෙන ආකාරයට ඇතුලුකල හැකි අතර එවිට බයිසිකලට වෙනත් ආධාරකයක් නොමැතිව හොඳින් ස්ථාවරව තිබිය යුතුය.

ඔබගේ බයිසිකල් මහත රෝද ඇති මවුන්ටන් බයිසිකල් නම්, රෝද ඇතුලු කරන හිදැස පලල් මදි වන්නට පුලුවන්. එවිට කල යුත්තේ අඟල් 1.75 කැබැලි 9 වෙනුවට අඟල් 2" හෝ 2.25" වැනි කැබලි 9 කපාගෙන සවිකොට බැලීමයි. වෙනත් වෙනස් කමක් අවශ්‍ය නෑ.

























මම හදපු PVC බයිසිකල් ස්ටැන්ඩ් එක ඇත්තටම පේන විධිය වීඩියෝවකින් බලමු.











__________________________________________________________________________ Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments